Dunki (movie) බැලුවා. 🫠

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,803
    39,719
    113
    Homagama
    අවුරුද්දේ අන්තිම පාරට හෝල් එකක බලන ෆිල්ම් එක කියලා, dunki බලන්න ගියා මිත්‍රවරුනි. ශාරුක් නිසා නෙවෙයි මේක බලන්න ගියේ මගේ ආසම ඩිරෙක්ටර් කෙනෙක් වුන රාජ්කුමාර් හිරානි නිසා.(pk, 3 idiots , munanbai mbbs...)

    MV5BOWM3ODk3ZGItOGE3NS00N2Q5LTgxNmItYTc3M2I3OGQ2NjJkXkEyXkFqcGdeQXVyMTQzMTgzNzUy._V1_.jpg

    කතා තේමාව අලුත් නැ. මේක මිට කලින් ඉන්දියාවේ ෆිල්ම් හැදිලා තියන එකක්. අනවසර සංක්‍රමණ. ඉමොජි අක්කා මැදකදි අහනවා මේ "මිල්ලේ සොයා" වගේ නේ කියලා.

    ෆිල්ම් එක ඇවරේජ්. 5/10 කට වඩා මට දෙන්න බැ.
    ඩයිහාඩ් ශාරුක් ෆෑන් කෙනෙක්ට හැර මේක මාර වාව් කියන්න තරම් දෙයක් නැ. රාජ්කුමාර් හිරානි තමා වැරදි. ඌ මාරම ෆේල් මේකේදි. කිසිම හිරානි ගතියක් තිබ්බේ නැ. සුපිරියට කරන්න තිබුන plot එකක් අභව්‍ය දේවල් දාලා හාලා තිබ්බා. අනික ශාරුක් නිසා අනිත් අයගේ හොද රංගනය පවා යටගිහින් තිබ්බා.

    ශාරුක්ට මේ වගේ කතා තේමාවන් සෙට් නැ. ඌම හිතලා නවත්තන්න ඕනා මේවා ගන්න එක. මේ අවුරුද්දේ ම උගේ jawan ෆිල්ම් එක බලපු එකෙක් හරි ඉන්නවානම් දන්නවානේ නටපු නාඩගම. හැම එකෙන්ම චුට්ට චුට්ට දාපු අච්චාරුවක්.

    අවසාන වශයෙන්, හෝල් එකක සල්ලි වියදම් කරලා බලන්න තරම් දෙයක් නැ. කොපියක් ආවම බලපං. මම හිතන්නෙ ලගදිම netflix දායි.
     
    bonty89

    Well-known member
  • Feb 20, 2009
    3,863
    8,202
    113
    Dunki ගැන ඇහෙන කතා ඇත්ත ද.... ??
    මේ දිනවල සිනමාව ගැන උනන්දුවක් දක්වන බොහෝ දෙනෙක්ගේ ප්‍රධාන මාතෘකාව තමයි, Dunki කියන්නේ.
    ඉතිං ගොඩක් සමාජ මාධ්‍යයන්ගේ Dunki ගැන විවිධ අදහස් සංසරණය වෙනවා.
    ◼️◼️ රාජ්කුමාර් හිරානිගේ 3 Idiots, PK තරම් Dunki ගතියක් නෑලු.
    රාජ්කුමාර් හිරානි හැමදාමත් කළේ සමාජ ප්‍රශ්න දෙස සිනමාත්මක ඇසින් බලන එක.
    ◾ 3 Idiots තුළින් කතා කරපු අධ්‍යාපන ක්‍රමයේ ගැටලුව අපි හැමෝටම පොදු මාතෘකාවක් වුණා. විභාග ආශ්‍රිත කාරණා, ඉගැන්වීම් ක්‍රමවේද, ගුරුවරුන්ගේ දෝෂාරෝපණ ආදිය ගැන සමීප අත්දැකීම් අපටත් තිබුණු නිසා චිත්‍රපටය Feel උනා සැරටම.
    ◾ PK තුළින් මතු කළ ආගමික කාරණාත් අපි හැමෝටම පොදුයි. දේව භක්තිය, ඇදහිලි හා විශ්වාස, ආගමට මුවාවී කරන ප්‍රෝඩා ගැන සමීප අත්දැකීම් සහිත අපට චිත්‍රපටය සුපිරියටම Feel උනා.
    ◾ Dunki චිත්‍රපටයට තේමා වූ නීති විරෝධී සංක්‍රමණ කියන මාතෘකාව ගැන බහුතරයකට කිසිදු අත්දැකීමක් නැහැ. 3 Idiots හා PK වල අපි බැලුවේ අපේ කතාව උනාට Dunki වල බැලුවේ වෙන කාගෙද කතාවක්. ඒ නිසා කලින් චිත්‍රපට දෙකට සාපේක්ෂව Feel වෙනවා අඩුයි.
    ඒ නිසයි ගොඩක් අයට හිරානිගේ Standard එකට Dunki මදි වගේ දැනෙන්නෙ. ඒත් එතන තියෙන්නේ තේමාවේ දුරස්ථ බව කියන කාරණය.
    කොහොම උනත් අධ්‍යක්ෂකවරයෙකුගේ පෙර චිත්‍රපට ඔලුවෙ තියාගෙන චිත්‍රපට නරඹන එක ඒ අධ්‍යක්ෂකවරයාගෙ නව්‍ය පරිකල්පනයන්ට කරන අසාධාරණයක්.
    ඒ නිසා 3 Idiots හා PK අමතක කරලා Dunki දිහා බලන්න. නැවුම් පරිකල්පනයක අපූරුව පෙනේවි.
    ◼️◼️ Dunki චිත්‍රපටයේ Music & Songs සෙට් නෑලු
    මට වෙලාවකට හිතෙනවා Dunki ලබන අවුරුද්දේ මැද වගේ ආවනම් හොඳයි කියලා. මොකද තාම ගොඩක් අය ඉන්නෙ Jawan මානසිකත්වයෙ. තාමත් ඒ music කන් ඇතුලේ හොල්මන් කරනවා.
    Jawan චිත්‍රපටයේ Music වල තිබ්බේ Mass ගතියක්. ඒත් Social Drama එකක Music එහෙම වෙන්න බෑනෙ.
    ඒ වගේම Dunki චිත්‍රපටයේ ගීතවල මුල් තැන දෙන්නේ ශබ්ද රසයට නෙවෙයි, අර්ථ රසයට. සංවේදී හැඟීම් අවුස්සන ළයාන්විත ගායනාවන්ගෙන් යුතු Dunki ගීතාවලිය මේ වසරේ Best Music Album එක කියලයි මට නම් හිතෙන්නෙ.
    ◼️◼️ Dunki චිත්‍රපටයේ Repeat Value එකක් නෑලු
    Dunki ආයෙ පාරක් බලන්න හිතෙන්නෙ නෑ කියලා කියන්නේ අවසාන භාගයේ ආපු දුක වැඩි නිසා වෙන්න ඕන. ඒත් චිත්‍රපටයට Repeat Value එකක් ලබාදෙන්න කියලා කතාවේ සැර බාල කළානම් හිරානිට අවශ්‍ය පණිවිඩය, ඔහුට අවශ්‍ය පරිදි ලබාදීමට නොහැකි වෙන්නටත් තිබුණා.
    මට මතකයි ඒ දවස්වල Kal Ho Naa Ho, Veer-Zaara එහෙම බලලත් කට්ටිය ඔහොම කිව්වා. ඒත් අදටත් ඒවා තමයි ශාරුක් රසිකයන්ගේ අමරණීය මතකයන්. ශාරුක් ඒවා කළේ 1st Day, 1st Weekend, 1st Week Collection බලාගෙන නෙවෙයි. දශක ගණනාවක් ගියත් ඔහුටවත් අතික්‍රමණය කරන්න බැරි තරම් සංවේදනයක් ඒ තුළ තිබුණා.
    ◾ ශාරුක් Pathan තුළින් පෙන්නුවේ "ඔහු තාම ඉන්නවා" කියලා
    ◾ ශාරුක් Jawan තුළින් පෙන්නුවේ "ඔහු තාම රජා" කියලා
    ◾ ශාරුක් Dunki තුළින් පෙන්නන්නේ "ඔහුට තාමත් අපව අඩවන්න පුළුවන්" කියලා
    ජවාන් මානසිකත්වයෙන් මිදිලා ගිහින් Dunki බලලා එන්න, ආයේ Veer-Zara මානසිකත්වයට ශාරුක් ඔබව ගෙනයාවි.
    එදා 2004 දී අපව ඇඬවූ ඒ රොමෑන්ටික් තරුණයා 2023 දී යළි ඉපදීම තමයි මට නම් මේ චිත්‍රපටයේ තියෙන Repeat Value එක.
    ඔහුව දකින්නට ආයෙ පාරක් යන්න, පුළුවන් කමක් තියෙනවනම්
    ◼️ Dunki Collections අඩුයි ලු, 1000 cr යන්න බැරි වෙයි ලු.
    Film එක Release කරපු බ්‍රහස්පතින්දා කියන්නේ නිවාඩු දවසක් නෙවෙයි.
    දීර්ඝ නිවාඩුවක් ළඟ එන නිසා කවුරුත් නිවාඩු දාන්නෙත් නෑ, කොහොමත් North Audience එක 1st Day චිත්‍රපටය බලන්න ඕන කියන මානසිකත්වයේ නෑ.
    අනික Action Masala වලට තියෙන උනන්දුව කොහොමත් Social Drama වලට නෑනේ. එහෙම වෙලත් චිත්‍රපටයේ පළමු දවසේ worldwide collection එක කෝටි 58 ක් වීම හොඳ තත්වයක්.
    ඉදිරි නිවාඩු සමයේ 3 idiots හා PK මානසිකත්වයෙන් ඉන්න සමහර හිරානි ෆෑන්ස්ල‍යි, Pathan හා Jawan මානසිකත්වයෙන් ඉන්න සමහර ශාරුක් ෆෑන්ස්ලයි වැඩේ අවුල් නොකළොත් හොඳ ගමනක් යන්න Dunki චිත්‍රපටය තුළ නම් ශක්තිය තියෙනවා.
    මේ චිත්‍රපටය ලබන වසරේ චීනයේ තිරගත කිරීමට දැනටමත් සැලසුම් කරලයි තියෙන්නෙ. රාජ්කුමාර් හිරානි ඒ සැලසුම හිතේ තියාගෙනම වැඩේ කරල තියෙන බව පෙනුනේ චීන සිනමා ප්‍රේක්ෂකයාට ගෝචර රසකාරක Dunki තුළින් හමුවීමෙන්. අන්න එතන තමයි චිත්‍රපටය 1000 cr සීමාව පන්නන තැන.
    ඒ නිසා කාලයට ඒ දේ බාරකරලා චිත්‍රපටය රසවිඳින එක තමයි හොඳම දේ.
    ◼️ ◼️ ◼️ ◼️ ◼️ ◼️ ◼️ ◼️ ◼️ ◼️ ◼️ ◼️ ◼️ ◼️ ◼️
    ලිපියේ අවසානයට....
    ◾ 3 Idiots හා PK මානසිකත්වයෙන් තොරව නැවුම් චිත්‍රපටයක් ලෙස Dunki දකින්න.
    ◾ Jawan මානසිකත්වයෙන් තොරව කනෙන් නොව මනසින් Dunki චිත්‍රපටයේ සංගීතය විදින්න.
    ◾ ශක්තිමත් තිර පිටපතකින් හා ප්‍රබල රංගනයකින් ඔවුන් සිනමා තිරය මත මවන හැඟීම වැළඳ ගන්න.
    ◾ මේ වසරේ බොහෝ අධ්‍යක්ෂකවරුන් අතින් සිදුවූ, චිත්‍රපටයේ පළමු භාගයට වඩා දෙවෙනි භාගයේ ජවය හා රසය අඩුවීම කියන දුර්වලතාව හිරානි ජයගන්නා අයුරු බලන්න.
    🖤 අප අතීතයේ දුටු ශාරුක් ඛාන් නැමැති සංවේදනා මවන්නාගේ පුනරාගමනයෙන් ප්‍රහර්ෂිතවූවන්ගේ කුලකයේ කොටස්කරුවෙකු වන්න.
    🖤 ඒක් වසරක් තුළ එක් නළුවෙක් All Time Blockbusters තුනක් ලබාදුන්, විරල සිද්ධියක ඇසින්දුටු සාක්ෂිකරුවෙකු වීමේ සතුට අත්විදින්න.

    from fb
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,511
    72,706
    113
    මාලඹේ
    හින්දි Films ඔක්කොම ඔහොම තමා මොනවා හරි බොරුවක් කරලා Film එකක් කියලා එකක් හදලා එළියට දානවා
     
    • Like
    Reactions: emoji diaries

    lilman

    Well-known member
  • May 10, 2009
    40,842
    54,292
    113
    Colombo

    කෙරී හැල්ලක් උත්තො :lol:
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,803
    39,719
    113
    Homagama
    ◾ Jawan මානසිකත්වයෙන් තොරව කනෙන් නොව මනසින් Dunki චිත්‍රපටයේ සංගීතය විදින්න.

    🖤 ඒක් වසරක් තුළ එක් නළුවෙක් All Time Blockbusters තුනක් ලබාදුන්, විරල සිද්ධියක ඇසින්දුටු සාක්ෂිකරුවෙකු වීමේ සතුට අත්විදින්න.

    from fb

    එකිනෙකට ගැලපෙන්නැති හැලි.. ජවාන් ගැන මොන විදිහකින් වත් ලියනවා කියන්නෙ අම්මපා..
    තනි ඩයිහාඩ් ෆැන්කෙනෙක් ලියපු එකක්.

    ◾ ශක්තිමත් තිර පිටපතකින් හා ප්‍රබල රංගනයකින් ඔවුන් සිනමා තිරය මත මවන හැඟීම වැළඳ ගන්න.

    තිරපිටපත අජුයි.
    හම්මේ මේවා සාකැසම් ලියවිලිද මන්දා
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,551
    6,850
    113
    Gedara
    ශාරැක් වගේ ඕවරේටඩ් ඇක්ටර් කෙනෙක් ඉස්සරහා අමීර් ඛාන් කොච්චර underrated ද. ශාරැක් තනිකර ඕවර් ඇක්ටින් දගලානා
     
    ELShock

    Well-known member
  • Jan 30, 2017
    683
    367
    83
    dan issara wage bollywood wala honda films hadenne na
    filmmakers la eka dannawa eka nisa thamay un tamil, theligu, koliwood scripts aran film hadanne
    thani violent and unrealistic katha thamay ewa tamil wage (Animal, Jawan)