මේ දවස්වල ගොඩක් අය තමන්ගේ අත්දැකීම් share කරන නිසා මම අවුරුද්දකට ආසන්න මගේ අත්දැකීම් ගැන කියන්න හිතුවේ.මේ දේවල් මම ගොතලා කියන දේවල් නෙමෙයි මම අත්විඳි දේවල් සහ මම අහලා දැකලා තියෙන දේවල් එක්ක මට කියන්න හිතුන දේවල්.
මුලින්ම මට කියන්න තියෙන්නේ කවුරුහරි අවුරුදු 30ට වඩා අඩු single කෙනෙක් මෙහේ එන්න හිතන් ඉන්නවා නම් finland ඔයාගේ first option එක කරගන්න කලින් කීපවතාවක් හිතන්න.ඔයාට english speaking country එකකට යන එක ඔයාගේ අනාගතය මෙහේ ආවට වඩා සාර්ථක කරගන්න පුළුවන් වෙයි කියලා මට හිතෙනවා.
මෙහේ single කෙනෙක් විදියට එනවනම් ඔයාගේ course fee එක already තියෙනවානම් living cost එකත් සැළකිය යුතු මට්ටමක තියෙනව නම් විතරක් එන්න.මොකද ඇත්තටම තනියම ඇවිත් studies එක්ක ඔයාට part time එක කරන් ඔක්කොම වියදම් cover කරගන්න එක නම් හිතන්නවත් එපා.ඒක ඇත්තටම අමාරුයි.
මම දන්න ගොඩක් couple ආපු අය නම් ගොඩක් හොඳ විදියට සාර්තක වෙලා ඉන්නවා.මොකද එක්කෙනෙක්ට full time job එක හම්බෙලා work permit දාපු අයත්,දෙන්නම එකතුවෙලා income එක පෙන්නලා work permit දාලා සාර්ථක උන අය ඉන්නවා.තනි කෙනෙක්ට මොකුත් benifits හම්බුනේ නැති උනාට couple එකකට ලැබෙන benifits වලින් shape එකේ ජීවත් වෙන්න පුළුවන්.එයාලට housing එක ලැබෙනවා.job එකක් නැත්නම් unemployment එක ලැබෙනවා.ඒත් ගොඩක් අය unemployment එක ගත්තේ න්හැ.
Warning එක බබාල එක්ක එන්න ඉන්න අයට.ඔයාලා පුළුවන් තරම් සල්ලි ගේන්න.ඉස්සර group වල ඉන්න පරණ අක්කලා අයියලා එහෙම කියද්දී හිතින් බනිනවා කොහේ තියෙන සල්ලිද කියලා.ඒත් ඇත්තටම මාස ගාණක් job එකක් නැතුව ජීවත් වෙද්දි තමයි ඒක තේරෙන්නේ.ලංකාවෙන් එද්දී loan අරන් ආපු අයට මේක හොඳටම දැනෙනවා.ළමයින්ට day care එකෙන් කන්න දුන්නත් අපිට benifits ලැබුනත් හිතේ නිදහසේ ඉන්න සල්ලි ඕන.job එකක් ඕන.අනිත් එක visa extend කරන්න ගියාම.හරියට ජොබ් එකක් නැතුව පවුලටම සල්ලි පෙන්නලා ආදායම් පෙන්නන්න ඕන නිසයි අමාරු.ඒකයි බබාල එක්ක එන්න ඉන්න අය ගොඩක් කල්පනා කරලා සුදානම් වෙලා එන්න ඕන.course fee එකට සල්ලි තියෙනවා නම් shape එකේ කාලා බීලා ඉන්න පුලුවන්නම් job එකක් ලැබෙනකම් බය නැතුව එන්න.
මේක ලියන මගේ spouse ටත් අපි ඇවිත් අවුරුද්දකට කිට්ටු උනත් හරියට full time ජොබ් එකක් නැහැ.ඒ නිසා අපි ගොඩක් stress එකේ ඉන්නේ visa extend කරන්න ඕන නිසා.අපිට මේ පාර්ට් ටයිම් එක ලැබුනෙත් මාස 7කට ආසන්න කාළයක් ඉඳලා.ඒක අපේ වෙලාව කියලා අපි හිතන් ඉන්නේ.මොකද අපි දැන් වැඩ කරන තැන් වලින් අපිට positive feedback තියෙන්නේ.ඉතින් අපේ confidence වල වැඩ කරන විදියේ වරදක් ඇති කියලා අපි හිතන්නේ නැහැ.හැබැයි අපි skill workers ලා නෙමෙයි ලංකාවෙදි.සාමාන්‍ය රජයේ සේවකයන්.කොහොම උනත් skills තියාගෙන degrees තියාගෙන job එකක් සෙට් නොඋන අයත් කිසිම skill එකක් නැතුව ආව ගමන් දාපු application එකෙන් දෙකෙන් job ලැබුන අයත් මෙහේ ඉන්නවා.එයාලා නම් සෑබෑ වාසනාවන්තයන්.එයාලට හදවතින්ම සුබ පතනවා..!
ජොබ් එකක් නැතුව අසරණ වෙලා ටින් එකතු කරන කතාවක් දැක්කා.ඒක ඇත්තක්.ගොඩක් වෙලාවට ඒක වෙන්නේ මෙහෙමයි.ඇවිත් මාස 3,4 යද්දිත් ජොබ් එකක් නැති උනාම හිතට දැනෙන බය දන්නේ ඒක අත්වින්ද අය තමයි.එහෙම උනාම කන්න බොන්න ටිකවත් shape කරගන්න කියලා තමයි ඔය වැඩේ පටන් ගන්නේ.ඒත් හිතන්න මේ සීතලේ බින් වලට අත දාගෙන ටින් හොය හොය යන එක මොනතරම් අමාරුද කියලා.ඒක මොනතරම් මානසික කායික පීඩාවක්ද කියලා කරන අය දන්නව.ටින් එකෙන් ලැබෙන සත ගානේ එකතු කරලා ගෙදරට මොනවත් ගේනියන්න ඒ කෙනා මොනතරම් මහන්සි වෙනවද.ඒ නිසා කවදාවත් ඒ වගේ කෙනෙක්ට කතා කියන්න හිනා වෙන්න ලංකාවේ නම කනවා කියන්න එපා.ඒක ඒ මනුස්සයගේ අන්තිම option එක.එහම කරන්න පෙළබෙන්න කළින් ඒ කෙනා හැම එකටම application දාල ,job එකක් හොය හොය හතර අතේ ඇවිදලා,පත්තර බෙදන්න අවස්ථාවක් වත් ලබාගන්න උත්සාහා කරලා කරන්න ඕන හැමදේම කරලා බැරි තැන තමයි ඒවා එකතු කරන්නේ.හැබැයි මෙහේ අය නම් එහෙම කරන කෙනෙක් දිහාවත් අමුතු විදියට නොබලන එක සහනයක්.
මගේ අත්දැකීම් එක්ක දැනට මෙහේ ඇවිත් ඉන්න අලුත් අයට කියන්න තියෙන්නේ ඔයාල ආව ගමන් TE office එකට ගිහින් language course එකට register වෙන්න.ඒක එන්න මාස කීපයක් යනවා.ඒ අතරේ apply කරන්න ජොබ් වලට.අපිට උනේ අපි ජොබ් හොය හොයා හිටියා විතරයි පිස්සුවෙන්.දන්නෙම නැතුව මාස ගණන් ගියා නිකරුනේ.අපිට ඉතුරු උනේ පසුතැවීම.ඒ නිසා පුළුවන්නම් හොඳම දේ ඒක අලුත් කෙනෙක්ට.ඒක මාස 10-12 ක course එකක්.අපි දන්නෙම නැතුව ඒ කාළය යනවා.ඒත් අපේ ජීවිතේම ගොඩ යනවා ඒකෙන්.
එන්න හිතන් ඉන්න අයට කියන්නේ එන්න කළින් ගොඩක් හිතන්න.අවංකවම දැන් ජොබ් තත්වය අමාරු නිසා.course fee එකවත් තියෙනවා නම් විතරක් එන්න.happiest country කියන එකට ආස වෙලා පසුතැවෙන්න එපා.happy එකේ මෙහේ ඉන්න ඕන නම් අපිට සල්ලි ඕන නිසා.සල්ලි හම්බකරන්න job එකක් ඕන නිසා.ඒ නිසා ප්ර්දානම දේ job එකක්.ඒත් තමන් ආස රටකට යන එක උණක්.ඒ උණ හොඳ කරන්න අමාරුයි.උණ හොඳවෙන්නේ ඒ රටට ගොඩබැස්සම.ඒත් ආයේ උණ හැදෙන්නේ අපි මුහුණ දෙන අභියෝග.ඒ නිසා ඔයාලා මෙහෙම හිතන්නකෝ.ජපන් යන්න ආස කෙනා ජපන් ඉගෙනගන්නවා වගේ,කොරියා යන්න ආස කෙනා කොරියානු භාශාව ඉගෙනගන්නවා වගේ ඔයාගේ ඒකම dream එක finland නම් ඔයා Finnish ඉගෙනගන්න පටන් ගන්න.බය නැතුව I can speak fluent finnish,I can speak basic finnish, my finnish language skill is good,fluent කියලා කියන්න පුළුවන්නම් ඔයා බය නැතුව එන්න සුදානම් වෙන්න.මොකද ම්හේ language පුලුවන්නම් jobs තියෙනවා.
TE office එකේ අත්දැකීම් කිව්වොත් එයාලා අපිව guide කරනවා විතරයි.එයාලා cv හදන්න උදව් කරා.අපිව ගෙන්නගෙන අපි cv දාන විදියටම online apply කරා විතරයි.හැබැයි language course එක ගොඩක් වටිනවා.
මෙහේ ඇවිත් කවුරුවත් උදව් කරයි කියලා බලාපොරොත්තු වෙන්න එපා.ඇත්තටම හැමෝම ඉන්නේ ගොඩක් busy shedule වල.මෙහේ ඉන්න අවුරුදු 5 වගේ ඉඳන් ඉන්න අය ගොඩක් හොඳ අය ඉන්නවා.නිහතමානී අය.අලුතින් ආව අය එහෙම නැහැ.කොහොමත් ලංකාවේ අය ගොඩක් අමුතු ගතිගුණ තියෙන අය.වාසියට අනිත් අය ඇසුරු කරන අය වැඩියි.තමන්ට උදව් කරපු අය,තමන්ට රස්සාව හොයලා දුන්න මනුස්සයා පවා අනිත් පැත්තට කපලා දාපු අයත් ඉන්නවා.ඒ නිසා තනියම ඉන්න එක හොඳ්යි.තමන්ට සල්ලි තියෙනවා නම් හොඳට කාලා බීලා ඇවිදලා ජොලියේ ඉන්න පුළුවන්.
මේ post එක පිළිවෙලක් නෑ වගේ ඇති.මට මතක් වෙන වෙන සැරේට type කර නිසා.අපි ගොඩක් බලාපොරොත්තු තියාගෙන ඉන්නේ මේ summerඑකේ අපිට ජොබ් එකක් ලැබෙයි කියලා.එහෙම බලාපොරොත්තු තියන් ඉන්න ගොඩක් අය ඉන්නවා.එයාලටත් හොඳම ප්‍රාර්ථනා කරනවා. හැමෝටම සුබ පතනවා හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා.