තව ඒවාට දාපන් ඔය ගමන්
හෙට වැඩට පලයන්, phone එකට data දාගනින් ටිකක් වැඩිය
ඔහොම ගියොත් කොහෙවත් වැඩ කරන්න වෙන්නෑ, රස්සා වැඩිවෙන තරමට CV එකට හොඳ නෑ
Internet ගැන අහන්නෑ කව්රුත් හැබැයි තොට device එක ගැන අහන්න තිබ්බා
IFS එකට දැම්මා ඉන්ටවිව්ත් කරා ගන්නෑ කියල මේල් එකක් ආවා ගිය සිකුරාදා. තව ඒවා බලන්න ඕනි. කොහොමහරි උඹලා හිතනවනම් මන් ගෙදර ඉඳන් වැඩකරන්න ට්‍රයි කරන්නේ ගෙදර ආතල් හින්දා කියලා, මම කියන්නෙ උඹල වැරදිලා.
ඔපිස් එක මචන් වැඩකරන්න හිතෙන තැනක් වෙන්න ඕනි. කෝපි මැෂිම මග එනවලු. යකෝ කෝපි මැෂිමක් ගන්න ඔච්චර කල් යනවද? උඹට කියන්න board room එකට පුටු තල්ලුකරන් යන්න ඕනි මීටින් එකක්නම්. ඉස්සර ඉස්කෝලේ කාලෙ ගස්යටට ගියේ පුටු උස්සගෙන අන්න ඒවගේ.
Eka company eke productivity issue ekak widiyata identify karanna one ekak misak. Gedara idan ubata one ewa krnna hethuwak neme.
Interview eke un kiwwanam enna one kiyala no excuse. Job gaddi hema ekatama agree wela passe be kiyanna bene. Himita ekak hoyaganin. Oya PM akkama probation eken ekko ain karai, neththam probation Eka extend karala Pala nokiya Pala bedai lol
ක්ලයන්ට් සැටිස්නම් ඇයි කම්පනියට එහෙම වෙන්න බැරි. උඹ දන්නවද ඔපිස් එකේදි ක්ලයන්ට් එක්ක මීටින් එකකට ජොයින්වුනත් පට්ට laggy. සමහර දවස්වල මම ගෙදර ඉඳන් වැඩ ඔපිස් උන් මාර කට්ටක් කන්නෙ මීටිමට rejoin වෙවී කොහොමහරි කියනටික අහගන්න.
සමහර වෙලාවට මගේ ලැප් එකෙන් screen share කරන්න කියනවා pm අක්කිම. ක්ලයන්ට් ඉන්න මීටිමේදි ඔපිස් ඉන්ටනෙට් ස්ලෝ හින්ද screen share බෑ කියලා එවෙලෙ කියන්නෑ හැබැයි මන් දන්නවා ඒක තමයි හේතුව කියලා.
Ubalata laksa ganan padi dena company ta mechchara adu ganakata Unlimited hari 1 TB wage package ekak ganna bari ayi ban ???
samahara masa wala salary ekawath hariyata gewaganna amaruwen giyapu comapny wala man wada karala thiyenwa, eth e ekakwath ochchara pajatha internet line thibbe nah.
WFH illaddi wifi case ekath kiyanawanam menna mekath attach karala yawahan,
View attachment 224405
ඩයලොග් එකෙන් කේබල් අදින කතා කියකිය ඉන්නවා මිසක් හරිහමන් එකක් ගන්න පාටක් නෑ බන්. ළඟදි කියනව මැනගෙන ගියාලු. අපේ ගෙදට්ට ෆයිබර් ගන්න මාස 6ක් ගියා. කොළඹ හින්දා එච්චර කල්යයි කියන්න බෑ. අනික අපි ගත්තෙ SLTනෙ. කොහොමහරි පට්ට අසාධාරණයි බං මේ ඔපිස් එකේ සිද්දවෙන දේවල්.
එක්කො ඔක්කොම අරන් ඉවරවෙලා ඔහොම නීති දාන්න ඕනෙ. හරි කිරියෙ උන් කියන විදිහට මාව මෙතනින් අස්කරා කියමු. ඒත් එහෙම කරන්නෙ වැඩ කරන්න ආපු එකෙක් ඇත්තටම වැඩකරන්න ට්‍රයි කරපු හින්දා නේද? එතකොට කොහොමද හිතට එකඟව මැනේජ්මන්ට් එක වුනත් එහෙම තීරනේකට එන්නෙ.
යකෝ ඔෆිස් කියන්නේ ඔෆිස්. අම්බලම් නෙමෙයි එක එකාට ඕනේ ඕනේ මලදාන කරන්න.. ඒවා වල වැඩ කරන විදියක් තියෙනවා. ඒ විදියට වැඩ කරන්න අමකැති නම් අයින්වෙයන් වැලලෙන්නේ නැතුව. යකෝ වයි ෆයි අවුලක් නම් ඔෆිස් එකට යන එකමනේ හොඳ. වයිෆයි වැඩ නෑ කියලා වැඩ කල්දාගෙන ලල් එකේ ඉන්නත් පුළුවන්.ඉඳකින් තෝ වගේ අම්බරුවෙක්

.
ඒවුනාට බන් ක්ලයටන්ට් මන්ගැන සතුටු නැත්තන් කම්පනිය මාව අස්කරන්න දෙපාරක් හිතන්නේ නෑ. කලින් තැනත් මට වුනේ ඒකයි. ක්ලයන්ට්ගෙ පැත්තෙන් මන්ගැන දිගටම කම්ප්ලේන් එන්න ගත්තා. ඊට පස්සේ performance improvement plan එකකට මාව දැම්මා. මාස දෙකෙන් අස්කරා.
Sati 2k vitara office gihin wifi nisa wada tika delay wenawa kiyala pennapan. Gedara idan uba deadline ekatama iwara karapuwa office gihin delay karapan. Etakota untama therila flexible wei ne
අන්න මචං හොඳ idea එකක්. හැබැයි මචං එතනත් පොඩි කොස්සක් තියනවා. දැනට මම මෙතන්ට ජොයින්වෙලා මාසෙකට වැඩියිනෙ. ඩිලේ කතා ක්ලයන්ට්ට අදාල නෑනෙ. Pm අක්කිගෙන් ඇහුවොත් මට මේ WiFi එකෙන් බෑ urgent වැඩ ටිකක් තියන හින්දා ගෙදර ඉඳන් කරනවා කියලා එයා කීයටවත් බෑ කියන්නේ නෑ.
හැබැයි කම්පනි මැනේජ්මන්ට් එකේ කතාව හැමෝමටම equal rights දෙන්න ඕනි කියන එක ඒ කියන්නේ මම wtf කරනකොට අනිත් උන් ඔපිස්නම් ඒ අසාධාරණයිලු. මේක හෙන උභතෝකෝටිකයක්. උබ කියන විදිහට සති දෙකක් ඔපිස්ගියොත් ක්ලයන්ට් කේස් නිසා අනිවා ඔපිස් ගිහින් ඇවිත් ගෙදර ඉඳනුත් වැඩකරන්න වෙනවා. එතකොට මම fed up වෙනවා වැඩියි.
මන් මෙහෙට ආපු මුල් දවස්වල මචං හැමදාම ඔපිස් ගියානෙ. ඒ දවස්වල pm අක්කි weekend එකේදිත් මට මැසේජ් දානවා local environment එක setup කරගත්තද අහලා. ඇයි ඉතින් සතියෙම ඔපිස් ආවත් වැඩක් කරන්න වුනේ නෑනෙ. ඉතිං සෙනසුරාදා ඉරිදත් වැඩ. උඹට කියන්න දවසක් ඔපිස් වයිෆයි එකට ලොග්වුනත් හරි බ්‍රව්සර් එකේ එනවා ඩයලොග් එකෙන් එවපු notification එකක්. බලද්දි බිලගෙවලා නෑ. මන් ඇහුවම pm අක්කිගෙන් දැන් මොකද කරන්නේ කියලා අක්කි කියනවා "වැඩනොකර ඉමු" ලු. ඔන්න ඕකයි තත්වෙ.
කිරියෙ උන් මට මෙතනින් අස්වෙන්න කියන එකත් හරියට ගෝටව පන්නමු කිව්වා වගේ ඊටපස්සේ මොකද වෙන්නේ කියලා එකෙක්වත් කියනවද?