ඒක investment එකක් වෙන්නත් පුලුවන්
ඇයි longterm ගත්තොත්
Employees ල ආසාවෙන් වැඩට ගෙන්න ගන්න
පොඩි කෝපි කෝප්පෙකට පුළුවන්
මල්ලි උඹ තාම පරිණත වෙලා නෑ. අවුරුදු 27 වෙලත් ඔහොමයි කියන්නෙ හරිම පවු මචං උඹ. මම පැහැදිලිව කියුව දේ තේරුම් ගන්න බැහැනෙ. මම කියුවෙ.. ඔය තර්කය හරි. ඕක උඹ කියුවොත් උඹගෙ අම්මට, එයා ඔවු පුතෙ කියලා කම්පලයි වෙනවා. අම්මා බෑ කිව්වා කියමු. උඹ අනෙ අම්මෙ කියලා තර්ක කරලා ගොඩ දාගන්නවා. ඇයි එයා ඇහුම්කම් දෙන්නෙ? පුතා නිසා. මම උඹලගෙ ගෙදර තාවකාලිකව පදිංචියට ඇවිත් අනේ ආන්ටි අරක ඕනෙ මේක ඕනෙ කියුවොත්, උඹට කුස්සිය පැත්තට අඬගහල කියයි, මේ මොන වදයක් ද පුතේ අරන් යන්න අර මිනිහව කියලා. ඔන්න ඔය දේ තේරුම් ගනින් මල්ලි උඹ.
බිස්නස් එකකදි, ඔය වගේ ඇඩ්මිනිස්ට්‍රේටිව් ලෙවල් එකේ ඩිසිෂන් ගන්නෙ මැනේජ්මන්ට් එක. ඉන්වෙස්ට් කරන්න, එම්ප්ලෝයී රිටෙන්ෂන් කරගන්න බෙනෙෆිට් දෙන්න තීරණ ගන්නේ, ඒ ක්ෂේත්රවල උපාධි සහ එක්ස්පීරියන්ස් තියෙන එක්සෙකටිව් මැනේජර්ස්ලා. උඹලාවගෙ අලුත් එම්ප්ලෝයීස්ලා ඕවා කියන්න ගියාම උන් නැචුරලිම "හූ ද හෙල් යූ තින්ක් යූ ආ සන්" කියන දේ තමයි ඔලුවට ගන්නෙ.
හරි අපි හිතමු මැනේජ්මන්ට් එකේ ඉහළ අය හිතලා ඔය කෝපි දෙන තීරණය ගත්තා කියලා. ඒකට කැපෙක්ස් යන කෝපි මැෂිමක් ගන්න ඕනෙ. ඉලෙක්ට්‍රිසිටි යනවා, කොප්ප සෙට් එක ඕනෙ, ප්‍රිමියම් කෝපි ඕනෙ. ෂුගර් සහ ක්‍රීම් ඕනෙ. අනික එම්ප්ලෝයීස්ලා සැරින් සැරේ පේඩ් වර්කින් ටයිම් එක යූස් කරනවා කෝපි බොන්න. අනික ග්‍රයින්ඩ් වෙන සද්දය කරදරයක් වෙන්න පුලුවන් අනික් අයට. කෝපි බීම ගත්තාම ෆෙයා කන්සියුමින් නැතුව බොන අයත් ඉන්නවා මේක 3 වන ලෝකෙ හිඟන රටක් නිසා. ඕවා ඔක්කොම අමතක කරන්න.
කම්පෙනි එකේ ඇනුවල් බජට් එකක් තියෙනවා. 2024 අවුරුද්දෙ එක හදන්නෙ ගිය අවුරුද්දෙ. එතකොට මුන්ට කෝපි දෙන්න ඕනෑ කියන ඔය තීරණය ගිය අවුරුද්දෙ කෝපරේට් මැනේජ්මන්ට් ටීම් එක ගත්තාම, අලුත් බජට් එකට දාලා යවන්න ඕනො ඩිරෙක්ට බෝඩ් එකට. එතන එකින් එක අරන් ඩිස්කස් කරනවා. ඒක අරන් යන කෙනා හේතු දක්වන්න ඕනෙ. ඩිරෙක්ටර්ලා කැමති උනොත් තමයි ඔයක ඇප්රූව් වෙන්නෙ. කලින් ඇප්රූව් නොකර, එහෙම හිතූ විදිහට කම්පෙණි සල්ලි වියදම් කරන්න බෑ. රූල්ස් ඇන්ඩ් රෙගියුලේෂන්ස් තියෙනවා.
අවුරුදු ගාණක් කවුරුත් කෝපි ඉල්ලුවේවත්, ගෙදර ඉඳන් වැඩ කරන්න ඉල්ලුවේ වත් නැහැ. එතකොට ඩිග්රි එක එක්සෙම්ප්ට් කරල විශේෂ අවස්ථාවක් දීලා ගන්නවා කොල්ලෙක්. ඌ ආව ගමන් ඉන්ටර්නෙට් වැඩ නෑ අවුල් කියනවා, ගෙදර ඉඳන් වැඩ කරන්න ඉල්ලනවා, කෝපි ඉල්ලනවා. තව නොකියපු දේවලුත් ඇති. මැේනජ්මන්ට් එකෙන් දකින්නෙ...
මේ පුද්ගලයා වාතයක් කියලා. ඔය කෝපි සජෙෂන් එක දාන්න නම් පුද්ගලිකව මම මාස 8 - 12 හොඳට වැඩ කරලා, හොඳටම හිතවත් වෙලා තමයි ට්‍රයි එකක් දාන්නෙ. මොකද සෑහෙන්න කාලයක් සමාජයෙ වැඩ කරලා පුරුද්ද සහ අවබෝධය තියෙන නිසා. සමාජෙ රස්සා නැතුව දාස් ගාණක් ඉන්නකොට, තියෙන රස්සාව රැකගැනීමේ වටිනාකම පුද්ගලිකව මම දන්නවා.
ඔයා තේරුම් ගන්න සමාජයට ඔයා දරුවෙක් නෙවෙයි. ඔයා අවුරුදු 27ක මිනිහෙක්. තවදුරටත් උඹව පොඩි එකෙක් වගේ පේන්නෙ නෑ. මහ ඇටිටියුඩ් වලින් පිරිච්ච මිනිහෙක් විදිහට දකින්නෙ.
ගිය සතියේ සඳුදා මන් කියන්නැතුව
ගෙදර ඉඳන් වැඩකරන්න ගත්තම
ඌ අහනවා කවුද work from home කරන්න
permission දුන්නෙ කියලා
හරියට උන් ඔපිස් එකේ ඔක්කොම
හදලා දීලා තියනවා වගේ
සරළයි, මම කම්පෙනි එකක වැඩට ගියාම, උන් කියන විදිහට වැඩ කරන්න ඕනෙ. බැරිනම් අන්න දොර තියෙනවා යන්න පුලුවන්. හරිම සරළයි.
තමන්ටවත් respect එකක් දෙන්න
උගන්නන්නෙ නැතුව හදපු අපතයො
තමයි සුද්දගෙ ගූ ඇද ඇද
හොයන සොච්චමෙන් රට ඉඳන්
ගේම ගහනවා කියන්නෙ
අදාල නැහැනෙ. කිසිම ගුණයක් හෝ කොලිටියක් නැති විදිහටනෙ මේ කතා කරන්නෙ. චාටර් නේද ?
ඔපිස් එකේ basic facilities
ඉල්ලුවම උඹලා ගන්නෙ
උන්ගෙ පැත්ත නෙ?
මහ සක්කිලි උඹලා
මල්ලි මම පාවිච්චි කරන තර්කයක් තියෙනවා හැම වෙලේම. දාහක් දෙනා එක විදිහකට ඉද්දි මට විතරක් ඉන්න බැරිනම් අවුල මගේ කියලා. දාහක් දෙනා තියෙන පහසුකම්වලින් වැඩ කාලය කකා කරා. කම්පැණියටත් ඒක කමක් නැහැලු. එහෙනම් මට විතරක් මොන අවුලක්ද ? ඇත්ත කතාව, ඒක පිටින් දාලා ගෙදර ඉදන් පහසුවෙන් වැඩ කරන්නයි මට ඕනෑ උනේ. ඒ සියල්ල අමතක කරන්න. ඔයාගෙන් වැඩක් නෑ කම්පෙනියට. දාහක් රැකියා නැති උන් ඉන්නවා බලාගෙන එන්න.