3 Phase Motor උදව්වක් ( 3 Phase Motor wiring )

pmmali

Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    උබට රිප්ලයි එකක් දාන්න හැදුවේ. එ විතරක් නෙවෙයි උබට මොටර් කොන්ටේ‍රොලින් ප්‍රැක්ටිකල් කොස් එකකුත් සෙට් කරලා දෙන්න හැදුවෙ.
    උබ මේ කොට් එක දැම්මෙ උබෙම හොදට අරක්ෂාවට රිප්ලයි එකක් දාපු එකෙකුට. උබ ඔහොම නම් උබට දෙයක් කියලා දුන්න එකෙකුට කතා කරන්නෙ උබ මනුස්සයෙක් නම් වෙන්න බැ. උබ යුටියුබ් බලලම ඉගෙන ගනින් කියලා තමා කියන්න තියෙන්නෙ.
    2011 ඉඳලා මන් මේ සයිට් එකේ ඉන්නවා. මගේ පරණ ත්රෙඩ්, සහ රිප්ලයි අරන් බලන්න. මන් කොහොමද අනිත්ක කට්ටියට කතා කරන්නෙ. අනවශ්‍ය මොනවා හරි දාල තියෙනවද?

    නොදන්නා කෙනෙක් දන්නේ නැති දෙයක් අහන කොට කැමැත්තක් තිබුනොත් දන්නවානම් කියලා දෙන්න ඕනේ. කියන්න බැරිනම් නිකන් ඉන්න ඕනේ, මේ දෙකම නැතුව අනවශ්‍ය විදිහට හැම තැනටම ගිහින් ඔය වගේ ලියනකොට, අපිටත් පිරිමිකමක් තියෙනවා. මටත් වයස 50ක වෙනවා. මේවගේ නැහැදිච්ච එවුන්ගේ කථා කොච්චරක් අහන්න පුලුවන්ද?.

    මට කියලා දුන්නට කමක් නැහැ. ඉස්සෙල්ල මුන්ට කථා කරන්නෙ කොහොමද කියලා කියලා දෙන්න.

    විහිළුවට, කම්මැලි කමකට, කින්ඩියට දාන ත්රෙඩ් වලට රිංගල ඒවගේ රිප්ලයි කරපුදෙන්. අපි ඒවාට යන්නෙත් නැහැ රිප්ලයි කරන්නෙත් නැහැ.

    Finaly.
    ඔයා Pissu Kanna කියන කෙනාගේ රිප්ලයි ඒක බැලුවොත් ඔයාට මන් උපාසකයෙක් වගේ රිපයි කරන්න ඕනේ කියලද හිතන්නේ,

    මේ එනවශ්‍ය දේවල් හින්ද නොදන්නා කෙනෙක් දෙකක් දැනගන්න කාලේ නේද කන්නේ මේ යක්කු. කිදෙනෙක්ගේ කාලේ නාස්තිද මේවගේ දේවල් වලට රිප්ලයි කරන්න ගිහින්.
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,343
    113
    2016 ඉඳලා මන් මේ සයිට් එකේ ඉන්නවා. මගේ පරණ ත්රෙඩ්, සහ රිප්ලයි අරන් බලන්න. මන් කොහොමද අනිත්ක කට්ටියට කතා කරන්නෙ. අනවශ්‍ය මොනවා හරි දාල තියෙනවද?

    නොදන්නා කෙනෙක් දන්නේ නැති දෙයක් අහන කොට කැමැත්තක් තිබුනොත් දන්නවානම් කියලා දෙන්න ඕනේ. කියන්න බැරිනම් නිකන් ඉන්න ඕනේ, මේ දෙකම නැතුව අනවශ්‍ය විදිහට හැම තැනටම ගිහින් ඔය වගේ ලියනකොට, අපිටත් පිරිමිකමක් තියෙනවා. මටත් වයස 50ක වෙනවා. මේවගේ නැහැදිච්ච එවුන්ගේ කථා කොච්චරක් අහන්න පුලුවන්ද?.

    මට කියලා දුන්නට කමක් නැහැ. ඉස්සෙල්ල මුන්ට කථා කරන්නෙ කොහොමද කියලා කියලා දෙන්න.

    විහිළුවට, කම්මැලි කමකට, කින්ඩියට දාන ත්රෙඩ් වලට රිංගල ඒවගේ රිප්ලයි කරපුදෙන්. අපි ඒවාට යන්නෙත් නැහැ රිප්ලයි කරන්නෙත් නැහැ.

    Finaly.
    ඔයා Pissu Kanna කියන කෙනාගේ රිප්ලයි ඒක බැලුවොත් ඔයාට මන් උපාසකයෙක් වගේ රිපයි කරන්න ඕනේ කියලද හිතන්නේ,

    මේ එනවශ්‍ය දේවල් හින්ද නොදන්නා කෙනෙක් දෙකක් දැනගන්න කාලේ නේද කන්නේ මේ යක්කු. කිදෙනෙක්ගේ කාලේ නාස්තිද මේවගේ දේවල් වලට රිප්ලයි කරන්න ගිහින්.

    කෝ ඔයාගෙ 3 Phase motor එකේ විස්තරේ දැම්මෙ නෑනෙ

    මේ වගේ ප්ලේට් එකක් ඇති මෝටරේ උඩ, එකෙ පොටෝ එකක් ගහල දාන්න කට්ටිය උපදෙස් දෙයි

    iE7RW1J.jpg

    මෙතන ඉදං බලන්න

    --https://youtu.be/8LyyuXyddu0?t=129

    Last edited:

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,239
    24,380
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    කෝ ඔයාගෙ 3 Phase motor එකේ විස්තරේ දැම්මෙ නෑනෙ

    මේ වගේ ප්ලේට් එකක් ඇති මෝටරේ උඩ, එකෙ පොටෝ එකක් ගහල දාන්න කට්ටිය උපදෙස් දෙයි

    iE7RW1J.jpg
    මූව මරන්න හරි ෆැක්ට්‍රිය ගිනි තියන්න හරි ද ආස :lol: electric eng. කෙනෙක් ලව්ව කරගන්න එක හොඳයි බන්. ඉගෙනගන්න කෙනෙක්ට නම් හොඳයි.
     
    • Like
    Reactions: AnuradhaRa

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,764
    1
    60,484
    113
    Mother Earth
    මෝටර් එකේ මොඩෙල් එකයි ෆොටෝ එකකුයි දැම්මොත් මම අදුරන කෙනෙක් ඉන්නවා මිනිහගෙන් අහලා කියන්න පුළුවන්. පොර ඒ ගැන දන්නවා නං.
    අනුරාධ ද? 🤷‍♂️
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,343
    113
    මූව මරන්න හරි ෆැක්ට්‍රිය ගිනි තියන්න හරි ද ආස :lol: electric eng. කෙනෙක් ලව්ව කරගන්න එක හොඳයි බන්. ඉගෙනගන්න කෙනෙක්ට නම් හොඳයි.
    ඔව්

    පේස් වයර් දෙකක් අත් දෙකෙන් ඇල්ලුවොත් නං ඉවරටම ඉවරයි නේද
    කෙලින්ම පපුව හරහා කරන්ට් එක යන්නෙ

    වෝල්ට් 400 ක්
     
    • Like
    Reactions: Amith0424

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,239
    24,380
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඔව්

    පේස් වයර් දෙකක් අත් දෙකෙන් ඇල්ලුවොත් නං ඉවරටම ඉවරයි නේද
    කෙලින්ම පපුව හරහා කරන්ට් එක යන්නෙ

    වෝල්ට් 400 ක්
    දවස් දෙකක් උඩදි මල්ටිය පිපුරුව මගෙ අතින් පේස් දෙකකට තියල contactorක් චෙක් කරද්දි. :lol:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,343
    113
    දවස් දෙකක් උඩදි මල්ටිය පිපුරුව මගෙ අතින් පේස් දෙකකට තියල contactorක් චෙක් කරද්දි. :lol:
    එතකොට මචං 3phase මෝටරේක මේ කන්ටැක්ටර්ස් ඔන් ඕෆ් වෙන්නෙ කොහොමද ඉබේම?
     
    • Like
    Reactions: Amith0424

    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    ඔව්

    පේස් වයර් දෙකක් අත් දෙකෙන් ඇල්ලුවොත් නං ඉවරටම ඉවරයි නේද
    කෙලින්ම පපුව හරහා කරන්ට් එක යන්නෙ

    වෝල්ට් 400 ක්
    Good Morning හැමෝටම,
    හෙලෝ අනුරාධ, මෙහෙමයි මේක. මම මෙතන කියල තියෙන විදියට එක මෝටරයක් මට දැනට ඔන් කරලා බලන්ඩ උවමනාවක් නැහැ. මම පොදුවෙන් ඇහුවේ ත්‍රී ෆේස් මෝටරයක් ගැන.
    මගේ මේ අයිස්ෆැක්ටරියේ ගලවල දාපු 3 ෆේස් මෝටර්ස් අනන්තවත් තියෙනවා. මම නිකමට එක මෝටරයක් අරන් ඒකෙ ටර්මිනල් ටික චෙක් කරා. පින් හයක් තියෙනවා. එතකොට මේක කනෙක්ෂන් දෙන්නේ කොහොමද කියලා internet එකේ හොයනකොට. Star, Delta කියල ක්‍රමයක් ගැන කතා කරනවා. ඒකත් හොයලා බලනකොට, ස්ටාර් කනෙක්ෂන් එකක් කොහොමද තියෙන්න ඕනේ, ඩෙල්ටා කනක්ෂන් එකක් කොහොමද තියෙන්නේ ඕනේ කියලා දැනගත්තා.
    මං ගාව තියෙන සෑහෙන පරණ මෝටර්ස් මීට ඉස්සර මෙතනට ඇවිල්ලා ගිය ටෙක්නිශියෙන් ගලවලා සමහරක් කියවලා පාට්ස්සුත් ගලවන් ගිහිල්ලා තියෙන්නේ. දැන් මේ මෝටර් වල පින් හය විතරයි තියෙන්නේ.
    star connection එකක් නම් Horizontal පැත්තට W2,U2,,V2 තුනම පැරලල් වලට ෆික්ස් කරලා තියෙනවා.
    ඩෙල්ටා කනෙක්ෂන් එකක් නම් Vertical ක්‍රමයට W2-U1, U2-V1, V2-W1 කනෙක්ට් කරලා එතනට සප්ලයි එක දෙන්න ඕන.
    මේවා හරි. දැන් මට තියෙන ප්‍රශ්නේ.
    star ද delta ද කියලා අඳුනගන්න බැරි මේ වගේ මෝටර්
    star ක්‍රමයටද නැත්නම් ඩෙල්ටා ක්‍රමයටද පාවිච්චි කරන්නේ කියලා කොහොමද දැනගන්නේ?

    දෙවැනි ප්‍රශ්නය: සාමාන්‍ය විදුලි මෝටරයක්, ෆෑන් එකක්,එක කනෙක්ෂන් එකයි තියෙන්නේ. ඒක කනෙක්ට් කරොත් මෝටරය ඔහේ වැඩ කරනවා. මෙතන පටන් අරන් ස්ටාර් එකට යන්න ඕනේ. නැත්නම් ස්ටාර් එකෙන් පටන් අරන් ඩෙල්ටා එකින් වැඩ කරන්න ඕනේ. මේක ඇයි කියලා මට තේරෙන්නේ නෑ. ඩෙල්ටා හෝ star මේ මොකක් හරි එක ක්‍රමයකින් මේ මෝටර් වැඩ කරන්න බැරිද?

    තුන්වෙනි ප්‍රශ්නය: මගේ ෆැක්ට්‍රි තියෙන කිසිම 3 phase මෝටරයක් කෙලින්ම ත්‍රී ෆේස් ලයින් එකට වයර් තුන කනෙක් කරලා නැහැ. ඒ හැම මෝටරයටම MCCB එකක් MCB එකක් FPS එකක්. Contractor එකක් එකක් හෝ තුනක්
    මෙහෙම ලොකු සර්කිට් එකක් හදලා තමයි ඒවට කනෙක්ෂන් දීලා තියෙන්නේ. හැම ත්‍රී ෆේස් මෝටරයක්ම මේ වගේ කනෙක්ට් කිරීම අනිවාර්ය ද?

    අන්තිමට කියන්න තියෙන්නේ.
    මම මේවා මෙතන අහන්නේ මගේ දැනුමට දැනගන්න මිසක් තියන රස්සාව දාලා මේක කරලා හම්බු කරන්න නෙමෙයි. මගේ මේ ෆැක්ටරියේ හැම තිස්සේම මොකක් හරි ලෙඩක් එනවා. ටෙක්නිෂන් කෙනෙක්ව අඬගැහුවොත් ලේසියෙන් එන්නේ නෑ. එහෙම ආවොත් contractor එක පිච්චිලා, කැපසිටර් එක පිච්චිලා,controller එක පිච්චිලා, PFS ඒක මාරු කරන්න ඕනේ. ඔහොම කියලා අඩුම ගානේ 50000ක් අරන් යනවා. ඉතින් මට උවමනා වෙලා තියෙන්නේ මමත් මේ ගැන චුට්ටක් දැනගන්න.

    මම මීට ඉස්සරත් කියලා තියෙනව. මට සාමාන්‍ය ඉලෙක්ට්‍රිකල් වයරින් පුළුවන්. මම ඉලෙක්ට්‍රොනික් ටෙක්නිෂන් කෙනෙක්. පොඩි කාලෙ ඉඳලම ටීවී වීඩියෝ radio තමයි හැදුවේ. හැබැයි මම ත්‍රී ෆේස් එකේ වැඩ කරලා නැහැ. දන්නෙත් නැහැ.
    එහෙම වුණයි කියලා. 400V වයරයක් අල්ලන්න තරම් හෝ, full charge තියෙන කැපසිටර් එකට ඇඟිලි ගහන්න තරම් හෝ. Live වයර් දෙකක් එකට අල්ලන්න තරම් මං පොඩි එකෙකුත් නෙමෙයි.

    My life is more important to me more than any one. so i know how to work on safely.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,343
    113
    මේවා හරි. දැන් මට තියෙන ප්‍රශ්නේ.
    star ද delta ද කියලා අඳුනගන්න බැරි මේ වගේ මෝටර්
    star ක්‍රමයටද නැත්නම් ඩෙල්ටා ක්‍රමයටද පාවිච්චි කරන්නේ කියලා කොහොමද දැනගන්නේ?
    මේ වගේ මෝටරේ ගහල ඇති

    iE7RW1J.jpg

    දෙවැනි ප්‍රශ්නය: සාමාන්‍ය විදුලි මෝටරයක්, ෆෑන් එකක්,එක කනෙක්ෂන් එකයි තියෙන්නේ. ඒක කනෙක්ට් කරොත් මෝටරය ඔහේ වැඩ කරනවා. මෙතන පටන් අරන් ස්ටාර් එකට යන්න ඕනේ. නැත්නම් ස්ටාර් එකෙන් පටන් අරන් ඩෙල්ටා එකින් වැඩ කරන්න ඕනේ. මේක ඇයි කියලා මට තේරෙන්නේ නෑ. ඩෙල්ටා හෝ star මේ මොකක් හරි එක ක්‍රමයකින් මේ මෝටර් වැඩ කරන්න බැරිද?

    තනිකර ඩෙල්ට වලින් වැඩ කරන ඒවත් ඇති. තනිකර ස්ටා වලිනුත් වැඩ කරන ඒව ඇති

    ඕනම මෝටරයක් ස්ටාට් වෙද්දි ලොකු කරන්ට් එකක් ගන්නව.
    ඩෙල්ට වලින් හයිකරල තිබුණොත් මේ ස්ටාටිං කරන්ට් එක ගොඩක් වැඩියි, ස්ටා වලින් තිබුණොත් ස්ටාටිං කරන්ට් එක ටිකක් අඩු කරගන්න පුලුවන්,

    ඒකයි මේ ක්‍රම දෙකම දෙකම යූස් කරල සමහර මෝටර් පාවිච්චි කරන්නෙ
    ස්ටාටිං කරන්ට් එක අඩු කරගන්න
    තත්පරයක් දෙකක් (තත්පර 7 ක් විතර යනව නේ) ස්ටා විදියට වැඩ කරල ඩෙල්ට විදියට මාරු වෙනව

    මේ වීඩියෝ එකේ සේරම විස්තරේ තියෙනව
    මම මේ ලින්ක් දාන්නෙ හරියටම ටයිම් එක සෙට් කරල.

    ඒ හින්ද බලන්න

    --https://youtu.be/L1vbOhIVf1o?t=184

    --https://youtu.be/L1vbOhIVf1o?t=258

    --https://youtu.be/L1vbOhIVf1o?t=335

    කරන්ට් එක වද්දගෙන මැරෙන්න නං එපා :love: අපිට කිරියෙ කොල්ලෙක් නැති වෙනව එතකොට

    එහෙම වුණොත් අපිටත් පව් :(

    කොයි වෙලාවෙත් ස්ටාවලින් දිගටම වැඩ කරන මෝටරුත් තියෙනව
    තනිකර ඩෙල්ට වලින් වැඩ කරන මෝටරුත් තියෙනව

    ගොඩක් බරපතල මෝටර් වලට තමා මේ ක්‍රම දෙකම යූස් කරන්න වෙන්නෙ
    ලොකු ටෝක් එකකින් වැඩ කරන මෝටර්වලට

    ටෝක් එක කියන්නෙ කැරකුම් බලයට

    වැඩ කරන පොඩි හෑන්ඩි ඩ්‍රිල් මැෂින් එකක් අතින් අල්ලල හිර කරං ඉන්න පුලුවන් වුණාට, ඩ්‍රිල් කටුවෙන් නෙමේ, ඩ්‍රිල් කටුව හයි වෙන මහත කෑල්ල අතින් අල්ලන්නෙ
    මේ වගේ මෝටර් එහෙම තද කරං ඉන්න බෑ. ටෝක් එක වැඩියි

    මේ වැඩේ නං කරන්න එපා. ටෝක් එක තේරුම් ගන්න ඔයාට කිව්වෙ

    අපි වාහනවල ගියර් මාරු කරන්නෙත් ඒකනෙ
    නවත්තල තියෙන වාහනේ ඉස්සරහට ගන්න ලොකු ටෝක් එකක් ඕනෙ
    ඒ ටෝක් එක එන්ජිමට ඩිරෙක්ට් දෙන්න බෑ, ගියර් අනුපාතයක් හරහා ටෝක් එක වැඩි කරල දෙනව

    --https://youtu.be/L1vbOhIVf1o?t=415
     
    Last edited:
    • Like
    Reactions: pmmali

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,343
    113

    මම මීට ඉස්සරත් කියලා තියෙනව. මට සාමාන්‍ය ඉලෙක්ට්‍රිකල් වයරින් පුළුවන්. මම ඉලෙක්ට්‍රොනික් ටෙක්නිෂන් කෙනෙක්. පොඩි කාලෙ ඉඳලම ටීවී වීඩියෝ radio තමයි හැදුවේ. හැබැයි මම ත්‍රී ෆේස් එකේ වැඩ කරලා නැහැ. දන්නෙත් නැහැ.
    එහෙම වුණයි කියලා. 400V වයරයක් අල්ලන්න තරම් හෝ, full charge තියෙන කැපසිටර් එකට ඇඟිලි ගහන්න තරම් හෝ. Live වයර් දෙකක් එකට අල්ලන්න තරම් මං පොඩි එකෙකුත් නෙමෙයි.
    (y)
     
    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    මේ වීඩියෝ එකේ සේරම විස්තරේ තියෙනව
    මම මේ ලින්ක් දාන්නෙ හරියටම ටයිම් එක සෙට් කරල.

    ඒ හින්ද බලන්න

    --https://youtu.be/L1vbOhIVf1o?t=184

    --https://youtu.be/L1vbOhIVf1o?t=258

    --https://youtu.be/L1vbOhIVf1o?t=335

    --https://youtu.be/L1vbOhIVf1o?t=415
    Hi AnuradhaRa:
    above links answer my many questions.
    Thank you So Much.

    Regards.
     
    • Like
    Reactions: AnuradhaRa

    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    Hi AnuradhaRa:
    above links answer my many questions.
    Thank you So Much.

    Regards.
    ඔය වීඩියොව මීට ඉස්සර බලල තිබ්බත් ඒවෙලාවෙ හරියට තේරුනේ නැහැ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,343
    113
    ඔය වීඩියොව මීට ඉස්සර බලල තිබ්බත් ඒවෙලාවෙ හරියට තේරුනේ නැහැ
    --https://www.youtube.com/watch?v=MUXMmhnI9gU

    --https://youtu.be/MUXMmhnI9gU?t=514

    --https://youtu.be/MUXMmhnI9gU?t=581

    --https://youtu.be/MUXMmhnI9gU?t=610
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,343
    113
    මෝටර්ස් මීට ඉස්සර මෙතනට ඇවිල්ලා ගිය ටෙක්නිශියෙන් ගලවලා සමහරක් කියවලා පාට්ස්සුත් ගලවන් ගිහිල්ලා තියෙන්නේ. දැන් මේ මෝටර් වල පින් හය විතරයි තියෙන්නේ.
    star connection එකක් නම් Horizontal පැත්තට W2,U2,,V2 තුනම පැරලල් වලට ෆික්ස් කරලා තියෙනවා.
    ඩෙල්ටා කනෙක්ෂන් එකක් නම් Vertical ක්‍රමයට W2-U1, U2-V1, V2-W1 කනෙක්ට් කරලා එතනට සප්ලයි එක දෙන්න ඕන.
    මේවා හරි. දැන් මට තියෙන ප්‍රශ්නේ.
    පේස් වයර් තුන හයි කරනවට අමතරව
    ප්ලේට් වගේකුත් තියෙනව නේද හයි කරන්න

    ස්ටා නං දිග ප්ලේට් එක
    ඩෙල්ට නම් කොට ප්ලේට් තුනක් තියෙනව හරහට හයි කරන්න

    --https://youtu.be/ICL0rTB3Nn0?t=1404

    කොට කෑලි දෙක තමා දිගට පෙනිල තියෙන්නෙ :P

    --https://youtu.be/ICL0rTB3Nn0?t=1203

    --https://youtu.be/dI6IfVXTMHw?t=53
     
    Last edited:

    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    පේස් වයර් තුන හයි කරනවට අමතරව
    ප්ලේට් වගේකුත් තියෙනව නේද හයි කරන්න

    ස්ටා නං දිග ප්ලේට් එක
    ඩෙල්ට නම් කොට ප්ලේට් තුනක් තියෙනව හරහට හයි කරන්න

    --https://youtu.be/ICL0rTB3Nn0?t=1404

    කොට කෑලි දෙක තමා දිගට පෙනිල තියෙන්නෙ :P

    --https://youtu.be/ICL0rTB3Nn0?t=1203

    --https://youtu.be/dI6IfVXTMHw?t=53
    ඔව් ඒවා කිසිවන් නැහැ. මොටර් පරන හින්දා ලෙබල් එකත් පැහැදිලි නැහැ. සමහර මොටර් ෆුල් පෙන්ට් කරලා . ඒක මන් මෙතන කියල නැතුවට. එ හිඳමයි මෙහෙම ත්‍රෙඩ් එකක් දාන්න හිතුනෙත්. නිකන්ම නිකන් එක විතරයි තියෙන්නෙ.
    ගලවලා දාපු කැපසිටර් විතරක් තිබුණා 47ක්. (10-20KVAR) පරණ යකඩ කාරයාට දුන්න.
     
    • Like
    Reactions: AnuradhaRa