Nevermind pons මොන මගුලකට හරි මාව මෙන්ශන් කරලා තිබුන නිසා මම මීට කලින් කිරියෙම වෙන ත්‍රෙඩ් එකකත් දාලා තිබ්බ මගෙ මීට සම්බන්ධ experience එකක් දානවා.
මීට අවුරුදු 12කට විතර කලින් සිසු සැරියෙදි නම්බර් එකක් දුන්නෙ කෙල්ලෙක්ට ජීවිතේ පලවෙනි පාරට. එතකොට මම 12 වසරෙ. මම බෝයිස් ස්කූල් එකකට ගියෙ. ඒකි අපේ සහෝදර බාලිකා පාසලේ. සිසු සැරියෙම හිටපු ලස්සනම කෙල්ල
කොල්ලො බර ගානක් ට්‍රයි කරන සීන් එකේ හිටියේ. මාත් අපේ උන්ටත් කියලා දවසක් ඒකිට එහා පැත්තෙන් වාඩි වෙලා කතා කරා. මගෙ නම කිව්වා එයාගෙ නම ඇහුවා තව එකේක මගුල් ඇහුවා. කෙල්ල මීක් නෑ. අපේ උන් පිටිපස්සෙ ඉදන් නෝන්ඩිත් දානවා. තවත් චොර වෙන්න බැරි හින්දා නම්බර් එක දුන්නා ඒක දීලා එන්න. නම්බර් එක විසි කරා ඒකි. හතර විලි ලැජ්ජාවයි. සැරියම බලාගෙන
.......... හැබැයි මාස 6ක් විතර කට්ට කාලා, ඒකිට ට්‍රයි කරපු වෙන ඉස්කෝලෙක එකෙක් එක්ක වලියකුත් දාගෙන අන්තිමට ඒකිවම සෙට් කරගත්තා
එදා නෝන්ඩි උන සැරියෙම ඒකි එක්ක එක ශීට් එකේ ගියා අත් අල්ලගෙන
good old days
එයාට ෆෝන් එකක් තිබ්බෙ නෑ මුලින්. අම්මගෙ ෆෝන් එකෙන් මැසේජ් කරේ පට්ට කට්ටක් කාලා. පස්සෙ ක්ලාස් ඇරිලා එද්දි රෑවෙනවා කියලා තාත්තට කියලා පොඩි නොකියා ෆෝන් එකක් ගත්තා එකි. ඉස්සර එයාටෙල් එකේ රුපියල් 25ට msg 500 පැකේජ් එක දාගෙන කතාකරන්නෙ අපි. දවස් දෙකෙන් මැසේජ් 500 ඉවරයි
අවුරුදු 4ක් යාලුවෙලා හිටියා අපි. පස්සෙ එකේක නොගැලපීම් හින්දා බ්‍රේකප් උනා
අද එයා බැදලා වෙන කෙනෙක්ව. මමත් මේ අවුරුද්දෙ බදිනවා වෙන කෙනෙක්ව. එදා ඒ කෙල්ලව මට සෙට් කරලා දෙන්න මගෙ යාලුවො සෙට් එකත් පට්ටම කට්ටක් කෑව. පැය ගනන් රස්තියාදු වෙවී, වලි වලට පැටලිලා ගුටි කාලා etc. අද ඒ යාලුවොත් සීසී කඩ. ගොඩක් උන් රට ගිහිං. අනිත් උනුත් ඔක්කොම ජොබ් එක්ක තම තමන්ගෙ ලයිෆ් එක්ක බිසී වෙලා. ගෲප් චැට් වලින් කතා කරනවා. බිග් මැච් එකට, වෙඩින් වලට වගේ ඉදහිට සෙට් වෙනවා.
මේ සිංදුව අහනකොට අදටත් ඒකාලෙ මතක් වෙනවා
දගකාර ඔය දෑස දුටුවා එදා
දුර ඈත පාසැල් වියේ
නොදැනීම අපගේම සිත් යාඋනා
දසුනින්ම හසුනක් මවා
උදයේ හවා ඔබ හමුවී එදා
දෙඩුවා බැදීලා සෙනේ .........
දෙකොපුල් විලේ හසරැල් පිපි
සතුටින් ම කල් යාවුනා
සසරේ සදා අප බැදෙමුයි පතා
වැඩුනා හදෙහි සෙනේ ..........
නිලුපුල් නෙතේ හසරැල් මැකී
කදුලින්ම වෙන් වී ගියා .....
මීට අවුරුදු 12කට විතර කලින් සිසු සැරියෙදි නම්බර් එකක් දුන්නෙ කෙල්ලෙක්ට ජීවිතේ පලවෙනි පාරට. එතකොට මම 12 වසරෙ. මම බෝයිස් ස්කූල් එකකට ගියෙ. ඒකි අපේ සහෝදර බාලිකා පාසලේ. සිසු සැරියෙම හිටපු ලස්සනම කෙල්ල
දගකාර ඔය දෑස දුටුවා එදා
දුර ඈත පාසැල් වියේ
නොදැනීම අපගේම සිත් යාඋනා
දසුනින්ම හසුනක් මවා
උදයේ හවා ඔබ හමුවී එදා
දෙඩුවා බැදීලා සෙනේ .........
දෙකොපුල් විලේ හසරැල් පිපි
සතුටින් ම කල් යාවුනා
සසරේ සදා අප බැදෙමුයි පතා
වැඩුනා හදෙහි සෙනේ ..........
නිලුපුල් නෙතේ හසරැල් මැකී
කදුලින්ම වෙන් වී ගියා .....


