බුද්ධ දර්ශනයේ කියනවා ආත්මයක් නෑ කියල. එක තැනකින් බිඳෙන්නෙ තවත් තැනකට ප්‍රතිසන්ධියක් ඇතුව නෙමෙයි කියල. සිත උපදිනවා බිඳෙනවා කියල. හැබැයි, කොහොම අර්ථ දක්වන්න උත්සාහ කළත්, බුදු හාමුදුරුවොම එක තැනකදි කියනවා - කම්මං ධල්ලං කින්ති කරෝනී" කියල. කර්මය දැඩි වූ කල්හී මා කුමක් කරන්නද කියල. අයියට යන්න වුණ එකට අම්මට තාත්තට බනින්න එපා මචන්. තරහක් වෛරයක් උපදවගන්න එපා මචන්. ඒක උඹට කරගන්න අපරාදයක්. මොකද, අයියාගෙ කර්මය ගෙවන්න සුදුසුම තැන තමයි අයිය ඔය කලින් කතාවෙන් පස්සෙ උඹලගෙ තැනට හදාගත්ත ප්‍රතිසන්ධිය. මොකද කර්මයට නාමයක් රූපයක් අදාලම නෑ. අදාල වෙන්නේ ගෙවීම විතරයි. වෙන තැනක වෙන නම් රූප තියෙන අම්ම තාත්ත කෙනෙක් ලඟ හරි උගෙ කර්මෙ ගෙවල ඌ යන්න යනවා.
පුළුවන් නං අම්මට තාත්තට වෛරයක් උපදවගන්න වෙලේ අයියගෙ එනිටිටි එකට පින් දීපන්. උඹට නොතේරුන දෙයක් උඹට ඉගනගන්න උදව් කළාට. අත අරින්න ඕන දේවල් අල්ලගෙන තවත් කර්ම ගොඩ ගහගන්න එපා මචන්. අත ඇරල බලපන් කොයිතරම් හිතට සැහැල්ලුද කියල. ජය වේවා!