උබ ඔය කියන කතාවට සමාන ෆැමිලි එකක් මන් දන්නවා. උබ ඔය කියන අයියා කොහෙද?ඒක උබේ ලැබීම අනුව තමයි බන් උබට තෝරලා කියන්න බෑ මේ කෙල්ල හොඳයි මගෙ ඔලුව කන් නෑ කියල.. බැන්දට පස්සෙ සමහර උන් වෙනස් වෙනවා. ඒත් එහෙම නැති ඒවත් තියනවා..
සමහර උන්ගෙ ජීවිතේම කණපිට ගහනව කෙල්ල..තවත් සමහර උන්ට වාසනාව අරන් එනවා..
ඕක මන් අත් දැකපු සිද්දියක් මන් පොඩි කතාවක් කියන්නම් ඕකට. මන් දන්න අයිය කෙනෙක් හිටිය මචන් පොර උගෙ පාඩුවෙ නිකන් පොඩි සිල්ලර කඩයක් කරගෙන හිටපු ඩයල් එකක්..වැඩිය කතා බහක් නෑ. ගෑණු පස්සෙ යන්නෙත් නෑ පාඩුවෙ ඉන්න චරිතයක් මූ බොන්නෙවත් නෑ අඩුම තරමේ..හැබැYඉ මූ අවුරුදු ගාණක් කඩේ කරනව හැමදාම එකම තැන බන් මන් පොඩි කාලෙ ඉදන් උගෙ කඩේ ඒ විදියමයි පොඩි පෙට්ටි කඩයක් වගේ....කොහොම හරි මචන් මූ ප්‍රොපෝසල් එක්කින් බැන්දා..උට ලැබීම කියන්නෙ බන් එතනින් එහාට ඌ දියුණු උනේ බලන් ඉද්දි.. කඩේ වැඩ උනත් ඒ අක්ක තමයි මැනේජ් කරන්නෙ.. මූටත් පට්ට ලව් ඌ වෙනදට වඩා සතුටෙන් හිනා වෙලා ඉන්නව බැන්දට පස්සෙ. අවුරුද්දෙන් වගේ පොඩි පෙට්ටි කඩේ ලොකු කරා..ආය අවුරුදු පහකින් වගේ සුපර් මාකට් ටයිප් එකට ගැහ වා කඩේ.. ගෙදර මොකක් හරි තිබුනත් ගමේම නැන්දලා මාමලා එනව අර අක්කගෙ හොදකමට. ඒ අක්කා මාර සිරියාවන්තයි බන්. මාර ඩීසන්ට්. කාට උනත් කරුණාවනතයි කතා කරද්දි එහෙම. අර එක පාරක් කතා කරම හිත දිනගන්න පුලුවන් විදියෙ චරතයක්.
ඌ වගෙ එකෙක් ඒ කෙල්ල මොකට බැන්දද කියල හිතෙනව බන් වෙලාවකට. ඌගෙ ජීවිතේම වෙනස් කරේ ගෑනි කියල ඌම කියනව බන්. දැන්නම් සැපේම ඉන්න පවුලක්. ලැබීම තමයි එක එකාගෙ..
. may be thats the secret 

