ඉරිදා නිසා අපෙ මහ ගෙදර ආවා. මේ ගෙදර පොඩි කාලෙ ඉදන්ම ගෙඩි හැදෙන්නෙ නැති අඹ ගහක් තියෙනවා. අපෙ පැත්තෙ පොඩි කෙමක් තියෙනවා ගෙඩි හැදෙන්නෙ නැති ගස් වලට කරන. ඒකෙන් ගහ බය වෙනවලු. කරන්න තියෙන්නෙ හෙලුවෙන් පොල්ලක් අරන් ගිහින් ගහට ගහන්න ඕන කුනුහරපෙන් කෑගහලා බැනලා. මේක කරද්දි අල්ලපු ගෙදර නාකියා බලාගෙන හිටියා. මට ලැජ්ජයි බන් ඒ නිසා පට ගාලා ලෑස්තිවෙලා මාකුබුර බස් එකෙ නැගලා මේ ත්‍රෙඩ් එක දාන්නෙ. ආයෙ අවුරුද්දට වත් මහගෙදර යන්නෙ හිතෙන්නෙ නෑ.