මෙන්න මේ දෙකම වැරදියි. තව ටිකක් හොයල බලන්න, BYD Blade battery technology ගැන, ඒ වගේම LFP Battery chemistry එක ගැන. අවුරුදු ගානක ඉඳල LFP Battery pack එකක් ගෙදර ඇතුලෙම යූස් කරන කෙනෙක් විදියට මම මේ කියන්නෙ.
මේව Degrade වෙන්නෙ නැතිම තරම්. Cycle 4000-6000 කිසි ප්රශ්නයක් නැතුව යූස් කරන්න පුලුවන්. ඒ කියන්නෙ Atto 3 එකක් නම් 4000Cycle*400KM=1,600,000KM
කිලෝ මීටර් ලක්ෂ 10කට වැඩිය වාහනේ පදින්න පුලුවන් බැට්රි වල කිසිම වෙනසක් නොතේරී. ඉතිං තීරණය කරල බලන්නකො, එච්චර ගානක් දුවන්න එක්කො ටැක්සි පදින්න ඕන. ඔය ෂුවර් එක තියෙන නිසාම තමයි BYD Company එකෙන් අවුරුදු 8ක්ම බැට්රි එකට වගකියන්නෙ. මේකෙ Battery replacement එකක් වෙන්නෙම නැති තරම්. ඉතාම අඩු චාන්ස් එකක් තියෙන්නෙ.
මම කලිනුත් මේක කියල ඇති බං. Nissan leaf එක්ක EV Technology එක කම්පෙයා කරන්න තියා හිතන්නවත් එපා. Nissan leaf කියන්නෙ ජපානෙන් EV එපා කරවන්න ලෝකෙට දාපු එකක්. අර නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කපනකල් ඉන්න එපා කියනව වගේ උන් EV ගැන කතාවක් එද්දිම ඔය මගුල දාල මිනිස්සුන්ට EV එපා කෙරෙව්ව. එහෙම කරේ උන් EV එක්ක යන්න කැමති නැති නිසා. දැන් ඒකෙ ප්රතිපල උන් විඳිනව. ඒ නිසා මේකත් එක්ක කම්පෙයා කරන්න එපා තේරුමක් නෑ.