බුදුන් සරන යාම!

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,755
    1
    6,621
    113
    මට පොඩිකාලෙ ඉඳල තිබුනු ප්‍රශ්නයක් තමා හරි සිංහල තේරුමක් දන්නෙ නැතුව මින්ස්සු පාලි වලින් තියන ගාථා වලින් බුද්ධ ධම්ම සංඝ සහ ආමිස පූජා වලට වැන්දම එතන ශ්‍රද්ධාව පිහිටනවද කියල .... මොකද එතන වෙන්නෙ හුදු නාමමාත්‍රික හරඹයක් විතරක් වෙන නිසා ...

    ඒ නිසා මම නම් පාලි වාක්‍ය හිතල හරි කියල හරි ඒත් එක්කම සිංහලෙන් තේරුම හිතාගන්නව
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ඒ නිසා මම නම් පාලි වාක්‍ය හිතල හරි කියල හරි ඒත් එක්කම සිංහලෙන් තේරුම හිතාගන්නව
    මාත්..
    සිංහල අදහස හිතනවා පාලි ගාථාව කියන ගමන්.. හැබැයි ඕවානම් කරේ අවු 9-13 අතර.
     
    • Like
    Reactions: NRTG and Yeezus

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ඇයි ‍වයස කිව්වෙ :rolleyes2:
    සරලව, ඒක අනුවන වැඩක් කියලා නොකියා කියන්නයි, එහෙම කරන කෙනෙක් හෝ නොකරන කෙනෙක්ව අනවශ්ය විදිහට එහෙම කරන්න දිරිමත් නොකරන්නයි.

    අවු 13 දී ඔය ඔක්කොටම පයින් ගහලා, "ඇත්ත" මොකක්ද කියලා හොයන්න පටන් ගත්තේ නැත්තම් මන් තාම වදිනවා. වැද වැද ඉදලා කවද හරි මැරෙනවා.. ඊට පස්සේ ඉතින් හරි.. සසරේ අවසානයන් පේන තෙක් මානෙක නැහැ.
     
    • Like
    Reactions: NRTG

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,755
    1
    6,621
    113
    සරලව, ඒක අනුවන වැඩක් කියලා නොකියා කියන්නයි, එහෙම කරන කෙනෙක් හෝ නොකරන කෙනෙක්ව අනවශ්ය විදිහට එහෙම කරන්න දිරිමත් නොකරන්නයි.

    අවු 13 දී ඔය ඔක්කොටම පයින් ගහලා, "ඇත්ත" මොකක්ද කියලා හොයන්න පටන් ගත්තේ නැත්තම් මන් තාම වදිනවා. වැද වැද ඉදලා කවද හරි මැරෙනවා.. ඊට පස්සේ ඉතින් හරි.. සසරේ අවසානයන් පේන තෙක් මානෙක නැහැ.
    ඇත්ත හම්බුනාද ?
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ඇත්ත හම්බුනාද ?
    ඇත්තක් හම්බෙනවනම් එතන තියෙන්නෙත් අවිද්යාව. ඇත්තක් හොයනවනම් එතන තියෙන්නෙත් අවිද්යාව. හැබැයි නිකන් ඉන්නැතුව ඇත්තක් හොයපු නිසා තමයි ඒ කරපු වැඩේ තිබ්බ "අවුල" හම්බුනේ. (දුක්ක සමුදය)
     
    • Like
    Reactions: NRTG and Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,755
    1
    6,621
    113
    ඇත්තක් හම්බෙනවනම් එතන තියෙන්නෙත් අවිද්යාව. ඇත්තක් හොයනවනම් එතන තියෙන්නෙත් අවිද්යාව. හැබැයි නිකන් ඉන්නැතුව ඇත්තක් හොයපු නිසා තමයි ඒ කරපු වැඩේ තිබ්බ "අවුල" හම්බුනේ. (දුක්ක සමුදය)
    මටනම් ඇත්ත හම්බුනා ... එකම සංඛත පරමාර්ථය වන " නිර්වාණ ධාතුව " තමා ඇත්ත
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    මටනම් ඇත්ත හම්බුනා ... එකම සංඛත පරමාර්ථය වන " නිර්වාණ ධාතුව " තමා ඇත්ත
    ඕකට මන් කලින් ට්‍රෙඩ් දාලත් තියෙනවා. ඉකේ රෝස් අන්කල් එක්ක දවස් ගානක් ට්‍රෙඩ් වල වාද කරලත් තියෙනවා.

    ආර්ය පර්යේශනයේ යෙදෙන්නාට පරමාර්ථයක්, නිවනක් හම්බෙනවනම් එතන තියෙන්නේත් අරමුනක් තුල බැස ගැනීමක්. අවිද්යාවෙන් ඇරඹුන පටිච්ච සමුප්පන්න ක්‍රියාවලියමයි. එතන තියෙන්නේ නිවන නෙමෙයි, නිවන මගහැරිලා එතෙන්දි. හුදෙක් ධර්මය දේශනා කරන්න ගොඩනගපු සන්කල්ප ටිකක්, නිවන් අවබෝධ කරපු කෙනෙක්ට, ඊට පස්සෙත් සක්කාය දිට්ටියෙන් පනවන්න පුලුවන්නම් එතන අවබෝධ කරපු ධර්මයක් නැහැ.
     
    • Like
    Reactions: NRTG and Yeezus

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,082
    113
    Passa Ko kiyana eke theyruma mokadda?
    සුවිසයිඩ් බෝම්බයක් බඩේ නැතුව පහලින් බැදගෙන ශක බූම් වෙලා දිව්‍ය ලෝකේ ගියාම කනයාවියෝ දෙන්න කලින් දෙයයෝ අහනවලු කෝ බොල තොගේ පස්ස කියලා.

    එක තමා ඔය " පස්ස කෝ" කියලා කියන්නේ.
     
    • Haha
    Reactions: NRTG and Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,755
    1
    6,621
    113
    ඔයාගෙ opinion එකට ගරු කරණවා මම
    ඒත් ඉතින් බුදු හාමුදුරුවෝ දෙසපු නිර්වාණය මම පරම අසංඛත පරමාර්ථ ධාතුව කියල අමූලිකා ශ්‍රද්ධාවෙන් විශ්වාස කරණව
    ඒක ආකාරවතී කර ගන්න මම ඒ ඉගැන්වීම් practice කරණව ...

    මේ ලෝකෙ එතෙක් මෙතෙක් බිහි උන ඒ මහා උත්තරීතර ප්‍රේමවන්තයාගේ දෙසුම මම විශ්වාස කරණව 🥰
    අවුරුදු 2500 ක් තිස්සෙ ලේ මස් ඇට නහර පරිත්‍යාගයෙන් රැකගෙන ආපු දහම මම විශ්වාස කරණව, බලන්ගොඩ ආනන්ද මෛත්‍රී හිමි, රේරුකානෙ ඡන්දවිමල හිමි, නාඋයනේ අරියධම්ම හිමි වගේ මහා යුග පුරුෂයින් දේශනා කරපු, මගේ වර්ථමාන කල්‍යාණ මිත්‍රයා වටගොඩ මග්ගවිහාරී හිමි මට පෙන්වා දීපු ඒ මාර්ගය මම විශ්වාස කරණව

    මම දන්නෙ සරලව මෙච්චරයි
    මනුශ්‍යත්වය ලබපු අපි ඉන්නෙ තාවකාලික 2 way junction එකක් ඉස්සරහ
    පරමායුෂ ඉවර උනාම දෙකින් එකක අනිවාරෙන් යන්න ඕනි
    එකක් දුක්ඛිත සංසාරය දෙසට
    අනික නිවන නිවීම දෙසට
    ඉතින් මම ඒ නිවන් මාර්ගය තෝරගන්න උත්සාහ කරණව

    Anyway I respect your opinion ♥️
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ඒත් ඉතින් බුදු හාමුදුරුවෝ දෙසපු නිර්වාණය මම පරම අසංඛත පරමාර්ථ ධාතුව කියල අමූලිකා ශ්‍රද්ධාවෙන් විශ්වාස කරණව
    ඒක ආකාරවතී කර ගන්න මම ඒ ඉගැන්වීම් practice කරණව ...

    මේ ලෝකෙ එතෙක් මෙතෙක් බිහි උන ඒ මහා උත්තරීතර ප්‍රේමවන්තයාගේ දෙසුම මම විශ්වාස කරණව 🥰
    අවුරුදු 2500 ක් තිස්සෙ ලේ මස් ඇට නහර පරිත්‍යාගයෙන් රැකගෙන ආපු දහම මම විශ්වාස කරණව, බලන්ගොඩ ආනන්ද මෛත්‍රී හිමි, රේරුකානෙ ඡන්දවිමල හිමි, නාඋයනේ අරියධම්ම හිමි වගේ මහා යුග පුරුෂයින් දේශනා කරපු, මගේ වර්ථමාන කල්‍යාණ මිත්‍රයා වටගොඩ මග්ගවිහාරී හිමි මට පෙන්වා දීපු ඒ මාර්ගය මම විශ්වාස කරණව

    මම දන්නෙ සරලව මෙච්චරයි
    මනුශ්‍යත්වය ලබපු අපි ඉන්නෙ තාවකාලික U turn එකක් ඉස්සරහ
    පරමායුෂ ඉවර උනාම දෙකින් එකක අනිවාරෙන් යන්න ඕනි
    එකක් දුක්ඛිත සංසාරය දෙසට
    අනික නිවන නිවීම දෙසට
    ඉතින් මම ඒ නිවන් මාර්ගය තෝරගන්න උත්සාහ කරණව

    මන් විශ්වාස කරන්න එපා කිව්වේ නැහැ. නියත මිත්යා දෘස්ටියට වඩා මිත්යා දෘස්ටිය හොදයි. ඔය විශ්වාසය, එහෙම නැත්තම් දිට්ටය සකස් වෙන්නේ කොහොමද කියලා තමයි විපස්සනා නුවනින් විමසලා බලන්න ඕනේ. නැත්තම් ඉන්න මිත්යා දෘස්ටියේම ඉදලා මැරුනහම (සම්මුති මරනය), අවිද්යාවෙන් සහ තන්හාවෙන් වෙලී යන සත්වයාගේ අවසානයක් නොපෙනේ.. කියලා බුදුන්මයි දේශනා කරේ.