Nissan Magnite Vs Suzuki Fronx
අද මම වාහන දෙකම බැලුවා... මේ වාහන දෙක අතරින් වාහනයක් ගන්න බලාපොරොත්තුවෙන් සිටින හැමෝටම මේ විස්තර ටිකක් හෝ වැදගත් වේවි යැයි බලාපොරොත්තු වෙන හැගීමෙන් ම පමණක් මේ post එක මම දාන්නේ... Nissan magnite turbo cvt and Suzuki fronx alpah compare සහ honest review
| Exterior
වාහන දෙකම පිටත පෙනුමෙන් ඉතාමත්ම ලස්සන stylish aggressive පෙනුමක් තියනවා. ඇත්තටම වාහනය දැක්කම හිත යන ගතියක් මේ වාහන දෙකේම තියනවා. Magnite එක front එකට ඉතාමත්ම ගැලපෙන back එකක් තියනවා කියලා පොඩ්ඩක් හිතෙනවා. Fronx එකේ front පෙනුම දැනට market එකේ දකින්න තියන වාහන වල ගොඩක් දකින්න නැහැ. නමුත් front එකේ stylish පෙනුමට සාපේක්ෂව back පෙනුම fronx එකේ next gen කියන හිතෙනවා. ඉතින් overall වාහන දෙකේම පෙනුම අලුතෙන් වාහනයක් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්ට කිසිම ගැටලුවක් නැහැ. වාහන දෙකේම එකම tyre size එක 195/60 දකින්න පුලුවන්. පාටවල් අතරින් nissan magnite White + Black / Red + Black මාකට් එකේ ගොඩක් ඉහලින් තියේවි කියල හිතන්න පුලුවන්. Suzuki Fronx එකේ Nexa Blue සහ White මාකට් එකේ ගොඩක් ඉහලින් තියේවි. Lights සියල්ල led ඒ වගේම daytime running lights වගේ 2025 වාහනයක දකින්න අවශ්‍යයයි හැගෙන සියල්ලම මේ වාහන දෙකේ Exterior තියනවා. සරලව මන් හිතනවා වාහන දෙකේම පිටත පෙනුම ගැන පොඩි අදහසක් ඔයාලට ගන්න පුලුවන් වේවි කියල.
Nissan magnite සාපේක්ෂව toyota raize එකට සමානයි පෙනුමෙන් උස පළලින්. 2014-17 Vezel එකේ ප්‍රමාණයට සමානයි. Suzuki fronx එක 2013-16 Range Rover evoque sport එකට තරමක් උස පළලින් පමණක් සමානයි. Vezel 2025ට වඩා තරමක් පොඩී.
| Interior
මෙතන තමයි ලොකු compare එකක් දකින්න පුලුවන්. මේක මම වාහනය දැකල මට ආපු පෞද්ගලික සහ ආකල්පය පමණයි. ඔබ දකින විදිය අනුව මේක වෙනස් වෙන්න පුලුවන්.
Suzuki fronx වාහන තුල දොර ඇරපු ගමන් හිතට පොඩි wow feeling එකක් දකින්න පුලුවන්. හේතු කීපයක් මම කියන්නම්. තරුණයෙකු විදියට අපි වාහනයකින් බලාපොරොත්තුවෙන දේවල් තියනවා. විශේශයෙන් පෙනුම ගැන ගොඩක් consider කරනවා. ඒවා අතුරෙන් බලද්දි Analog + Digital Cluster එකක්, paddle shifts, stylish steering wheel, 9inch smart entertainment system, stylish dash board, cabin light එක වගේ දේවල් හිතට වැදෙන, දැනන ආකාරයට දකින්න පුලුවන් උනා. නමුත් වාහනයේ ඉඩ ප්‍රමාණය තරමක් මදි වගේ කියල හැගීමක් ආව. නමුත් Seats bucket type ඉදගත්තම හරිම comfortable ගතියක් ලැබුනා. වාහනයේ පෙනුමට සාපේක්ෂව build quality එක අති විශිෂ්ටයි කියල කියන්න බැහැ. නමුත් overall වාහනය ගැන හිතුවම fronx එක Interior ජයග්‍රහණය කරනවා කියල කියන්න පුලුවන්. මම කියන්නම් ඇයි magnite එක ජයග්‍රහණය නොකලේ කියල.
Magnite එකත් සාපේක්ෂව බලන කෙනෙක්ට Interior ඉතාමත්ම හොදයි. විශේෂයෙන් tecna + AMT and Turbo CVT දෙකේම. Digital meter එකක්, entertainment system එකක් වගේ වැඩි වැඩ නැති චාම් Interior එකක් තමයි magnite එකේ තියෙන්නේ. විශේෂම දේ තමයි magnite එකට නැග්ගට පස්සේ ඉඩකඩ අතින් fronx එකට වඩා මාර ඉදිරියෙන් ඉන්නවා. නමුත් වාහනයේ Interior bulid quality එක චුට්ටක් මදි ගතියක් දැනුනා. විශේෂයෙන් cabin light එකේ button type එක, seats වල comfortability එක සාපේක්ෂව ටිකක් මදි ගතියක් දැනුනා. තවත් කාරණයක් තමයි hood එකේ තිබුණ chep look එකක්. ඒ වගේම හිතට අවුල් වුණ තවත් කාරණයක් තමයි boot එකේ spare wheel එක වහන තැන තියන board එක ඉතාමත්ම cheap. ඒකෙන් වාහනයට තියන හිත නැතිවෙලා ගියා. නමුත් magnite එකේ back seat arm rest එක එහෙම නම් වාහනයකට දැන් තිබිය යුතුම දේවල්... නැවත නැවතත් මම කියන්නේ, මේ මගේ දැකීමට සහ මම හිතන විදියට දැක්ක කරුණුම පමණයි. ඔබට සාපේක්ෂව ගොඩාක් වෙනස් වෙන්න පුලුවන්...
වාහන දෙකම එකම සමාන price range එකක යන්නේ. Suzuki Fronx 102.5Lks / Nissan magnite turbo CVT 99.50Lks ඒ වගේම Magnite Tecna + AMT 89Lks ඉතින් හිතවතුනි,
මම දකින විදිය ඔබ දකින විදියට හාත්පසින්ම වෙනස් වෙන්න ඉඩ තියනවා. ඒ වගේම ඔබ මහන්සින් හම්බ කරලා ගන්න වාහනයේ හොද නරක මට කියන්න කිසිම අයිතියක් නැහැ. මේ සියල්ල ඉදිරියේදී වාහනයක් ගන්න බලාපොරොත්තුවෙන් සිටින කෙනෙකුට යම් අවබෝධයක් ගැනීම සදහා පමණක්ම ඵල කර post එකක් පමණයි.
මේ වාහන දෙක විතරද SUV Type brand new ගන්න පුලුවන් මේ ගානට. (Below 103LKS) at the moment only.
ඔව්, දැනට ලංකාවේ ඔබ බලාපොරොත්තු වෙනව නම් SUV Type brand new වාහනයක්, මේ දෙක පමනයි තියෙන්නේ. ඒ අතරිනුත් Magnite එක Compact SUV එකක් ලෙසත් Fronx එක Crossover එකක් විදියටත් තමයි දකින්න පුලුවන්.
2nd Hand Market එකට මොකක් වෙයිද ?
මේ වාහන දෙකේම second hand value එකට කිසිම පුරෝකතනයක් මේ කාලයේදි දෙන්න බැහැ. නමුත් හැගෙන දේ විතරක් කියන්නම්. Nissan magnite එක choices 4කින් එන නිසා 2nd hand වාහනය ගනිද්දි ඒ ගන්න කෙනාට තෝරාගැනීම් 4ක් තියනවා magnite එක තුල. එතකොට කාලයත් සමග magnite highest grade එකේ second hand value එක මත ඉතිරි choices 3 රදාපවතීවි. නමුත් fronx එකට තියෙන්නේ 1 තෝරාගැනීමක් පමණයි.
අවසාන නිගමනය.
ඉහතදී මම කිව්ව ආකාරයටම තමයි. මම දකින විදිය ඔබ දකින විදියට හාත්පසින්ම වෙනස් වෙන්න ඉඩ තියනවා. ඒ වගේම ඔබ මහන්සින් හම්බ කරලා ගන්න වාහනයේ හොද නරක මට කියන්න කිසිම අයිතියක් නැහැ. මේ සියල්ල ඉදිරියේදී වාහනයක් ගන්න බලාපොරොත්තුවෙන් සිටින කෙනෙකුට යම් අවබෝධයක් ගැනීම සදහා පමණක්ම ඵල කර post එකක් පමණයි. ඔයාට හොද cabin space එකක්, හැමතිස්සෙම දුර ගමන් යනව නම්, පවුලේ 4ක් හෝ ඊට වඩා පිරිසක් නිතරම ගමන් කරනව නම් වගේ කාරණා පිළිබද සලකනව නම් Magnite එක ඔබට ඉන්නවා. ඔබ වාහනයක පෙනුම පිළිබද ගොඩක් හිතන කෙනෙක් නම්, තරුණ වයසේ කෙනෙක් විදියට මුදල බලාපොරොත්තු වෙන දේවල් ගැන ගොඩක් හිතනව නම්, ගොඩක් city drive කරන කෙනෙක් නම්, Suzuki Fronx ඔයාට ඉන්නවා.
වාහනය ගද්දි වාහන දෙකම බලල තීරණයක් ගන්න. Youtube බලන reviews හාත්පසින්ම සමහර විට වෙනස් වෙන්න පුලුවන් ඔයාගේ ඇස් දෙකෙන් බලල එන හැගීමත් එක්ක. එහෙනම් ජය. අලුත් වාහනයක් ගන්න හැමෝටම හැකි වේවා කියල ප්‍රාර්ථනා කරනව..
Kenny J Silva