මචන් උබල කොහොමද ඉඩමක් අරගෙන, ගෙයක හදල, වාහනායක් අරගෙන, වෙඩින් එකක්
එහෙම ගත්තේ?
අඩෝ මට හිතනොකටත් පිස්සු වගේ බන්.
මගෙ යාලුවෝ ඉන්නවා ගෙදරින් ගෙවල්+වාහන හම්බෙන.
උන්ට තියෙන්නේ වෙඩින් එක අරගෙන පාඩුවේ job එක කරගෙන ඉන්න විතරයි.
උබල කොහොමද මේ අභියෝගය ජයගත්තේ?
අද මම බැන්කුවෙන් ඇහුවා තියෙන savings plan ගැන .
මාසෙට 50k ගානෙ අවුරුදු 2ක වගේ දාගෙන ගියාම
2million එකතු වෙන savings plan තියෙනවා.
ඒත් බන් 2m වලින් වාහනයක්වත් ගන්න පුලුවන්ද බන් අද කාලෙ ?
එතකොට බන් අපිට ඉදිරි අවුරුදු 5 ඇතුලද මේව කරන්න බැරිද?
වාහනයක් ගත්තත් ගන්න වෙන්නේ නාකි වෙලාද?
සිරාවටම කියහන්කෝ මොකද කරන්නෙ කියලා
ඉන්න ගෙදර හම්බුනාම ලේසී කියල හිතන්න එපා. marry කලාම wife ඉන්න ඔනෙ කොල්ලගෙ අම්මලා එක්ක. ප්‍රශ්න ගොඩයි. අනික උබට ඕනෙ විදියට ගෙදර වෙනස් කරන්න එහෙම බෑ. කෙලින්ම අම්මල ප්‍රශ්න දානව. මන් දන්න සමහර උන්ට රෑ වෙලා ගෙදර ආවත් අම්මල ප්‍රශ්න දානවා.
ඇනික ගෙදරින් පිට උන අනිත් සහෝදරයො එනව සරින් සැරේ. ලමය හම්බුනාම එහෙම. එතකොට උන්ටත් එක්ක වියදම්. කතා කරද්දි වචනයක් වරදින්න බෑ.
ගෙදර වියදම්,bills ගෙවන්න ඕනෙ. අපි රස්සාවක් කරද්දි අම්මලට pension වලින් ගෙවන්න දෙන්න බෑනෙ.
ඕව අහද්දි ඇත්තටම පිට ගෙදරක ඉන්න එක හොන්දයි කියල හිතෙයි. නිදහස පට්ට අඩු වෙනවා.
අම්මලාගෙ ලෙඩ දුක් වලදි ගෙදර ඉන්න ලමය තමා ඔක්කොටම දුවන්න ඕනෙ. අනිත් සහොදරයො, එන්නෙ නෑ හුගක් වෙලාවට.
------
Post added on Oct 17, 2025 at 11:38 PM