මගී ප්‍රවාහන බස් රථ සඳහා හඳුන්වා දුන් බැංකු කාඩ්පත් මගින් ගාස්තු ගෙවීමේ නව ක්‍රමවේදය සම්බන්ධයෙන් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සිය විරෝධය පළ කර සිටී. එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් අවධාරණය කළේ අදාළ කාඩ්පත් යන්ත්‍රය බස් රථ කොන්දොස්තරවරයා අතේ තිබෙන තාක් කල් මෙම ව්‍යාපෘතිය කිසිසේත්ම සාර්ථක නොවන බවයි.
මෙම ක්‍රමවේදය විධිමත් ලෙස ක්‍රියාත්මක කිරීමට නම් පළමුව ඊට අදාළ නීති රෙගුලාසි සම්පාදනය කළ යුතු බවත්, කොන්දොස්තරවරයා මෙම ක්‍රියාවලියෙන් ඉවත් කළ යුතු බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
එසේ නොමැතිව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පසුගිය කාලයේ ක්‍රියාත්මක වූ අසාර්ථක නියමු ව්‍යාපෘති මෙන් තවත් එක් ප්‍රෝඩාවක් පමණක් බවට පත්වනු ඇති බවත්, රටට විහිළු සපයන වැඩසටහන් භාගෙට සිදු නොකරන ලෙසත් සභාපතිවරයා බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.
සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති සම්පත් රණසිංහ මහතා කියා සිටියේ දිනපතා බස් හිමියන්ට අහිමි වන විශාල මුදලක් මෙම කාඩ්පත් ක්‍රමය හරහා බස් හිමියාට සුරක්ෂිත කර ගත හැකි බවයි. නමුත් මෙම ගෙවීම් සඳහා බැංකු විසින් අය කරනු ලබන සේවා ගාස්තු ප්‍රතිශතය ඉහළ යාම සම්බන්ධයෙන් ඔහු සිය නොසතුට පළ කර සිටියේය.
ප්‍රවාහන අමාත්‍යාංශය සහ රජයේ පාර්ශවයන් සමඟ පැවති සාකච්ඡාවලදී අදාළ බැංකු කොමිස් මුදල 1% කට වඩා අඩු අගයක් විය යුතු බවට එකඟ වී තිබුණද, මේ වන විට එම ගාස්තුව 1.3% සහ 1.8% අතර පරාසයක අය කිරීමට යන බවට තොරතුරු ලැබී ඇති බව රණසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ, "බැංකු පද්ධතිය පෝසත් කරන්න නෙමෙයි අපි බස් දුවන්නේ" යනුවෙනි.

Last edited: