සල්ලිකාරයෙක් වෙන්න පට්ට අමාරුයි බන්.. 😞

clumsyhulk

Well-known member
  • Sep 20, 2024
    7,348
    10,826
    113
    🌎
    ගෙදර විකුනලා ඊශ්‍රායල් පලයන්. සුපර්මාකට් වල ජොබ් වලට ගන්නවා . පඩිය ලක්ශ 6.5. OT කරලා 8-9 හොයනවා සිංහලු.
    අණ ලැබෙන තුරු ඇමරිකානු සොල්දාදුවන් සීරුවෙන්
     
    • Like
    • Haha
    Reactions: jennt and Psiko

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,978
    6,987
    113
    Narcissistic Sociopath Manipulator
    ඔය පුළුවන් විදිහට සතුටෙන් ජිවත් වෙලා ඉදපන් මචං. අවුරුදු කීයද අපි ඉන්නෙ. ඒකෙනුත් බාගයක් විතර ඉගෙන ගන්නවා. ඉතුරු බාගෙ රස්සාවක් කරනවා. බිස්නස් එකක් පටන් ගත්තත් මේන්ටේන් කරන්න එපැයි. වාහන ගත්තත් ඊට පස්සෙ ඒවා වෙලාවට සර්විස්/ ඉන්ෂුවරන්ස් ගෙවන්න දගලනවා. අත ඇරලා නිකං ඉන්න නෙවේ කියන්නෙ ඕනෙවට වඩා ඔලුවට ගන්න එපා. නැත්නම් වෙන්නෙ උඹ අඩියක් ඉස්සරහට ගියත් තව අඩි තියෙනවනෙ කියලා දුක් වෙන එක විතරයි. ගොඩක් මිනිස්සු මේ මොහොතේ ජිවත් වෙන්නෙ නැහැ. තමන්ගේ පවුලේ අයත් එක්ක එක මේසෙ ඉඳන් කන්නෙ නැහැ. ටික වෙලාවක් කථා බහ කරන්නෙ නැහැ.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,036
    5,782
    113
    canada
    පිටරටට වඩා ලංකාවේ වියාපාරික අවස්ථා අති විශාලයි. කඩයක් දැමීම, රෙස්ටුරෙන්ට්, විදේශිකයන්ට ප්‍රවාහන සහ package සේවා, විදේශිකයන්ට නවාතැන්, කුරුදු වගේ වගාවක්, ඉඩමක් අරන් දැමීම ....බහුතරයක් නගරවල පිළිවෙලට කන්න රෙස්ටුරෙන්ට් නැහැ.

    කලබල වෙන්නේ නැතිව ජීවිතේ සැලසුමක් ඇතුව ගෙනියන්න. ඉස්සරහදි ඔය වගේ අවස්ථා ඒවි. එතකොට අපි රෙඩි වෙලා ඉන්න ඕනේ.

    අපි කරන වරදක් තමයි ලොකු ගෙදරකට, හොද වහනයකට සල්ලි යට කරන එක. වාහන කියන්නේ ලංකාවේ social status එකක් පෙන්නන දෙයක්. එකට අහු වෙන්න එපා.

    එතකොට වැටුප සම්පුර්නයෙනම වගේ එකට යනවා. පුළුවන් තරම් ඉතිරි කරන්න බලන්න ටික ටික හරි. සමහරු අඩු පොලියට නය අරන් (ආණ්ඩුවේ සමහර ආයතන අඩු පොලියට ණය දෙනවා) ඉඩම් ගන්නවා investment එකක් විදියට.
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,771
    11
    3,320
    113
    පිටරටට වඩා ලංකාවේ වියාපාරික අවස්ථා අති විශාලයි. කඩයක් දැමීම, රෙස්ටුරෙන්ට්, විදේශිකයන්ට ප්‍රවාහන සහ package සේවා, විදේශිකයන්ට නවාතැන්, කුරුදු වගේ වගාවක්, ඉඩමක් අරන් දැමීම ....බහුතරයක් නගරවල පිළිවෙලට කන්න රෙස්ටුරෙන්ට් නැහැ.
    මේ කියලා තියන හැම දේම හොද ආයෝජනය අවස්තා. ඒත් නිදහසක් නෑ.
    එහෙම සල්ලි වැඩක් නෑ. සමහර විට ඔයා ආස ඇති ගොඩාක් බිසී වෙලා ඉන්න.

    ලංකාවේ අය යන රටකට ගියොත් . ජොබ් එකක් කරලා එන ගානෙන් නිදහසේ ඉන්න පුලුවන්.
    කලා බීලා ට්‍රැවල් කරලා. මිලේනියල්ස් ලයිෆ් ස්ටයිල් එක නෙවෙයි. සාමාන්‍ය jenz ලයිෆ් ස්ටයිල් එක.

    ලංකාවේ මේක කරන්න බෑ හොද සැලරි එකකින්. හැමෝටම තියන දෙවල් සීමාසහිතයි.( මිනිස්සු වැඩී ) දේවල් අඩුයි.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,495
    18,134
    113
    tama hitan inne ubala karanwa kiyalada.:baffled: sathek pudagaklayek ne ban.hethu pala dahamak tiyenne.me okoma mawenawa
    මේ අර දවසක් කිව්ව ආරන්‍යයේ නම මොකක්ද මචං?
     
    • Like
    Reactions: jennt

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,150
    113
    ගෙදර විකුනලා ඊශ්‍රායල් පලයන්. සුපර්මාකට් වල ජොබ් වලට ගන්නවා . පඩිය ලක්ශ 6.5. OT කරලා 8-9 හොයනවා සිංහලු.
    Api A/L walata merila, 4 years campus degree complete karala, at least 3-4 years Exp ganna yana time eka beluwama, After A/L kollek mokak hari skill ekak master karala me wage gihilla apahu enakota hoda gaanak set kara ganna puluwan. Time ekath itiri.
    Hebei ekama aula ohoma gihilla ena godak ayage Money Management ZERO!
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,036
    5,782
    113
    canada
    මේ කියලා තියන හැම දේම හොද ආයෝජනය අවස්තා. ඒත් නිදහසක් නෑ.
    එහෙම සල්ලි වැඩක් නෑ. සමහර විට ඔයා ආස ඇති ගොඩාක් බිසී වෙලා ඉන්න.

    ලංකාවේ අය යන රටකට ගියොත් . ජොබ් එකක් කරලා එන ගානෙන් නිදහසේ ඉන්න පුලුවන්.
    කලා බීලා ට්‍රැවල් කරලා. මිලේනියල්ස් ලයිෆ් ස්ටයිල් එක නෙවෙයි. සාමාන්‍ය jenz ලයිෆ් ස්ටයිල් එක.

    ලංකාවේ මේක කරන්න බෑ හොද සැලරි එකකින්. හැමෝටම තියන දෙවල් සීමාසහිතයි.( මිනිස්සු වැඩී ) දේවල් අඩුයි.
    අද තත්වය දැනට අවුරුදු 20-30 කලින් තිබ්බ තත්වය නෙවි. 70-90 ගනම්වල හොද රස්සාවක් කරලා හොදට ජීවත් වෙන්න පුළුවන්. විශ්‍රාමික උනත් ප්‍රශ්නයක් නැහැ. පහසුවෙන් ජීවත් වෙන්න පුළුවන් කම තිබ්බ. ඉස්සර පඩියට සාපේක්ෂව ගෙයක් ගන්න කියන්නේ nothing. මේක ලංකාවට විතරක් නෙවි, පිට රටවල් වලටත් පොදුයි.

    ඒ නිසා හොදම දේ ඉන්වෙස්ට් කරන එක රස්සාවක් කරන ගමන්. අපේ comfortable level අනුව මොකක් හරි invest කරන්න වෙනවා. මෙහෙ ගොඩක් අය rental property, stock market වගේ ඒවායේ invest කරනවා. නැතිනම් අමාරුවේ වැටෙන්නේ.

    ලංකාවේ අපේ ඉඩම් ගත්තේ ගම්බද පළාතක අපිට සල්ලි නැති නිසා. ගහන්න පුළුවන් loan ඔක්කොම අරගෙන, ඉතිරි කරපුව දල, හිතවතුන්ගෙන් සල්ලි ඉල්ලගෙන, යුද්දයක් නටල 90 ගනම් වල මුල් කාලේ, රුපියල් අසු දාහකට ඉඩම ගත්තේ. හිනා වෙන්න එපා. ඉඩම ලොකුයි. දැන් එකේ වටිනාකම් ලක්ෂ 200-300 විතර. රස්සාවක් කරලා මේ වගේ ගානක් ඉතිරි කරගන්න පුලුවන්ද ලේසියෙන්? (අපේ දෙමව්පියන් රජයේ රස්සාවක් කරලා ඉතිරි කරගෙන තියෙන්න බොහොම සුළු ගානක්).
     
    • Like
    • Love
    Reactions: jennt and Bam

    ZIX

    Well-known member
  • Mar 22, 2024
    1,442
    3,638
    113
    Panadura
    Api A/L walata merila, 4 years campus degree complete karala, at least 3-4 years Exp ganna yana time eka beluwama, After A/L kollek mokak hari skill ekak master karala me wage gihilla apahu enakota hoda gaanak set kara ganna puluwan. Time ekath itiri.
    Hebei ekama aula ohoma gihilla ena godak ayage Money Management ZERO!
    atta machan. hugak un hambu karapu tika winasa karagna hitapu thathwetama enwa. habai hariyata gemak gahuwoth e salli walin loku deyak karagena life eka athal eke gewanna puluwan.
     
    • Like
    Reactions: jennt

    SANJU1992

    Well-known member
  • Apr 26, 2014
    1,556
    631
    113

    සල්ලිකාරයෙක්​

    මේක define කරපන් .

    මට නම් මාසේ වියදම 600k වගේ සෙට් වෙනවා . අනිත් සල්ලි ටික ඉතුරු වෙනවා . ඇත්තම කිව්වොත් ඔය ගානට පස්සේ මට නම් සල්ලි වියදම් කරන්න අමාරුයි මොකද ඊට පස්සේ ඇත්තටම ලංකාව වගේ රටවල සල්ලි වලට කරන්න දෙයක් නෑ . ඒක නිසා මගේ මතේ නම් මාසෙට 700k වගේ income එකක් හදා ගත්තට පස්සේ basically ඒ මනුස්සයා සල්ලි කාරයෙක් .

    මාසෙකට ඒ වගේ income එකක් හදා ගන්න බලමු . 700k කියන්නේ මහලොකු ගානක් නෙවෙයි . 2000USD :yes::yes::yes:
     
    • Like
    Reactions: Kolama and jennt

    ASR

    Active member
  • Feb 21, 2007
    742
    244
    43
    මට හිතෙන විදිහට සල්ලි කියන එක සාර්ථකත්වයේ එක අතුරුඵලයක් විතරයි. සාර්ථක වෙන්න නම් කරන මොකක් හරි මගුලක් හරියට කරන්න. දැනට සාර්ථක මිනිස්සු ගොඩක් ඉන්න රටක ගිහිල්ල සාර්ථක වෙනවට වඩා අපේ රටේ සාර්ථක මනුස්සයෙක් වෙන එක ලේසියි මට හිතෙන විදිහට.
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    හිතුව තරම් ලේසි නෑ..
    ටිප් එකක්
    දෙන්නම් ට්‍රයි කරලා බලන්න
    පින් අතේ වැඩ වලට පොඩි ගානක් වෙන් කරන්න

    නිකන් හිතන්න මාසෙකට 1000ක් වෙන් කරන්න පුළුවන් කියලා
    ඒක එක තැනකට පුජා කරන්න එපා පොඩි පොඩි කොටස් විදියට
    වැඩි වාර ගානක් පුජා කරන්න
    (200 X 5 වගේ 5 තැනකට) හැම දාම එකම තැනකට දෙන්නත් එපා
    හිත සතුටින් දෙන්න

    කවුරු හරි මොකක් හරි දෙකට 10000ක් 100000ක් එකතු කරනවා කියලා හිතන්න
    (පන්සලක් හදන්න , තිරිපිටක පොත් පුජාවක්, .. මොකක් හරි )
    එකට තමන්ට හැකි පමණින් සුළු මුදලකින් (200) දායක වෙන්න
    එකරලා හිත පහදවා ගන්න මුළු පුජාවම තමන් විසින් කළා කියලා

    දිගටම කරගෙන යනකොට වෙනසක් දැනෙනවද බලන්න
     
    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,142
    2,661

    මුගෙ තියෙන පිච්චමටත් කෙලවන්නද යන්නෙ. :lol:
     
    • Haha
    Reactions: shehan7777

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,348
    10,826
    113
    🌎
    කවුරු හරි මොකක් හරි දෙකට 10000ක් 100000ක් එකතු කරනවා කියලා හිතන්න
    (පන්සලක් හදන්න , තිරිපිටක පොත් පුජාවක්, .. මොකක් හරි )
    එකට තමන්ට හැකි පමණින් සුළු මුදලකින් (200) දායක වෙන්න
    එකරලා හිත පහදවා ගන්න
    මුළු පුජාවම තමන් විසින් කළා කියලා
    Thanhawa ?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    හිතුව තරම් ලේසි නෑ..

    සමහරවිට මේ ජීවිතේ ඉවර වෙන්න කලින් වෙන්නත් බැරි වෙයි…

    Ordinary peasant කෙනෙක් විදියට මැරිල යන්න වෙන එක ගැන උබලට මොකද හිතෙන්නෙ?
    ඇත්තටම ගොඩක් උන් අද සල්ලි කාරයෝ වගේ රඟපෑවට ඕවයේ ඇතුළාන්තය දන්නේ උන්ම තමයි. බලපන් පාරේ යන ලොකු වාහනවලින් කීයක් ලීසිං දාලා හිරවෙලාද කියලා. අනිත් පැත්තෙන් බිස්නස් කියලා ලොකු ලෝන් අරන් වාරික ගෙවාගන්න බැරුව ඉන්න උන් ඕන තරම්. තවත් සෙට් එකක් ඉන්නවා මොකක් හරි හොර වැඩක් කරලා එකපාර සල්ලි කාරයෝ වෙච්ච උන්.

    පිටට පේන්න සෝබනේ දැම්මට උන්ට හිතේ නිදහසක් ඇත්තේම නැහැ බං. හැමතිස්සෙම ඉන්නේ ණයකාරයෝ පස්සෙන් එයි කියලා නැත්නම් කරපු හොරකම් අහුවෙයි කියලා බයෙන්. ඇත්තටම තියෙන විදිහට නිදහසේ ඉන්න මනුස්සයාට තියෙන සැනසීම ඔය රඟපාන උන්ට කවදාවත් නැහැ. උන් මැරෙන්නෙත් ණයකාරයෝ හොරු වගේ
     
    • Like
    Reactions: Hankook