Maitree karanna puluwanda?

dilann

Well-known member
  • Jul 6, 2018
    66,335
    164,565
    113
    එකමත් එක රටක
    සමථය - සිත සමනය කර ගැනීම / සමාධිමත් කර ගැනීම
    ඉතින් ඕකට මොකටද කොහෙවත් ඉන්න එකෙක්ට මෛත්‍රී කරනවා කියලා ඌ ටවත් වැඩක් නැති බොරු වැඩක් කරන්නේ තමන්ගේ තියන ප්‍රශ්නයකට ?
     
    • Like
    Reactions: Yeezus

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,217
    66,622
    113
    plus, පුරෝගන්න ඩේටා නිසා තමයි අහන ධර්මයක් හරි තේරුම් ගන්න පුලුවන් වෙලා තියෙන්නේ අද.

    data නැති වුනහම නිවන කියලද හිතන් ඉන්නේ? එහෙනම් අසඤ්ඤ තලවල නිවන් දැකලා ඉන්න ඕනේ. ඇත්ත ඇති සැටියෙන් දකින එකයි නිවන.
    ipadunata passe loke wage tama uba ahana ewa,asanya hodai okata patalenwata wada
     
    • Like
    Reactions: Blair Solari

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,426
    1
    6,221
    113
    Kohomada machan samathaye Indian widarshana karanne? Mqtath kiyala dipanko....

    කපන්න කලින් පිහිය මුවහත් කරනවා වගේ තමා
    කම්පිත සිත අකම්පිත කරන්න ; චංචල සිත නිශ්චල කරන්න සමථය වඩනවා
    ධ්‍යාන සමාපත්ති හෝ නිශ්චිත " අවස්ථාවකට" පැමිණුනි පසු සමථය පුළුවන් විදර්ශනාවට හරවන්න

    උදාහරණයක් විදිහට ආනාපානසතිය ගත්තොත්

    හුස්ම රැල්ලේ උදය වැය ස්වභාවය කායානුපස්සනාවට හරවන්න පුළුවන්.

    Read below excerpt for further clarification.

    බුදුරජාණන් වහන්සේ පෙන්නල දීල තියෙනවා, හුස්ම රැල්ල තුළ පවතින ලක්ෂණ පහක්. හුස්ම රැල්ල කියන්නේ වායෝ ධාතුවක්. ඒ කියන්නේ හමා යන ස්වභාවයෙන් යුතු දෙයක්. හමා යන ස්වභාවයෙන් යුතු මේ හුස්ම රැල්ල තුළ ලක්ෂණ පහක් දක්නට ලැඛෙනවා.

    පළවෙනි ලක්ෂණය තමයි හුස්ම රැල්ල පවතින්නේ තමා තුළ. ඒකට කියනවා අජ්ඣත්තං කියලා. ඊළගට හුස්ම රැල්ල කියන්නේ තමාගේ කියල සලකන තමාගේ කියල සම්මත දෙයක්. ඒකට පාලියෙන් කියන්නේ පච්චත්තකියලා. ඊළගට හුස්ම රැල්ල සුළගක්, හමා ගෙන යන දෙයක්. ඒකට කියනවා වායෝ කියලා. ඊළගට හුස්ම රැල්ල කියන්නේ හමා ගෙන යන ස්වභාවයෙන් යුතු දෙයක්. වායෝ ගතං පෘඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා ධාතුන්ගෙන් තමයි හුස්ම රැල්ල සකස් වෙලා තියෙන්නෙ. ඒ කියන්නේ හුස්ම රැල්ල තුල තද ගතියෙන් යුතු ගොරෝසු ස්වභාවයෙන් යුතු ලක්ෂණ දකින්නට පුළුවන් ඒක පඨවි ධාතුව ඊළගට හුස්ම රැල්ල තුළ වැගිරිලා යන ස්වභාවයක් දැක ගන්නට පුළුවන්. ඒක ආපෝ ධාතුව. හුස්ම රැල්ල තුළ උෂ්ණත්වයක් පවතිනවා ඒක තේජෝ ධාතුව. ඊළගට හුස්ම රැල්ල හමා යන ස්වභාවයෙන් යුක්තයි. ඒක වායෝ ධාතුව.

    කියන හතර ම සංයෝග වීමෙන් තමයි හුස්ම රැල්ලක් හට අරගෙන තියෙන්නෙ. මෙන්න මේ කියපු ලක්ෂණ පහ හුස්ම රැල්ල තුළ තියෙන බව ආනාපාන සති විදර්ශනාව වඩන්න කැමති කෙනා මුලින් ම තේරුම් ගන්නට ඕන. එහෙම තේරුම් අරගෙන ඒ ලක්ෂණ ප්රකට වෙන විදිහට ඒ පිළිබඳ අවධානය යොමු කරලා ටික කාලයක් ඒ ලක්ෂණ තේරුම් ගන්න ගන්න මහන්සි ගන්නවා නම් එකත් බොහොම හොඳයි.

    ඉතින් ඕකට මොකටද කොහෙවත් ඉන්න එකෙක්ට මෛත්‍රී කරනවා කියලා ඌ ටවත් වැඩක් නැති බොරු වැඩක් කරන්නේ තමන්ගේ තියන ප්‍රශ්නයකට ?

    දැන් ඕක මෙහෙම දෙයක් dear ...

    හිතන්න මට ඔබ ගැන තරහක් ව්‍යාපාදයක් තියෙනවා කියලා ;
    ඉතින් මගේ සිත චංචලයි ; මට පළිගන්න ඕනි ; ඊර්ෂ්‍යා වෛරය ක්‍රෝධය පැසාවනව මගේ ඇතුළේ

    මේ " නුරුස්සන ස්වභාවය " නැතිකරගන්න මට තියන වීදි 2 යි ;
    බාහිර විමුක්තිය සහ අභ්‍යන්තර විමුක්තිය

    මට එක්කෝ පුළුවන් ඔබ ට හානි කරන්න නිද්‍රා කරන්න ක්‍රෝධ කරන්න

    එක්කෝ මට පුළුවන් මම තුළින්ම මේ " නුරුස්සන ස්වභාවය නැති කරන්න "

    මේ දෙකෙන් මොකද්ද තමන්ටත් අනුන්ටත් යහපත ; මෙලොවටත් පරලොවටත් වැඩදායි

    තමා තුළින් තමා ගේ විමුක්තිය සාක්ෂාත් කරගැනීම.

    ඒක තමයි සරලවම මෛත්‍රී කිරීම.
    ------ Post added on Apr 18, 2026 at 10:20 AM
     
    • Love
    Reactions: nipund

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,335
    164,565
    113
    එකමත් එක රටක
    දැන් ඕක මෙහෙම දෙයක් dear ...

    හිතන්න මට ඔබ ගැන තරහක් ව්‍යාපාදයක් තියෙනවා කියලා ;
    ඉතින් මගේ සිත චංචලයි ; මට පළිගන්න ඕනි ; ඊර්ෂ්‍යා වෛරය ක්‍රෝධය පැසාවනව මගේ ඇතුළේ

    මේ " නුරුස්සන ස්වභාවය " නැතිකරගන්න මට තියන වීදි 2 යි ;
    බාහිර විමුක්තිය සහ අභ්‍යන්තර විමුක්තිය

    මට එක්කෝ පුළුවන් ඔබ ට හානි කරන්න නිද්‍රා කරන්න ක්‍රෝධ කරන්න

    එක්කෝ මට පුළුවන් මම තුළින්ම මේ " නුරුස්සන ස්වභාවය නැති කරන්න "

    මේ දෙකෙන් මොකද්ද තමන්ටත් අනුන්ටත් යහපත ; මෙලොවටත් පරලොවටත් වැඩදායි

    තමා තුළින් තමා ගේ විමුක්තිය සාක්ෂාත් කරගැනීම.

    ඒක තමයි සරලවම මෛත්‍රී කිරීම.
    ඉතින් ඕකට මෛත්‍රී කරන්න ඕන නෑ .
    බොරුවට අනිත් කෙනාට යහපතක් ප්‍රර්ථනා කරන්න ඕන නෑ . තරහා ගන්නේ නැතුව හිටියනම් හරි
     
    • Like
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,426
    1
    6,221
    113
    තරහා ගන්නේ නැතුව හිටියනම් හරි
    මේ ප්‍රකාශය ඇතුළෙම උත්තරය තියෙනවා

    ගින්දර නිවන්න ජලය ඕනි වගේ
    උණුසුම නිවන්න සීතල ඕනි වගේ

    ඊර්ෂ්‍යාව වෛරය ක්‍රෝධය ව්‍යාපාදය නිවන්න මෛත්‍රිය ඕනි. වඩන්න ඕනි.

    මා මෙම ක්‍රෝධ කරණ කෙලෙස් සහිත පෘථග්ජන සත්වයා ලෝභයෙන් ද්වේශයෙන් මෝහයෙන් අඳ වී කෙලෙස්බරිතයි ; අනවරාග්‍ර සංසාරයේ ගිමන් හරින මෙම මනුෂ්‍ය භාවයේම ඔහුට/ඇයට නිවී යාමට / නිර්වාණවබෝධයට පත්වීමට හේතු වාසනා වේවා

    සුවපත් වෙත්වා
    දුකින් මිදෙත්වා
    නිවන් ලබත්වා

    මේ වගේ දැඩි මෛත්‍රීයකින් තමයි ව්‍යාපාදය නසන්න පුළුවන් ;

    දේශනාවේ දැක්වෙනවා ආර්‍ය්‍ය පුද්ගලයෙකු සමස්ත ලෝක සත්වයාට ම දරුවකු රකින මවක මෙන් මෛත්‍රිය දක්වනවා කියා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,335
    164,565
    113
    එකමත් එක රටක
    මේ ප්‍රකාශය ඇතුළෙම උත්තරය තියෙනවා

    ගින්දර නිවන්න ජලය ඕනි වගේ
    උණුසුම නිවන්න සීතල ඕනි වගේ

    ඊර්ෂ්‍යාව වෛරය ක්‍රෝධය ව්‍යාපාදය නිවන්න මෛත්‍රිය ඕනි. වඩන්න ඕනි.
    නෑ එහෙම ඕන නෑ .

    ගිනි තියන්නේ නැතුව හිටියනම් හරි .
    රත් කරන්නේ නැතුව හිටියනම් හරි .

    වතුර , සීතල ඕන නෑ ඕවාට
     
    • Like
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,426
    1
    6,221
    113
    නෑ එහෙම ඕන නෑ .

    ගිනි තියන්නේ නැතුව හිටියනම් හරි .
    රත් කරන්නේ නැතුව හිටියනම් හරි .

    වතුර , සීතල ඕන නෑ ඕවාට
    අපි already ගින්නෙන් පිළිස්සෙන සත්වයින්
    ධර්මය තමයි නිවෙන්න තියන මග
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,335
    164,565
    113
    එකමත් එක රටක
    අපි already ගින්නෙන් පිළිස්සෙන සත්වයින්
    ධර්මය තමයි නිවෙන්න තියන මග
    මොන පිස්සුද . . ඔය ධර්මය ගැන අහලවත් නැති මිනිස්සු කොච්චර හොදට ඉන්නවද .
    උබලා කරන්නේ තරහා අරගෙන ඒක උනාට පස්සේ මෛත්‍රී කරනවා කියලා හිත රවට්ටන එකක්
    ගිනි තියල ඒක නිවන්න වතුර ගහනව වගේ ..
    ඉතින් ඕක මුලින් කරන්නේ නැතුව හිටියම හරි . මෛත්‍රී කරනවා කියලා බොරු කරන්න ඕන නෑ .
     
    • Haha
    • Like
    Reactions: Lovtus and Yeezus

    nipund

    Well-known member
  • May 17, 2007
    721
    1,023
    93
    එහෙම පුළුවන් නම් නිවනක් ඕනෙම නෑ. ගින්දර පේනවා අඟුරු පේන්නේ නෑ. තරහා ගන්න තියෙන හැකියාව තමා තමා අවුල.
    අනික අපිට තරහා යන්නේ අපි සාධාරණයි කියලා හිතන් ඉන්න හේතුවකට.
    නෑ එහෙම ඕන නෑ .

    ගිනි තියන්නේ නැතුව හිටියනම් හරි .
    රත් කරන්නේ නැතුව හිටියනම් හරි .

    වතුර , සීතල ඕන නෑ ඕවාට
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,335
    164,565
    113
    එකමත් එක රටක
    එහෙම පුළුවන් නම් නිවනක් ඕනෙම නෑ. ගින්දර පේනවා අඟුරු පේන්නේ නෑ. තරහා ගන්න තියෙන හැකියාව තමා තමා අවුල.
    අනික අපිට තරහා යන්නේ අපි සාධාරණයි කියලා හිතන් ඉන්න හේතුවකට.
    ඉතින් ඕවා ආගමෙන් හදාගත්ත සංකල්ප නේ . ඕවා හරියටම ඇත්ත කියලා කියන්න පුලුවන් ද ??
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,426
    1
    6,221
    113
    මොන පිස්සුද . . ඔය ධර්මය ගැන අහලවත් නැති මිනිස්සු කොච්චර හොදට ඉන්නවද .
    උබලා කරන්නේ තරහා අරගෙන ඒක උනාට පස්සේ මෛත්‍රී කරනවා කියලා හිත රවට්ටන එකක්
    ගිනි තියල ඒක නිවන්න වතුර ගහනව වගේ ..
    ඉතින් ඕක මුලින් කරන්නේ නැතුව හිටියම හරි . මෛත්‍රී කරනවා කියලා බොරු කරන්න ඕන නෑ .
    සත්ව සභාවය තමයි බාහිර සංවේදනය න් ට ප්‍රතිචාර දැක්වීම

    මට කවුරු හරි බැන්නොත් මම ත් බනිනවා
    මට කවුරු හරි ගැහුවොත් මම ත් ගහනවා
    මට කවුරු හරි කෑ* වැඩක් කරොත් මම ඒ "ව්‍යාපාදය" අරන් යනවා - පළි ගන්න අදිටන් කර ගන්නවා

    සාමාන්‍ය සත්ව ස්වභාවය ඕක ; තිරිසන් මනස වැඩ කරන්නේ ඔය ස්වභාවයෙන්

    අපි කවු ද - මනසින් උසස් මනුෂ්‍යයින්

    ධර්මය උදව් කරන්නේ ඒ උත්තර්ථාර මනුෂ්‍ය ගුණාංග වර්ධනය කරන්න / ඉස්මතු කරන්න.

    හෙට ඔබ accidentally පාරෙ යද්දි මනුෂ්‍යක්ගේ ඇගේ හැපුනොත් සාමාන්‍යයෙන් mentally out පුද්ගලයෙක් නම් ගහන්න බනින්න පුළුවන් - මේක ඝාතනයක් දක්වා වැඩෙන්න පුළුවන්

    ඒත් ඔහු මෛත්‍රිය වඩා තිබූ පුද්ගලයෙක් නම් දුරදිග යන්නේ නෑ

    මේකෙ අනිත් පැත්ත වෙන්න පුළුවන්

    මේ නිසා තමා මෛත්‍රෙය ඕනි ; ඒක උත්තරීතර මනුෂ්‍ය ගුණාංගයක්.

    අර කතාවක් තියෙන්නේ Do not carry the grudges කියලා ; ඒක තමා මෛත්‍රය

    තිරිසන් සතා මනුෂ්‍යයෙක් කරන්නේ ධර්මයෙන්

    සංසාරය පුනර්භවය අපාය දෙව් ලෝක මේවා විශ්වාස කෙරේ නැතත් ; ධර්මය කියන්නේ සන්ද්දිට්ඨික අකාලික දෙයක් ; උත්තරීතර මනුෂ්‍ය ගුණධර්ම උගන්නන විශ්වීය ඉගැන්වීමක්.
     
    නෑ ඕක වැරදි . .
    එහෙම මෛත්‍රී වඩල තියන වගේ දෙයක් කරලා තියෙන්න ඕන නෑ .
    ඔය කියන ධර්මය දැනගෙන තියෙන්න ඕනෙත් නෑ .

    ඒ දෙකම නැතුව මනුස්සයෙක් ට පුලුවන් මොලේ කල්පනා කරල තරහ ගන්නේ නැතුව ඉන්න ..

    මට කවුරු හරි බැන්නොත් මම ත් බනිනවා
    මට කවුරු හරි ගැහුවොත් මම ත් ගහනවා
    මට කවුරු හරි කෑ* වැඩක් කරොත් මම ඒ "ව්‍යාපාදය" අරන් යනවා - පළි ගන්න අදිටන් කර ගන්නවා

    සාමාන්‍ය සත්ව ස්වභාවය ඕක ; තිරිසන් මනස වැඩ කරන්නේ ඔය ස්වභාවයෙන්
    හැම කෙනාම ඔහොම නෑ .
    ඔහොම නැති අය මෛත්‍රී වඩලා ත් නෑ එහෙම අමුතුවෙන් . ධර්මය කියලා ඔයා කියන දී දන්නා ලෝකේ ඉන්න මිනිස්සු සීයට දශම ගානයි . .
    එහෙමයි කියලා ලෝකේ ඉතුරු මිනිස්සු ඔය වගේ හැසිරෙන්නේ නෑ හැමෝම .

    හැමදේම තමන්ගේ ආගමෙන් මැනලා තමන්ගේ ආගමෙන් තමයි උත්තරේ තියෙන්නේ කියලා කියන්න ගියාම ඔහොම හිතෙන්නේ .
    ------ Post added on Apr 18, 2026 at 11:18 AM
     
    • Like
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,426
    1
    6,221
    113
    ඒ දෙකම නැතුව මනුස්සයෙක් ට පුලුවන් මොලේ කල්පනා කරල තරහ ගන්නේ නැතුව ඉන්න ..

    It's all philosophy until it tests you !

    දැන් ඕකේ භයානක කම තියෙන්නේ අපි කොහොම හැසිරියිද කියලා අපිට ම කියන්න බෑ

    උදහරණයක් විදියට හෙට Argument එකක දී; අපි ට අතට තියුණු මුගුරක්/ආයුධයක් අහු උනොත් පුළුවන් අනිත් සත්වයා ගේ ජීවිතය හානි කරන්න - ඒක තිරශ්චාන ස්වභාවය

    මනස නිවිලා තියෙන කෙනෙක් ගේ අතින් ඒ වෙන්න තියන සම්භාවිතාවය අඩු යි.

    Reactive වෙන එකෙන්ක් වළකන එක - Proactive වීම තමා ධර්මයෙන් සිදු කරන්නේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,335
    164,565
    113
    එකමත් එක රටක
    It's all philosophy until it tests you !

    දැන් ඕකේ භයානක කම තියෙන්නේ අපි කොහොම හැසිරියිද කියලා අපිට ම කියන්න බෑ

    උදහරණයක් විදියට හෙට Argument එකක දී; අපි ට අතට තියුණු මුගුරක්/ආයුධයක් අහු උනොත් පුළුවන් අනිත් සත්වයා ගේ ජීවිතය හානි කරන්න - ඒක තිරශ්චාන ස්වභාවය

    මනස නිවිලා තියෙන කෙනෙක් ගේ අතින් ඒ වෙන්න තියන සම්භාවිතාවය අඩු යි.

    Reactive වෙන එකෙන්ක් වළකන එක - Proactive වීම තමා ධර්මයෙන් සිදු කරන්නේ
    අනේ බන් ලෝකේ බිලියන 8ක් ඇතුලේ බහුතරයක් මිනිස්සු උබ ඔය කියන මෛත්‍රී වැඩිමයි , ධර්මයයි නැතුව තරහ පාලනය කර ගන්නවා , තරහා හන්නේ නැතුව ඉන්නව ඕන තරම් . ඔය කියන දේවල් තමන්ටම හිතල දෙයක් කරන්න බැරි මිනිසුන්ට ඒ දේ ද්ක්ර්න්න හදපු narrations . ආගම වලින් කරන්නෙත් ඒකයි . එක හැමෝටම ඕන දෙයක් නෙවෙයි . තමන්ම හිතල ජිවත් වෙන්න පුලුවන් මිනිස්සුන්ට කිසි ආගමක් නැතුව ආගම් අදහන උන් ඉන්නවට වඩා යහපත් විදියට

    :rofl:
     
    • Like
    Reactions: Yeezus

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,147
    1,767
    113
    මොන පිස්සුද . . ඔය ධර්මය ගැන අහලවත් නැති මිනිස්සු කොච්චර හොදට ඉන්නවද .
    උබලා කරන්නේ තරහා අරගෙන ඒක උනාට පස්සේ මෛත්‍රී කරනවා කියලා හිත රවට්ටන එකක්
    ගිනි තියල ඒක නිවන්න වතුර ගහනව වගේ ..
    ඉතින් ඕක මුලින් කරන්නේ නැතුව හිටියම හරි . මෛත්‍රී කරනවා කියලා බොරු කරන්න ඕන නෑ .

    තරහ යන්න පුළුවන් හැකියාව නැති වෙන්නැහැ මෛත්‍රියෙන් විතරක්. සංයෝජන ධර්ම දුරු වෙන්න ඕනේ. සංයෝජන ධර්ම දුරු වෙන්න ධර්මය දකින්න ඕනේ. ධර්මය දකින්න පංච නීවරණ යටපත් වෙන්න ඕනේ. බන අහන්න ඕනේ.

    නිතර තරහ යන කෙනෙක්ට ඒ ස්වභාවය නැති කරන්, පංච නීවරණ යටපත් කරන්න පුලුවන් විදිහක් තමයි මෛත්‍රි වඩන එක. ඕකම විපස්සනාවට හරවගන්නත් පුලුවන්.

    මොන පිස්සුද . . ඔය ධර්මය ගැන අහලවත් නැති මිනිස්සු කොච්චර හොදට ඉන්නවද .

    ඒක තමයි බුදු කෙනෙක් පහළ වෙලා ධර්මය දේශනා කරන්න ඕනේ වෙන්නේ. නැත්තම් උපේක්ෂාවේ තියෙන අවුල අපිට තනියෙන් අල්ලන්න බැහැ.
    ------ Post added on Apr 18, 2026 at 11:58 AM
     
    • Like
    Reactions: Yeezus

    Shehan333

    Well-known member
  • Sep 20, 2024
    302
    347
    63
    Gampaha
    Read below excerpt for further clarification.

    බුදුරජාණන් වහන්සේ පෙන්නල දීල තියෙනවා, හුස්ම රැල්ල තුළ පවතින ලක්ෂණ පහක්. හුස්ම රැල්ල කියන්නේ වායෝ ධාතුවක්. ඒ කියන්නේ හමා යන ස්වභාවයෙන් යුතු දෙයක්. හමා යන ස්වභාවයෙන් යුතු මේ හුස්ම රැල්ල තුළ ලක්ෂණ පහක් දක්නට ලැඛෙනවා.

    පළවෙනි ලක්ෂණය තමයි හුස්ම රැල්ල පවතින්නේ තමා තුළ. ඒකට කියනවා අජ්ඣත්තං කියලා......

    Mee text ekee source eka mokakda?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,335
    164,565
    113
    එකමත් එක රටක
    තරහ යන්න පුළුවන් හැකියාව නැති වෙන්නැහැ මෛත්‍රියෙන් විතරක්. සංයෝජන ධර්ම දුරු වෙන්න ඕනේ. සංයෝජන ධර්ම දුරු වෙන්න ධර්මය දකින්න ඕනේ. ධර්මය දකින්න පංච නීවරණ යටපත් වෙන්න ඕනේ. බන අහන්න ඕනේ.

    නිතර තරහ යන කෙනෙක්ට ඒ ස්වභාවය නැති කරන්, පංච නීවරණ යටපත් කරන්න පුලුවන් විදිහක් තමයි මෛත්‍රි වඩන එක. ඕකම විපස්සනාවට හරවගන්නත් පුලුවන්.
    ඔය කිසි රෙද්දක් නැතුව තරහ ගන්නේ නැතුව ඉන්න පුලුවන්

    ඒක තමයි බුදු කෙනෙක් පහළ වෙලා ධර්මය දේශනා කරන්න ඕනේ වෙන්නේ. නැත්තම් උපේක්ෂාවේ තියෙන අවුල අපිට තනියෙන් අල්ලන්න බැහැ.
    පුලුවන් . .
    උබලා හිතන්නේ උබල අදහන ආගමේ ශාස්තෘ ට විතරයි පුලුවන් අනිත් මිනිස්සුන්ට බෑ කියන තනිකර අන්තවාදී ඇදහිලි මානසිකත්වයෙන්
    ------ Post added on Apr 18, 2026 at 12:06 PM
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,147
    1,767
    113
    ඔය කිසි රෙද්දක් නැතුව තරහ ගන්නේ නැතුව ඉන්න පුලුවන්

    පුලුවන් . .
    උබලා හිතන්නේ උබල අදහන ආගමේ ශාස්තෘ ට විතරයි පුලුවන් අනිත් මිනිස්සුන්ට බෑ කියන තනිකර අන්තවාදී ඇදහිලි මානසිකත්වයෙන්
    ------ Post added on Apr 18, 2026 at 12:06 PM

    මහා කල්ප 84 000 විතර ඉන්නත් පුලුවන් තරහ ගන්නැතුව. ඒත් තාවකාලිකයි. inevitably ආයේ තරහ යනවා.

    උබම සිහියෙන් ඉදලා බලපන්, එහෙම ඉන්න පුලුවන්ද කියලා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,335
    164,565
    113
    එකමත් එක රටක
    මහා කල්ප 84 000 විතර ඉන්නත් පුලුවන් තරහ ගන්නැතුව. ඒත් තාවකාලිකයි. inevitably ආයේ තරහ යනවා.

    උබම සිහියෙන් ඉදලා බලපන්, එහෙම ඉන්න පුලුවන්ද කියලා.
    ආයිත් මොන ලෝකෙවත් නැති ආගමේ විතරක් තියන කල්ප බයිලාවක් කියවනවා .
    උබල තනිකර ෆැන්ටසියක හිටගෙන ඕවා කියවන්න එපා බන් ඇත්ත වගේ . :lol:

    මට නම් පුලුවන් ඔය එක ලබ්බක් වත් නැතුව තරහා ගන්නේ නැතුව ඉන්න .