සසර තනන වඩුවා
තෘෂ්ණාව - ඇලීම - ගැටීම
තෘෂ්ණාවට හේතුව
අවිද්‍යාව - නොදැනීම - මෝහය
අවිද්‍යාව ට හේතුව
සසර නම් සිපිරි ගෙය ට
සත්වයා ගැට ගසා ඇති
සංයෝජන ධර්ම 10
1. සක්කාය දිට්ඨිය
2. විචිකිච්චාව
3. සීලබ්බත පරාමාස
4. කාමරාග
5. පටිග
6. රූප රාග
7. අරූපරාග
8. මාන
9. උද්ධච්ච
10. අවිජ්ජා.
එකින් එක යදම් ගැලවෙන කළ
නිවන ඔබට පෙනෙන්න ගනීවි
ප්‍රත්‍යක්ෂ වීම වේවි !
සත්කාය දෘෂ්ටිය
මේ යදම් අතරින් බිඳීමට අසීරුම ධර්මය
එයට හේතුව
නාම රූප ධර්ම යෝ හට
සත්ව පුද්ගල භාවයක් ලබාදීම
එය නැති කිරීමට
ආත්ම දෘෂ්ටිය බිඳලීම
නාම රූප පරිච්ඡේද ඥානය
එය ඇති කර ගැනීම ට
විදර්ශනාව වැඩීම
මහෝපකාරී වේ !
වඩුවා නොමැති කළ
සසර තනන් නේ කිම
සසර නිරෝධය එයයි !