ව්යාපාර ලියාපදිංචිය

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,524
    1
    3,550
    113
    Earth
    පොඩි අයිඩියා එකක් තියෙනවා පොඩියට සයිට් එකක් අටවලා සයිඩ් බිස්නස් එකක් ශේප් එකේ පටංගන්න, තාම වැඩේ හිතන ගමන් ඉන්නෙ. IPG එකක් වගේ ගන්නවනම් මේ BR එක ඕන නේද? පොඩි ප්‍රස්න ටිකක් තියෙනවා.

    1. ව්යාපාරලියාපදිංචි කරන්න Option දෙකක් තියෙනවා නේද, එකක් ප්‍රාලේ එකේ, නැත්නම් වෙන එකකුත් තියෙනවා නේද? මං පටං ගන්න අලුත නිසා මට Employeesලා කවුරුත් නෑ. මොකේද Register කරන්න ඕන.
    2. අනිත් කේස් එක තමා Online Business නම් ප්‍රාලේ එකේ Register කලොත් අවුලක් වෙනවද?
    3. Common Category එකක Register කරන්න පුලුවන්ද? Like Digital Services වගේ? වෙන Site එකකට වගේ උනත් පාවිච්චි කරන්න පුලුවන් විදියට?
    4. Site එකේ නමටම BR එක ගන්න ඕන එකක් තියෙද?

    දන්න කිරියෙක් පැහැදිලි කරන්න.
     

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,142
    2,661
    113
    owa karanna kalin patan ganna. IPG oni na COD/KOKO dala wade karanna. ID eka athi. passe register karanna
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    මුලින් රෙජිස්ටර් කරන්නේ නැතිව නමක් දාගෙන ඉස්සෙල්ලා ටික කාලයක් කරලා බලන්න.
     
    • Love
    Reactions: Lionzzz

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,524
    1
    3,550
    113
    Earth
    මුලින් රෙජිස්ටර් කරන්නේ නැතිව නමක් දාගෙන ඉස්සෙල්ලා ටික කාලයක් කරලා බලන්න.
    ipg ekk ganna widiyak tiyeda?
     

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    ඩිජිටල් නොමෑඩ් ලා ඉන්න යුගයක ලංකාවේ ඔන්ලයින් ව්‍යාපාරයක් ලියාපදිංචි කරන්නත් ගෙදර ඉස්සරහා ලොකු බෝඩ් එකක් එල්ලන්න ඕනිලු.


    1.ප්‍රාෙද්ශීය ලේකම් කාර්යාලයට ගිහින් ව්‍යාපාර නාම ලියාපදිංචි අංශයෙන් ෆෝම් එකක් ඉල්ලගන්න. ඒකට සල්ලි ගන්නෙ නෑ.

    2. ඒකත් එක්ක දෙනව ග්‍රාමසේවක මහත්තයට බාර දෙන්න ඕන ෆෝම් එකකුත්.

    3.ඊට පස්සෙ ඕන වෙනව ඔයා ව්‍යාපාරය පවත්වාගෙන යන ස්ථානයේ ඉඩම් ඔප්පුවේ පත් ඉරුවක් ( මාස 6ක් ඇතුළත ලබාගත් එකක් විය යුතුයි ).

    4.ඊළඟට ඕන වෙනව ඉහත සඳහන් කරන ලද භූමියේ හිමිකරු විසින් , ඔබ අදාල ස්ථානයේ අදාල ව්‍යාපාරය පවත්වාගෙන යාමට කැමැත්ත ප්‍රකාශ කළ ලියුමක්.(මෙම ස්තානයේ අයිතිය ඔබට නැතිනම්)

    5.ඊළඟට ඕන වෙනව ඔයා ව්‍යාපාරය කරන තැන, අදාල ව්‍යාපාරය සම්බන්ධව පැහැදිලිව පෙනෙන ආකාරයට ප්‍රදර්ශනය වන නාම පුවරුවක්. තේරෙන විදියට කිව්වොත් Name Board එකක්
    😀


    6.දැන් ජාතික හැඳුනුම්පතේ පොටෝ කොපි 2ක් සහ උප්පැන්න සහතිකයෙ මුල් පිටපතත් අරගෙන අර පළවෙනි ෆෝම් එකත් අරගෙන යන්න ග්‍රාමසේවක මහත්තය ළඟට.

    7.ඊට පස්සෙ අඩුපාඩු තියෙනවනම් ඒවා හදල දෙයි. ඔක්කොම හරි නම් ග්‍රාමසේවක මහත්තයා එයි ව්‍යාපාරික ස්ථානයට. ඒ ආවට පස්සෙ අර කැමැත්ත ප්‍රකාශ කරපු ලියුම ග්‍රාමසේවක මහත්තය ඉදිරියේ අත්සන් කරලා ( භූමියේ අයිතිකරු ) සහතික කරවගන්න පුළුවන්.

    8.ඊළඟට පත්ඉරු, උප්පැන්න සහතිකයෙ පොටෝ කොපි, ID එකේ පොටෝ කොපි අනං මනං ඔක්කොම අරගෙන, අර සම්පූර්ණ කරන ලද පළවෙනි සහ තුන්වෙනි රූපවල තියෙන ෆෝම්ස් අරගෙන බදාදා දවසක AG Office එකට යන්න.

    9.අඩුපාඩු නැත්නම් 4,5,6 කියන ෆෝම්ස් ඔයාට එතනින් දෙයි.

    10.4 වෙනි එක ග්‍රාම නිලධාරී තුමාට/තුමියටම දෙන්න. වෙන වෙන අයට දෙන්න එපා.

    11. 5වෙනි එක පරිසර නිලධාරී තුමාට/තුමියට දෙන්න. වෙන වෙන අයට දෙන්න එපා.

    12. 6 වෙනි එක සංවර්ධන නිළධාරී තුමාට/තුමියට දෙන්න. වෙන වෙන අයට දෙන්න එපා.

    13. පරිසර සහ සංවර්ධන නිලධාරීන් ව්‍යාපාරය බලන්න ඔයාගෙ ව්‍යාපාරික ස්ථානයට එනව. ඒ ඇවිත් බලලා එයාලා වර්තාවක් යවනව ප්‍රාදේශීය ලේකම් තුමාට. ඊට පස්සෙ ඒක එනව ව්‍යාපාර නාම ලියාපදිංචි කරන නිලධාරියට. AG Office එකට ගිහින් බලන්න වැඩේ කෙරිලද කියල.

    14. අඩුපාඩුවක් නැත්නම් කියයි සල්ලි බඳින්න කියල. ඒකට ඔයාට රිසිට් එකක් දෙයි.ඒකත් අරගෙන මුදල් ගෙවන තැනට ගිහින් සල්ලි දෙන්න.

    15. සල්ලි ගෙව්වම ඔයාට රිසිට් එකක් දෙයි. ඒක අරගෙන ගිහින් ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමට සම්බන්ධ නිලධාරියාටම දෙන්න. වෙන වෙන අයට දෙන්න එපා.

    16. ප්‍රාෙද්ශීය ලේකම් තුමා/තුමිය ඉන්නවනම් විනාඩි 10න් වැඩේ OK.


    උපුටා ගැනීම.
    සුගත් ලියනගේ & තිළිණ විමලප්‍රිය
     
    • Sad
    Reactions: Lionzzz

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,472
    18,108
    113
    owa karanna kalin patan ganna. IPG oni na COD/KOKO dala wade karanna. ID eka athi. passe register karanna
    :yes: risk eka minimize karana low cost ekata patan ganin..

    IPG dala mulin ma one ne. Ehema karana unuth keeyak nam inmwa da.. udama set eka taram gemak gahanne nene.. COD walin patan ganin fb eke , insta wage dala (product eka anuwa)