ඇස්ටෝං කියන්නෙ නේද බං.

අපේ යාලුවෙක් හිටිය පොඩිකාලේ උගේ ලවු එක ජම්බු ගහෙන් වැටිල ඌ පාටියට ගිහින්. කට්ටිය උට ඇට්ටෝං කියල කාඩ් එකක් දාල තිබ්බා.
නිර්භීතම කොලුවෙක් ඒකා

අපිට ඉතිං ඕව නවත්තන්න බෑනේ..ඒත් ඉතිං ඒ කෙල්ල කොහේ හරි රස්තියාදු ගහන කාලකණ්නියෙක් ඵක්ක පැනල ගියොත් අර වියදම් කරපු සල්ලිත් අපරාදේ කියල හිතෙයි...
ඕකත් එක විදිහක වක්‍රාකාර හේතුවක් මම හිතන්නේ

------
Post added on May 9, 2026 at 8:34 AM
අම්මෝ මං පෙරෙදා එකකට ගියා.කන්න තිබ්බා ජාති ගොඩ. මස් ජාති ඔක්කොම තිබ්බා.
දුන්නද කියන්නෙ බඩ උල්වෙන්ඩම


------
Post added on May 9, 2026 at 8:35 AM
මචංලා පුද්ගලිකවම මමත් ඔවැනි පාටි වලට ආස නෑ.කොටින්ම මගෙ අක්කටවත් නංගිටවත් ඔහොම ඒවා ගත්‍තෙ නෑ (අදාල චාරිත්‍ර නම් කරන්ඩ ඇති).නමුත් මේක
විවේචනයක් කරන්න කලින් අපි මේකෙ මානුෂිය පැත්ත හිතන්ඩත් ඕන.මම ඔය වගෙ පාටි දැම්ම අතිශය හිතවත් අය දෙතුන් දෙනෙක් එක්ක පොඩ්ඩක් කතාකලා.ඒ අයගෙ අදහස උනේ
1)
"අපි දරුවාගෙ මඟුල් ගෙදර කරන්න ජීවත් වෙන්නත් පුලුවන් ,නොවෙන්නත් පුලුවන් .කවදාහරි ලමයා කසාදයක් බදින්න කලින් අම්මා/තාත්තා නැති උනොත් ඒ ලමයට වෙන ඒ අඩුපාඩුව මැකෙන්න තමා මේක මෙච්චර ලොකුවට ගන්නේ
2)"මේ ලමයා කවදාහරි නොගැලපෙන කසාදයක් කරගෙන ගෙදරින් ගියොත් මඟුල් ගෙයක් ගත්තා කියන එකේ සංතෝසය පිරෙන්න හරි මේ වගෙ උත්සවයක් ගත්තා කියන satisfaction එක අපිට තියනවා"
(මේ වගෙ අදහසක් තමා උන් දුන්නේ,ටිකක් තේරුම් ගන්න බලන්න මට වචන ගලපලා ලියන්න තේරෙන්නෑ )
------
Post added on May 9, 2026 at 8:42 AM
දෙමල අයගෙත් ඔව්ව මහ විසාලෙටම ගන්නවා.එකපාරක් යාපනේ තිබ්බ එකකට මගෙ cousin ගිහිල්ලා ඇවිල්ලා විස්තර කිව්වා.එදා උන් නතර වෙලා හීටිය යාපනෙ ගෙදර අයිතිකාර මනුස්සයාගෙ මිනිපිරියක් හරි ඣාති දුවකගෙ හරි කොටහලු මඟුලලු.ඒ ලමයා UK වලද කොහෙද ඉපදිච්ච කෙනෙක්.ඒ චාරිත්‍ර කරන්ඩම මෙහෙ ඇවිල්ලා.අර අන්කල් ගෙ ඉල්ලීම උඩ ගියපු මුන්ගෙ
------
Post added on May 9, 2026 at 8:45 AM
දෙමල ජනතාවත් ඕක ලොකුවටම ගන්නවා මචං,මගෙ cousin යාපනෙ කැම්පස් එකේ ඉන්න කාලෙ උන් නතර වෙලා හිටිය ගෙදර අන්කල් උන්ගෙ දුවෙක්ගෙ උත්සවේකට එන්න කියලා තිබ්බා මුන්ගෙ විස්සකට වගේ.මුන් ගියාම.හොඳට කන්න බොන්න දීලා -රෑට කන්න කෑමත් ඔතලා දීලම එවලා තියෙන්නෙ.විශේෂම දේ ඒ කොටහලු උන ලමයා UK වලදි ඉපදුන කෙල්ලෙක් ලු.මේ උත්සවේ ගන්නම උන් යාපනේ ඇවිල්ලා.ඒ විතරක් නෙමේ එදා උත්සව සභාවෙ හිටිය අතිශය බහුතරයක් දෙමල අය මුන් university students ලා හන්දා මුන් එක්ක කතාකරලා.ඒ ගොඩක් අය Germany ,France,UK,USA,Canada,Aussi ඉදලා ආව අයලු.උන් යුද්දෙ කාලෙම රටෙන් ගියපු යමක් කමක් තිබ්බ දෙමලසෙට් එකක්.එදාලු මගෙ cousinට තේරුනෙ දෙමල ඩයස්පෝරාව කිව්වාම උන් spread වෙලා ඉන්න රටවල් ගොඩ


------
Post added on May 9, 2026 at 8:50 AM