ටික කාලයක් යන, හොඳ ඉවසීමක් තියෙන්න ඕන, දීර්ඝකාලීන විසඳුමක් කියන්නං. ඔහොම එකෙක් මටත් සෙට් වෙලා තියෙනව. මම වැඩේ ගොඩ දාගත්තු විදිහ කියන්නං.
ඔක්කොටම කලින් උඹ ටිකක් ඊගෝ එක අඩු කරගෙන පසනැලිටි එක හදාගනිං. ඌ කේලං කිව්වට උඹ කියන්න යන්න එපා. ඌ බැන්නට උඹ උඹ කවුන්ටඇටෑක් කරන්න යන්න එපා. ඇග්‍රසිව් නොවන කෙලින් උත්තර දීපන්. ඔය ගොඩක් ඒව වචනෙන් නවන්න පුලුවන්.
හැම එකාටම උදව් කරපන් පුලුවන් විදිහට. අරූටත් එක්කම. ඌට කියල කිසි වෙනසක් කරන්න එපා.
ඌත් එක්ක වැඩ කරන්න සෙට් වෙයන් කොර නැතුව. ඌ නැති තැනවත් ඌට බනින්න යන්න එපා. ඌ නැති තැන හොඳ කියපන්. මොකද ඕව උගේ කණට යනව.
ඌත් එක්ක සංවේදී නොවන උඹේ පොඩි පොඩි පර්සනල් දේවල් කතාකරපන්. ගැටලු/ප්‍රස්න කියන්න යන්න එපා. එතකොට මුලින් කොහොම උනත් පස්සෙ පස්සෙ ඌ උඹත් එක්ක ෆිට් වෙනව.
ඌ හිර වුන වෙලාවට ගොඩ දාල දෙන්න උඹ බැහැපන්. උඹේ ඒවට ඌ ආවෙ නැතුවට කමක් නෑ. පස්සෙ ඌ එනව.
උඹ චීත්තයක් නොවී/ කේලම් නොකිය හිටපන්. ඒ ඇති.
ඔය ටික කලොත් ඌ විතරක් නෙවෙයි හැම එකාම උඹත් එක්ක බොක්කට ෆිට් වෙනව. මේ ටිකෙන් කියන්නෙ හාවෙක් වෙන්න කියල නෙවෙයි. ගේමක් ගහන විදිහක්. පට්ට අමාරුයි, හැබැයි දීර්ඝකාලීනයි.
මමත් එක්ක හිටපු වයසක, පට්ටම ටොක්සික් බොසෙක්ව මම ගොඩ දාගත්ත ඔහොම. අන්තිමට උගේ ෆිට් එක උනේ මම. උගේ පට්ටම පර්සනල් දේවල් හිට මට කියනව. අදටත් පොර ඕන දේකට මාත් එක්ක ඉන්නව.අවුරුදු 55ක් විතර වෙනව ඌට. ඒත් ඌ මාව සලකන්නෙ එක වයසෙ එකෙක් විදිහට. කලින් මමත් ටිපර් වෙලා වැඩ කලා නං ඌ අදටත් ටොක්සික්.
පොර සෑහෙන්න වෙලාවල්වලදි බොසා එක්ක කතා කරල මට ජොබ් එකේදි ආපු ගැටලු විසඳල දීල තියෙනව. වැඩිය තියා මම නැත්තං මගේ වැඩ ටික හිට ගොඩදානව සද්ද නැතුව. ඒ ගානට ගොඩ දාන්න පුලුවන් උඹ මොලෙන් ගේම ගැහුවොත්.