වසර 12ක් ඇදුණු නඩුවකින් ගායන ශිල්පී ‘චිලී’ වැරදිකරු වෙයි 😂

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    3,615
    7,469
    113
    Chilly.png



    ප්‍රසිද්ධ ගායන ශිල්පියෙකු වන තිලංක විදූෂ නොහොත් ‘චිලී’ යන අයගේ නිවසට ඩෙංගු පරීක්ෂාවට පැමිණි පොලිස් නිළධාරීන්ට සාපරාධි බලහත්කාරය පෑම සහ පහර දීමට තැත් කිරීම සම්බන්ධයෙන් විභාග වූ නඩුවකින් සැකකරු වැරදිකරු ලෙසට කඩුවෙල මහෙස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා ඊයේ (20) දින නියෝග කළේය.

    මේ සම්බන්ධයෙන් වූ දඩුවම් නියම කිරීම ලබන ජූලි මස 22 දින තීරණය කිරීමටත් මෙහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබීය.

    2014 වසරේදී තලංගම පොලිස් බල ප්‍රදේශයේ පිහිටි ‘චිලී’ නොහොත් වෙළදගොඩ පතිරණගේ තිලංක විදූෂ යන අය පදිංචිව සිටි නිවසේ ඩෙංගු පරීක්ෂා කිරීම සඳහා තලංගම පොලිසියේ පොලිස් නිළධාරීන් පැමිණි අවස්ථාවේදී මෙලෙස එම නිළධාරීන්ට සාපරාධී බලහත්කාරය පෑම සහ පහරදීමට තැත්කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසු ඇප මත නිදහස් කෙරිණි.

    ඒ අනුව වසර 12ක කාලයක් මේ සම්බන්ධයෙන් කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයෙහි නඩු විභාගය සිදුවිය.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,385
    11,064
    113
    උ කියන්න ඇති මදුරුවො හිටපු දෙන් ප්‍රාන ගාත මෙහෙ බැ ආපහු යන්න කියලා
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,851
    3,233
    113
    Malabe
    'පහරදීමට තැත්කිරීම සම්බන්ධයෙන්...'
    තැත්කිරීම nisa avrudu 12 nam පහරදීමටavrudu keeyak yaida. Verdict could have been given in one day.
    And when he appeals it would take a lifetime.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,526
    45,731
    113
    ඔය වගේ අපතයෝ නිසා තමයි ඒ වැඩපිලිවෙල නවත්තලා දාන්න වුනේ..ඒකෙන් පාඩු වුනේ මිනිස්සුන්ටමයි.දැන් කීදෙනෙක් මැරෙනවද අවුරුද්දකට ඩෙංගු වලින්..ඔය වගේ උන්ව අවුරුදු 5ක් හරි හිරේ දාන්න ඕන අනිත් උන්ටත් උණ ගන්න.. රටක නීතියකට වැඩ කරන්න බැරි කාලකන්ණි..
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,601
    1,803
    113
    Wonder how frequently he had to appear before the court during these 12 years.

    If there was CCTV things would be a bit different I guess.. - not sure whether there was..

    There must be a reason this backlog of court cases, cannot be expedited, without affecting their substance..
     
    • Sad
    Reactions: planner123

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,186
    25,332
    113
    ඕකට සම්බන්ද වුන පොලිසියේ අය දුර ගෙවාගෙන නඩු වලට අවුරුදු 12ක් එන්න ඇති. මගේ පොලිස්බාප්පා බර්ටි ප්‍රේමලාල් එක්ක වලියක් දාගෙන කොළඹට transfer කළා ( හරක් ලොරි අල්ලලා ). පස්සේ හැමදාම නඩුවට අනුරාධපුර ගියා. ගමන් වියදම් එක්ක හෙණ වියදමක්. නඩුව ඇදුනා සෑහෙන්න කාලයක්. බර්ටියා මළා බාප්පත් මළා, නඩුව තාම ඇති..
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,601
    1,803
    113
    ඕකට සම්බන්ද වුන පොලිසියේ අය දුර ගෙවාගෙන නඩු වලට අවුරුදු 12ක් එන්න ඇති. මගේ පොලිස්බාප්පා බර්ටි ප්‍රේමලාල් එක්ක වලියක් දාගෙන කොළඹට transfer කළා ( හරක් ලොරි අල්ලලා ). පස්සේ හැමදාම නඩුවට අනුරාධපුර ගියා. ගමන් වියදම් එක්ක හෙණ වියදමක්. නඩුව ඇදුනා සෑහෙන්න කාලයක්. බර්ටියා මළා බාප්පත් මළා, නඩුව තාම ඇති..

    Sorry to hear..

    Isn't the travelling cost reimbursed for government servants..?