මගෙ Phone එක හැක් උනා

Phonemy

Well-known member
  • Jan 2, 2018
    2,273
    1
    2,525
    113
    මචං මගේ යාලුවෙක්ට මෙහෙම සීන් එකක් උනා දැන් කලෙකට කලින්, උගේ උනේ boc B ඇප් එක හැක් කරලා සල්ලි අරන් තියෙන්නේ, ඒක වෙලා තියෙන්නේ fb එකේ add එකක් තිබිලා තියෙනවා මොනවා හරි item එකක් අඩුවට, මු එක ක්ලික් කරලා oder කරන්න,උන් ලින්ක් එකක් ඒවල ඒකෙන් ගිහින් oder එක ප්ලේස් කරන්න කියලා, ඒ ලින්ක් එක ක්‍රෝම් එකෙන් ඕපන් වෙලා තියෙන්නේ, එකේ තිබිලා තියෙන්නේ නිකන් addres එහෙම දාලා oder එක දාන්න, හැබැයි ඒ ලින්ක් එකට ගිහින් details fil කරද්දී වූ දැකල තියෙනවා බ්‍රව්සර් එකට නිකන් තත්පර ගානකින් මොකක් හරි එකක් ඩවුන්ලෝඩ් වෙනවා වගේ, වැඩිය ගණන අරගෙන නෑ, උඹට උනා වගේම දවස් දෙකකට විතර පස්සේ පෝන් එක හැක් වෙල, උගේ කවුන්ට් එකේ තිබුණු සල්ලි වෙන එකකට ට්‍රාන්සර් කරගෙන, බෑන්ක් එකෙන් කියලා ඔයා ඇප් එකට ලොග් වෙලා සල්ලි ට්‍රාන්සර් කරලා කියලා තමා පේන්නේ ඒක නිසා එයාලට කරන්න දෙයක් නෑ කියලා, පොලිසියේ පැමිණිල්ලකුත් දාලා තිබිලා තියෙනවා හැබැයි මේ වෙනකන් සල්ලි නම් හම්බවෙලා නෑ කරේ කවුද කියලා හොයාගෙනත් නැහැ. තවම පොලිසියේ කේස් එක තියෙනවා,
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,839
    5,798
    113
    ඔව්.මට හිතෙන්නෙ ඒකෙන් තමයි කෙලඋනේ.Plex කියල ඇප් එකක්
    Plex එකේ pro version එකක් කොහෙන හරි හොරට අරගෙන APK එක දා ගත්ත නේද. මාසෙට $7ක් ගෙවල බලන්නෙ නැතිව දැන් ලක්ශ කීයක්ද පාඩුව

    නැතිව Original Plex ඇප් එක හෙනම reputed/trusted ඇප් එකක්. මාත් Plex server එකක් රන් කරනවා, ගෙදර හැම ඩිවයිස් එකටම දාල තියනවා (හොරට අරගෙන නෙමෙයි Appstore එකෙන් අරගෙන සබ්ස්ක්‍රිප්ශන් එක පේ කරලා)
    ඇප් එකේ අවුල් නැහැ

    උඹ කවුරු හරි හැකර් කෙනෙක් ටැම්පර් කරපු එකක් දාගන්න ඇති APK එක අරගෙන.


    බැංකුවෙට වැරැද්දක් කියන්න බැහැ බන් මේකට
    උඹ විහින් කරගන්න ඒවට
     

    ayanthamaxi

    Well-known member
  • Apr 2, 2010
    6,586
    931
    113
    Mawanella Town
    ඔව්.මට හිතෙන්නෙ ඒකෙන් තමයි කෙලඋනේ.Plex කියල ඇප් එකක්
    1783128010748.png


    meka da site da ? https://watch.plex.tv/
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,839
    5,798
    113
    ඕක බන් හෙන පොපියුලරේ ෆේමස් ඇප් එකක්

    mobile ඇප් එකට සල්ලි ගෙවන්න ඕන. ඒක ෆ්‍රී යූස් කරන්න බැහැ
    මූ කොහෙන් හරි හැක් කරපු ඇප් එකක් දාගන්න ඇති කියලා මම හිතන්නෙ
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,892
    7,814
    113
    Plex app එකෙන් මේක වුණා කියලා මේ සිද්ධිය එක්කම මිනිස්සු අතරට පණිවුඩය යවන්න ඕන.
    තව එකෙක්ට කෙළවෙන්න කලින්..
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,792
    10,892
    113
    35
    Spain
    appata hikena seen ekak. mekata ganna puluvan kriyamarga monavada hack novenna. mokada hack unata passe monavath karala vadak na.
    මන් බෑන්ක් ඇප් තියාගන්නේ නැහැ. කම්පියුටර් එකේ බ්‍රවුසර් එකෙන් ලොග් වෙලා වැඩේ කරගන්නවා. බෑන්ක් ඇප් දාගන්න ඕනෑම නම් එකට වෙනම ෆෝන් එකක් තියාගත්තොත් හරි කියල මට හිතෙන්නේ. අනිත් වැඩ වලට තව ෆෝන් එකක්. දැන් කාලේ පරණ ෆෝන් ඕන තරම් තියෙන නිසා ඕක කරන්න පුළුවන් නෙ.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,028
    16,714
    113
    ලංකාවනම් පට්ට unsafe රටක් හැමදේටම.. ඵහෙන් ඉඩමක් තියාගත්තොත් හොර ඔප්පු හදයි නැත්නම් කාට හරි උගස් කරයි..බදු දුන්නොත්, කුලියට දුන්නොත් ඒ ගන්න ඵකා බලන්නේ ඒක අයිති කරගන්න,. Bank account ඵකක් තිබ්බොත් රෑ තිබ්බ සල්‍ලි උදේ නෑ..ඒ අස්සේ ගොන් පම්කු අනුරව උඩ තියෙනවා රට දැන් හරියට ඔය කිසි දෙයක් වෙන්නේ නැති සුරපුරයක් වගේ කිය කිය..🤮


    මන් බෑන්ක් ඇප් තියාගන්නේ නැහැ. කම්පියුටර් එකේ බ්‍රවුසර් එකෙන් ලොග් වෙලා වැඩේ කරගන්නවා. බෑන්ක් ඇප් දාගන්න ඕනෑම නම් එකට වෙනම ෆෝන් එකක් තියාගත්තොත් හරි කියල මට හිතෙන්නේ. අනිත් වැඩ වලට තව ෆෝන් එකක්. දැන් කාලේ පරණ ෆෝන් ඕන තරම් තියෙන නිසා ඕක කරන්න පුළුවන් නෙ.

    Iphone වල security ඵක වැඩියි නේද android වලට වඩා? Banking apps වලට iphone හොඳ අැති...