අන්තිම කොටස
ඕනිම කෙනෙක්ව Software Engineer කෙනෙක් කරන මැජික් එක.
ඒක තමා Research and Innovation.
මේක අන්තිම සහ වැදගත්ම කොටස Technical skills වල අපිට කතා කරන්න තියෙන(කලින් ලිපි ටික යට ඇති). මේ කොටස හරියට තේරුම් ගන්න බැරි උනොත්. මම කියන්නෙ මේ මම ලියල තියෙන එක නෙවෙයි. SE කෙනෙක් විදියට වැඩ කරද්දි Research and Innovation විදියට තමන්ට කරන්න තියෙන්නෙ මොනවද කියල තේරුම් ගන්න බැරි උනොත් ඔයාට මේක ටික ටික එපා වෙන්න පටන් ගන්නව. මොකද අපි එක තැන ඉන්නකොට අපිට වඩා ගොඩක් අය අපිව පහු කරගෙන ඉස්සරහට යනව. ඒ වගෙම ඔයා තනියම ඉගෙන ගෙන Software Engineer කෙනෙක් වෙන්න නන් ඉන්නෙ මේ කොටස තමා ඔයාව Software Engineer කෙනෙක් කරන මැජික් එක.
දන්නා දෙයින් නොදන්නා දේ ඉගෙන ගන්න හැටි
මොන්ටිසෝරි බබෙක්ගෙන් උනත් දන්නෙ නැති දෙයක් නන් අහන්න පුළුවන් හැකියාවක් තියෙන එක
හැම වෙලේම තමන් දන්න දෙයක් නෑ කියල දැනගෙන ඉන්න එක
මේ දේවල් තුන තමා මට හිතෙන්නෙ මූලිකවම මේ කොටස සාර්ථක කරගන්න මට උදව් උනා කියල මම හිතන්නෙ.
අපිට හැම වෙලාවෙම අලුත් තාක්ෂණය ගැන දැනුවත් වෙනවද කියන එක තමා මේ Research and Innovation කොටසෙදි Software Engineer කෙනෙක් විදියට අපේ වගකීම වෙන්නෙ. අපි අද Java 21 පාවිච්චි කරල ඉගෙන ගත්තට තව අවුරුදු කීපයක් යනකොට JAVA වල අලුත් වර්ශන් එනව. එතකොට ඒව අපි ඉගෙන ගත්තු ඒවත් එක්ක සම්පූර්ණයෙන්ම වෙනස් වෙනව. ඒ වෙලාවට ආයෙ අපිට ක්ලාස් වලට ගිහින් ඒව ඉගෙන ගන්න බෑ අපි කරන්න ඕනි ඒ අලුතෙන් එකතු වෙන දේවල් අපිම හොයල ඉගෙන ගන්න එක. අපි Software engineer කෙනෙක් විදියට Company එකට එකතු වෙලා කාලයක් යනකොට ඒ Company වල භාවිතා කරන Tech Stack වෙනස් වෙන්න පුළුවන් ඒවගේම වෙනම TechStack වලින් කරන්න ප්‍රොජෙක්ට් එන්න පුළුවන්. මේ වගේ හේතු ගොඩක් නිසා අපිට මේ වැඩේ අපි IT ෆීල්ඩ් එකේ ඉන්නව නන් අනිවාර්‍යෙන්ම කරන්නම වෙනව එහෙම නැති උනොත් වෙන්නෙ අපිව ටික ටික ෆීල්ඩ් එකෙන් අයින් වෙන එක.
මම මේකොටස වෙනුවෙන් කරන වැඩ ටිකක් කියන්නන් මම පාවිච්චි කරන. මේව මම ඉගෙන ගන්න පටන් ගන්න කාලෙත් පාවිච්චි කරා තාමත් පාවිච්චි කරනව.
දන්නෙ නැති මොනව හරි දෙයක් මම කැමති ෆීල්ඩ් එකක ඇහුනොත් මම කරන්නෙ ඒක ඒ වෙලාවෙම හොයල බලනව. අඩුම ගූගල් සර්ච් එකක් හරි ගහල බලනව මොනවද තියෙන්නෙ කියල. දැන් එහෙම බලපුවම එවෙලෙට මොකවත් ඕකෙන් ඉගෙන ගන්න බෑ වෙන්නෙ ආ එහෙම දෙයක් තියෙනව නේ කියල ඔලුවට යනව. එහෙම ගියාම ආයෙ අපිට මොකක් හරි වැඩක් කරන්න ගියාම ඒ අපි බලපු එකක් වගේ දෙයක් ඕනි උනොත් නිකම්ම මතක් වෙනව. ඒක අමුතුවෙන් මතක තියාගන්න ඕනිත් නෑ මතක් වෙනව. එහෙම ඉබේ මතක් වෙන්නෙ නැත්තන් ගූගල් ඩොක් එකක් වගේ දාල තියාගන්න කීවර්ඩ් දෙක තුනක් එක්ක. එතකොට ඕනි උනාම එතන නිකන් සර්ච් කරල බලන්න පුළුවන් නෙ.
ආයෙ දවසට කීප පාරක් මෙන්න මේ සයිට් වලට ගිහින් බලනව.
news.ycombinator
Medium
Google eke chrome eke ena news feed eka
X.com එකේ අපි කැමති Technology වල කට්ටියව සර්විස් ෆලෝ කරල තියාගන්න එක.
ඔය ක්‍රම දෙක තමා මූලිකවම අනික් ක්‍රමය තමා මොකක් හරි අලුත් ටෙක්නොලොජි එකක් තිබ්බොත් මගෙ සයිඩ් ප්‍රොජෙක්ට් එකකට ඒක දාල බලන එක. ඒක නන් මම එච්චර Recommend කරන විදියක් නෙවෙයි සමහර වෙලාවට අපේ මූලික අරමුණ වෙන ප්‍රොජෙක්ට් එක හදන එක මග ඇරෙනව. ඒත් ඔය ඕනි එකක් හරියටම ඉගෙන ගන්න නන් කරන්න වෙන්නෙ ඒක තමා.
දැන් මම හිතන්නෙ අදහසක් තියෙනව Software Engineer කෙනෙක් විදියට Industry එක ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නෙ කියන එක. මෙතනින් ගොඩක් ඒව ඇත්තටම පුරුදු. ඒව අපිට අද මේක කියවල හෙට හවස වෙනකොට හදාගන්න බෑ. අපිට ඒකට කාලයක් යනව. පොඩ්ඩක් ඉවසීමෙන් සහ වගකීමෙන් කරගෙන යන්න තියෙන්නෙ වැඩ ටික මුල ඉදලම පිලිවලට එතකොට අදාල කාලය ඇතුලත ඔයාව Industry එකට නැතුවම බැරි කෙනෙක් වෙන්න පටන් ගන්නව ඔයා අතේ ඩිග්‍රි එකක් තිබ්බත් නැතත්. පුළුවන් නන් degree එකක් කරගන්න ඒක පුළුවන් වෙන පළවෙනි වෙලාවෙම ඒක පටන් ගන්න. ඒ ඇයි කියන එක අපි පස්සෙ කතා කරමු.
තාම අපි කතා කරේ Technical Skills ගැන විතරයි. අපිට තව කොටසක් තියෙනව එහෙම්මම. අපි ඒ ටික තව ලිපියකින් කතා කරමු. තමන්ගෙ අදහස් පහලින් ලියාගෙන යන්න. මේ කොටසෙ අපි කතා කරපු ටික ඔයාගෙ අලුතෙන් IT ෆීල්ඩ් එකට එන්න ඉන්න සහෝදර සහෝදරියන්ට යාළුවන්ට වැදගත් වෙයි. මොකද මේ කාරණා ටිකත් එක්ක මොකද්ද තමන්ට කරන්නෙ තියෙන එක ගැන හරි අවබෝධයක් ඇතුව Software engineer ඉගෙන ගන්න පටන් ගන්න එක ඇත්තටම වැදගත් එයාලට වගේම දැනට ක්ෂේත්‍රයේ ඉන්න අපි හැමෝටමත්.
Part 1 -
Part 2 -
Ado mu e kale dipu talks balhnko. Mage pukath hina wenwaමන් කොහොමත් රට යන්න ඉන්නෙ බන් නියම engineering degree එකක් කරන්න.උබලා වගේ it degree ක් කරලා engineering ගාන්නේ නෑ මන්.ලංකාවේ පොන්නයන්ගේ driving license එකවත් ඕන නෑ මට මේ international driving license එක ගන්න ඕන නිසා ගන්නේ
.
තාම self study කරන අය ඉන්නව. කැමැත්තෙන් තනියම ඉගෙන ගන්නව කියන්නෙ හොදටම උණ තියෙන අය නිසා ඔය layoff seen එක්ක අවුල් වෙනව අඩුයි කොහොම හරි survie වෙනව.2025 මාර්තු - නොවැම්බර්, වලත් බම්ප් වෙලා කියන්නේ, 2024 දෙසැම්බර් වල පටන් ගත්තු lay-off ගැන කිසිම idea එකක් තිබිලා නෑ වගේ..
Entry ලෙවල් කොහෙ ද බන් ජොබ් තියෙනනේ, පව් බන් කොල්ලෝ. නොමඟ යවන්න හොඳ නෑ තරුණ ජීවිත නිකන් ගෙවිලා යනවා ඊළඟට. පේනවනේ, සල්ලි දීලා ඉන්ටර්න් කරන රැල්ලක් ඇවිත් තියෙන හැටි. තව සෙට් එකක් නිකන් වැඩ ගන්නවා. ඕවායින් අන්තිමේ දි හම්බ කරන්නේ පවු කාර උන් තමා.තාම self study කරන අය ඉන්නව. කැමැත්තෙන් තනියම ඉගෙන ගන්නව කියන්නෙ හොදටම උණ තියෙන අය නිසා ඔය layoff seen එක්ක අවුල් වෙනව අඩුයි කොහොම හරි survie වෙනව.