මෙහෙම හිතන්න..
උබට හීනෙන් සෙට් එකක් ගහනවා. එවෙලේ එක පාරට මීටර් වෙනවා දකින්නේ හීනයක් කියලා..
"හීනයක්" කියන්නේ හරසුන්, හරයක් නැහැ කියන අර්ථයෙන්.
හීනෙන් ගහක් පේනවා, ලඟට ගිහින් ඇල්ලුවහම අල්ලන්නත් පුලුවන්..
ඒත් ඒ මුළු එක්ස්පීරියන්ස් එකේම හරයක් තියෙන්න පුලුවන්ද?
හීනෙදිත් පේනවා, ඇහෙනවා, දැනෙනවා, හිතෙනවා. හැබැහිනුත් පේනවා, ඇහෙනවා, දැනෙනවා, හිතෙනවා.
හින කියන්නේ මොලයෙන් කරන සිමියුලේෂන් එකක්
මනස කියන්නේ හුදෙක් මොලයෙන් ඇති කරන දෙයක්. වෙන්න පුළුවන් දේ මොලේ මරුනහම මනසත් ඉවරයි
අත්දැකීම = මනස කියලා ගන්න..
අත්දැකීමම simulated එකක්නම්, ඒ simulation එක ඇතුලෙම නේද මොලයක්, මනසක් හම්බෙන්නේ? මනස කියන්නේ මොලයෙන් ඇති කරන දෙයක්/ එහෙම නෙමෙයි කියලා කියන්න පුලුවන් වෙන්නේ?
simulation එක, ඒ මට්ටමින්ම දැක්කොත්, simulation එක ඇතුලේ හම්බෙන සියල්ල හරසුන් වෙනවා නේද?
මිරිඟුවේ වතුර පෙනුනට, කවදාවත් වතුර හම්බෙන්නම බැහැ.
කෙසෙල් කඳේ කොච්චර හෙව්වත්, කොච්චර කපන් ගියත් අරටුවක් හම්බෙන්න බැහැ
ඒ වගේම තමයි පංචස්කන්ධයේ (අත්දැකීමේ) හරයක් හම්බෙන්නත් බැහැ.
හරයක් හම්බෙන්න බැරි තැනක හරයක් දරාගෙන තමයි සතුටු වෙන්න හෝ දුක් වෙන්න පුලුවන්. ඉතින් මොකක්ද ප්‍රශ්නේ? ප්‍රශ්නේ තමයි ජාති, ජරා, ව්‍යාධි, මරණ, ප්‍රිය විප්පයෝග, අප්‍රිය සම්ප්‍රයෝග ඉවරයක් වෙන්නැහැ.