මාස කිහිපයකට කලින් මම #Fiverr එකේ Top rated seller කෙනෙක් ( Graphic design , Illustrator )
ඒත් දැන් මම දවසට 3500 ක පඩියකට Paint කරන්න යනවා..
කතාව මෙහෙමයි මම Graphic designer කෙනෙක් විදිහට අවුරුදු 4 ක් වගේ Fiverr එකෙන් සල්ලි හෙව්වා. මාසෙට $2000+ වගේ. ඉතින් මම වෙන ජොබ් එකක් කෙරුවෙ නෑ මේකම කෙරුවා.. ඊට පස්සෙ මම ඉතුරු කරපු සල්ලි වලින් ඉඩමක් ගත්තා. හීවිතේට ලෝන් එකක් දාලා තියා ෆිනෑන්ස් එකක් දාල බයික් එකක්වත් ගත්තෙ නැති මම ලෝන් එකක් දැම්මා ලක්ෂ 40 ක. දාලා අතේ තිබ්බ ලක්ෂ 160 ක් දාලා ඉඩම ගත්තා...
ඉඩමෙන් දවස් 45 ට ලක්ෂයක් එක හමාරක් වගේ ආදායමක් එනවා... ඒ ගානට ගත්ත ඉඩම දැන් ලක්ෂ 300ට විකුනන මට්ටමටත් ඇවිත්.. ඉතින් ඔහොම යද්දි තමා Ai එන්නේ. Ai ඇවිත් පොඩි පොඩි basic දේවල් කරද්දිම මට හිතුනා වැඩේ අවුල් වෙන්න යන්නෙ කියලා අන්න ඒ කාලෙ තමා මම ඉඩම ගත්තෙ... ඊට පස්සෙ කොහොම හරි 2026 වෙද්දි ෆයිවර් එකේ වැඩ නැත්තටම නැති උනා.. දැන් මාස 6 කටවත් එක වැඩක්වත් එන්නෑ... ඇත්තටම මම කරපු දේවල් Ai වලින් ලේසියෙන් කරන්න පුලුවන්..
ඉතින් මම ගත්ත ලෝන් එකට සල්ලි දාගෙන යද්දි හිර උනා...මොකද පොල් කැඩෙනෙ දවස් 45 න්. ඒ උනාට මම මාසෙකට ලක්ෂ 1.30 ක් ලෝන් එකට දාන්න ඕනා.. දැන් මම අතුරු භෝග එහෙම දාල තියෙන්නෙ. ඒත් ඒව හැදෙන්නත් කාලයක් යනවනෙ.. ඉතින් කරන්න දෙයක් නැති කමට මම දැන් කුලී වැඩට යනවා.. දවසට 3500 ක් දෙනවා. මාසෙට දවස් 20 - 25 ක් වැඩ කරගත්තොත් අවුලක් වෙන්නෑ. ඒත් හැමදාම වැඩ නෑ ඉතින්...
තාක්ෂණය දියුනු වෙනකොට සමහර දේවල් ඇති වෙනවා නැති වෙනවා.. ජීවිතේට ජොබ් එකක් කරලා තිබ්බෙ නෑ මම, දැන් කොහෙ හරි රටකට හරි යන්න අදහසක් තියෙනවා මේ ලෝන් ටික ඉවර කරගෙන... මට තේරෙන්නෑ මොනවා කරන්නද කොහෙන් පටන් ගන්නද කියලා...
මට මේ දේවල් කියන්න කෙනෙක් නෑ බන්. ඒකයි මෙහෙම පෝස්ට් එකක් දැම්මෙ.. උබලා මේ සබ්ජෙක්ට් එකේ ඉන්න නිසා උබලට විතරයි මේ දේවල් කිව්වට තේරුම් ගන්න හරි පුලුවන්.