AI නිසා රු.3,500 දවස් පඩියට කුලී වැඩ කරන ෆයිවර් ටොප් රේටඩ් වෙලා හිටපු සෙලර්ස්ලා.. 🤷‍♂️

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    47,180
    1
    102,798
    113
    34
    Kalutara
    මාස කිහිපයකට කලින් මම #Fiverr එකේ Top rated seller කෙනෙක් ( Graphic design , Illustrator )
    ඒත් දැන් මම දවසට 3500 ක පඩියකට Paint කරන්න යනවා..

    කතාව මෙහෙමයි මම Graphic designer කෙනෙක් විදිහට අවුරුදු 4 ක් වගේ Fiverr එකෙන් සල්ලි හෙව්වා. මාසෙට $2000+ වගේ. ඉතින් මම වෙන ජොබ් එකක් කෙරුවෙ නෑ මේකම කෙරුවා.. ඊට පස්සෙ මම ඉතුරු කරපු සල්ලි වලින් ඉඩමක් ගත්තා. හීවිතේට ලෝන් එකක් දාලා තියා ෆිනෑන්ස් එකක් දාල බයික් එකක්වත් ගත්තෙ නැති මම ලෝන් එකක් දැම්මා ලක්ෂ 40 ක. දාලා අතේ තිබ්බ ලක්ෂ 160 ක් දාලා ඉඩම ගත්තා...

    ඉඩමෙන් දවස් 45 ට ලක්ෂයක් එක හමාරක් වගේ ආදායමක් එනවා... ඒ ගානට ගත්ත ඉඩම දැන් ලක්ෂ 300ට විකුනන මට්ටමටත් ඇවිත්.. ඉතින් ඔහොම යද්දි තමා Ai එන්නේ. Ai ඇවිත් පොඩි පොඩි basic දේවල් කරද්දිම මට හිතුනා වැඩේ අවුල් වෙන්න යන්නෙ කියලා අන්න ඒ කාලෙ තමා මම ඉඩම ගත්තෙ... ඊට පස්සෙ කොහොම හරි 2026 වෙද්දි ෆයිවර් එකේ වැඩ නැත්තටම නැති උනා.. දැන් මාස 6 කටවත් එක වැඩක්වත් එන්නෑ... ඇත්තටම මම කරපු දේවල් Ai වලින් ලේසියෙන් කරන්න පුලුවන්..

    ඉතින් මම ගත්ත ලෝන් එකට සල්ලි දාගෙන යද්දි හිර උනා...මොකද පොල් කැඩෙනෙ දවස් 45 න්. ඒ උනාට මම මාසෙකට ලක්ෂ 1.30 ක් ලෝන් එකට දාන්න ඕනා.. දැන් මම අතුරු භෝග එහෙම දාල තියෙන්නෙ. ඒත් ඒව හැදෙන්නත් කාලයක් යනවනෙ.. ඉතින් කරන්න දෙයක් නැති කමට මම දැන් කුලී වැඩට යනවා.. දවසට 3500 ක් දෙනවා. මාසෙට දවස් 20 - 25 ක් වැඩ කරගත්තොත් අවුලක් වෙන්නෑ. ඒත් හැමදාම වැඩ නෑ ඉතින්...

    තාක්ෂණය දියුනු වෙනකොට සමහර දේවල් ඇති වෙනවා නැති වෙනවා.. ජීවිතේට ජොබ් එකක් කරලා තිබ්බෙ නෑ මම, දැන් කොහෙ හරි රටකට හරි යන්න අදහසක් තියෙනවා මේ ලෝන් ටික ඉවර කරගෙන... මට තේරෙන්නෑ මොනවා කරන්නද කොහෙන් පටන් ගන්නද කියලා...

    මට මේ දේවල් කියන්න කෙනෙක් නෑ බන්. ඒකයි මෙහෙම පෝස්ට් එකක් දැම්මෙ.. උබලා මේ සබ්ජෙක්ට් එකේ ඉන්න නිසා උබලට විතරයි මේ දේවල් කිව්වට තේරුම් ගන්න හරි පුලුවන්.

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,932
    2,273
    113
    United States
    මචං මාස 6ක් වැඩ නැති වෙලත් ඔය ඉඩමයි පොල් ආදායමයි තියෙන එක ලොකු දෙයක්, ලෝන් වාරිකය ගැන බැංකුවත් එක්ක කතා කරලා ටිකක් ලිහිල් කරගන්න බලන්න, එතකොට paint වැඩේ එක්ක හුස්ම ගන්න පුළුවන් වෙයි.
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    13,014
    18,691
    113
    34
    Hell
    Ape ewun hitanne IT witari kelawenne kiyala
    Indian ewun company atogena hama skill job hama ekakma record karala e data Western/china company walata sell karanawa

    Autonomous wall-building and bricklaying robots hitan mass production patan aran tiyeenne

    මේසන් බාස් පවා කෙලවෙනවා
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,349
    24,242
    113
    ඉස්සර freelance කරන උන්ට බැංකු වලින් ලෝන් නොදී ඉද්දි උන්ගෙ අම්ම මතක් කර කර බැන්නට දැන් තේරෙනවද ඇයි දුන්නෙ නැත්තෙ කියල.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,898
    31,228
    113
    ඉතින් යකෝ ඉඩමෙ වටිනාකමත් වැඩි වෙලානම් ලෝන් එකේ ලක්ෂ 40න් තව ගෙවන්න ඉතුරුවෙලා තියන ගාන එක්ක ලෝන් එක ක්ලෝස් කරන්නම යන ගාන බලලා ඉඩමෙන් ඒ ගාන හොයාගන්න අවශ්‍ය වෙන පොඩි පර්චස් ගානක් විකුණලා ඒ ලෝන් එක ක්ලෝස් කරලා දැම්මනම් උබට කිසිම අවුලක් නෑනෙ? ඊටපස්සෙ ඉඩමෙන් අතුරු බෝගත් එක්ක එන සල්ලි එක්ක පාඩුවෙ කාලා බීලා ගෙදරට වෙලා ඉන්න පුලුවන් වෙයි.
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,134
    11
    3,676
    113
    ඉස්සර freelance කරන උන්ට බැංකු වලින් ලෝන් නොදී ඉද්දි උන්ගෙ අම්ම මතක් කර කර බැන්නට දැන් තේරෙනවද ඇයි දුන්නෙ නැත්තෙ කියල.
    ආන්ඩුවේංං කීයක් හරි ගන්න ඕමෙ ටැක්ස් ගෙවන නිසා.
     
    • Haha
    • Like
    Reactions: SomiBoyz and shenat

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,569
    -469
    113
    ඉතින් යකෝ ඉඩමෙ වටිනාකමත් වැඩි වෙලානම් ලෝන් එකේ ලක්ෂ 40න් තව ගෙවන්න ඉතුරුවෙලා තියන ගාන එක්ක ලෝන් එක ක්ලෝස් කරන්නම යන ගාන බලලා ඉඩමෙන් ඒ ගාන හොයාගන්න අවශ්‍ය වෙන පොඩි පර්චස් ගානක් විකුණලා ඒ ලෝන් එක ක්ලෝස් කරලා දැම්මනම් උබට කිසිම අවුලක් නෑනෙ? ඊටපස්සෙ ඉඩමෙන් අතුරු බෝගත් එක්ක එන සල්ලි එක්ක පාඩුවෙ කාලා බීලා ගෙදරට වෙලා ඉන්න පුලුවන් වෙයි.
    ඒකනෙ යකූ මාත් මේ කියන්න හැදුවෙ. ඒක නොකර කුලී වැඩ කරන්නෙ මොනාටද
     
    පොල් ඉඩම් එහෙම පර්චස් 10-15 ගන්නෙ කවුද බන් ඉතින්. ඔය ඉඩම් වල වටිනාකම තියෙන්නෙ පොල් ගස් ටිකේ. ලෑන්ඩ් එකේ එච්චර වටිනාකමක් නෑ.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,349
    24,242
    113
    Itin ban AI subscription tikakata invest karala thamange creative knowledge eka AI walin karanna puluwan.. oka thamai awasane api okkotama thiyena ekama wisanduma
    ඉතින් බන් ඕන කරන එකාම ඕක කරගන්නවනෙ තනියෙන්. ඒකනෙ මූට ඕර්ඩර්ස් නැත්තෙ.