මම overthinking කෙනෙක්😓

Samaposha

Well-known member
  • Nov 9, 2016
    762
    791
    93
    Habarana
    අපි අතින් වෙච්ච වැරදි ගැන පොඩි ගිල්ටි ෆීලින් එකක් හරි එන එක තමන් හෘද්ධසාක්ශියක් තියෙන මිනිහෙක් වග ඔප්පු වෙන සාධකයක් මචන්..
    හැබැයි අපි ඒක මත්තෙම ඉඳලා අපේ අනාගතය විනාශ කරගතයුතු නෑ!

    මෙහෙම වුනා හරි අවුලක් නෑ ,මම මේ වැරදි හදාගෙන ඉස්සරහට යනවා.. වෙච්ච දේවල් ආය රිවසිබල් නෑනෙ.

    මානසික නිදහස එන්නෙ අපිට කොන්ට්‍රෝල් කරන්න බැරි දේවල් ගැන වොරි වෙන එක නවත්වපු දාට! 🤌
    (මාත් වැරදි ගොඩක් කරපු මිනිහෙක්)
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,458
    1,075
    113

    වැරදි කියලා කියන්නෙ ලොකු වැරදිම නෙමේ නිකන් හිතන්න උබ වැරදිලා කෙනෙක් ගෙ ඇගෙ හැප්පෙනවා උබට ඒක දවසක්ම හිතෙනවා එක එක දේවාල් එ ගැන
     
    Choot

    Well-known member
  • Nov 2, 2010
    430
    405
    63
    මොන දේ උනත් වැරදි උබ කියලා හිතෙනවා නේද... මටත් ඕක තියේ බං... කතා කරන්න වත් බෑ.. මම වැරදි නෑ කියලා වත් කියන්න හයියක් නැති වෙනවා ඔහොම උනා ම
    Ado weradiyata hithanna epa. Self confidence nethi nisada ehema wenne ?
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,581
    6,762
    113
    ඕනෑවට වඩා සිතීම, ක්‍රමානුකූලව ඇතිවන පුරුද්දක් එහිදී ඔබේ මොළය ගැටලුවක් මත රැඳී සිටීම ඔබව ආරක්ෂා කරන බව වැරදියට විශ්වාස කිරීමයි. මේක පුරුද්දක් වෙලා තියන නිසා ඒක බිඳ දැමීම උත්සාහයෙන් කලයුතු වෙනව, මේ සඳහා පලපුරුදු මනො චිකිත්සක වරයෙකුගෙන් සාර්ථක ක්‍රියාකාරී උපාය මාර්ග පිළිබඳව දැනගත හැකියි ඒවා භාවිතා කරමින් ඔබේ ස්නායු පද්ධතිය නැවත පුහුණු කළ හැකයි.
     
    Be_Positive

    Well-known member
  • May 27, 2022
    1,253
    1,524
    113
    වැරදි නැ එත් වැරැද්දක් කරා වගෙ හැගෙනවා
    හිතමු වැරදි වෙන්න තරම් දෙයක් නැ එත් වැරැද්දක් නේද දරුනු විදියට එකම දෙ හිතෙනවා
    😓💔

    මොන දේ උනත් වැරදි උබ කියලා හිතෙනවා නේද... මටත් ඕක තියේ බං... කතා කරන්න වත් බෑ.. මම වැරදි නෑ කියලා වත් කියන්න හයියක් නැති වෙනවා ඔහොම උනා ම
    මම ඔය වෙලාවට හිතනවා "මම මේ ලෝකෙ කාට හරි බය වෙන්න ඕනෙද?" කියලා.
    උත්තරය මටම තේරෙනවා "නෑ, මම බය විය යුතු කවුරුත් නෑ 🤷" කියලා.
    එතකොට ඉතින් "මම වැරදි නෑ, වැරැද්දක් තියෙනවා නම් ඒක අදාළ කෙනාට කියන්න" කියන හයිය නිකන්ම එනවා.

    වැරදි කියලා කියන්නෙ ලොකු වැරදිම නෙමේ නිකන් හිතන්න උබ වැරදිලා කෙනෙක් ගෙ ඇගෙ හැප්පෙනවා උබට ඒක දවසක්ම හිතෙනවා එක එක දේවාල් එ ගැන
    මගෙ හිතේ තියෙන ප්‍රධාන දුර්වලතා 3ක් මම අඳුරගෙන තියෙනවා.
    1. වුණ දේවල් හිත හිතා ඉන්නවා
    2. නොවුණ දේවල් හිත හිතා ඉන්නවා
    3. <මෙතනට ඔයාගෙ එකක් දාගන්න>

    ඕක මතක් කරගත්ත ගමන් හිතේ අවුල නැතුව යනවා.

    අමතර දෙයක්:-
    වෙලාවක මහා සතිපට්ඨාන සූත්‍රය කියවන්න. හිත control කරගන්න අවශ්‍ය අයට ප්‍රායෝගිකව භාවිතා කරන්න පුලුවන්. කිරිබත්ගොඩ ඤාණානන්ද හාමුදුරුවො සිංහලට පරිවර්තනය කරපු එකකුත් තියෙනවා ඕනෙ කෙනෙකුට තේරෙන විදිහට සූත්‍රය පැහැදිලි කරපු.
    ------ Post added on Nov 5, 2026 at 1:54 AM
     
    Last edited: