එහෙම නෑ බන්, මගේ තාත්තා හද්දා ඩොටේ ඉස්කෝලෙක ඉගෙනගත්තේ. ඉස්කෝලේ ඇන්දේ සරම බැනියම. උසස්පෙළ (ඒ කාලේ කිව්වේ ජේෂ්ඨ) විභාගේ කරලා ඉන්නකොට තැපැල් කන්තෝරුවේ කෙනෙක් කියල පුතේ මේ අවුරුද්දේ ශ්රෝෆ් විභාගේ තිනාව එක කරපන් කියල. එවෙලේ ඇප්ලිකේෂන් එකක් හදල පුරවල දාල. විභාගේ පාස් වෙලා කොළඹ ආව. විභාග දවසේ තමා බණ්ඩා මැරිලා තිබ්බෙත්. ඉතින් ශ්රෝෆ් එක ටික කාලයක් කරලා ලිපිකරු සේවයට ගිහින් එතනින් පරිපාලන සේවයට එනකම් උසස්වෙලා විශ්රාම ගත්ත. ගමේ කොල්ලෙක්ට එන්න හිතන්නවත් බැරි දෙයක්. හැබැයි ඒවා ලැබෙයි කියල නිකම් හිටියේ නෑ.


