සුරංඟ මල්ලියා මටම දාන සිංදුද කියලත් හිතෙනවා..කොහොමත් ඔන්න ආයෙත් සැරයක් පින් දෙනවා මතකය ඇවිස්සුවට..කියල වැඩක් නැහැ..අද දවස මගෙ දවසද කොහෙද...මේකටත් රස සිදුවීමක් තියෙනවා හැබැයි ඇත්ත අත්දැකීමක්......
මම පේරාදෙනිය සරසවියේ ඉගෙන ගන්නා කාලෙදි මට සෙට්වුනා මගේ බැච් එකට ඉස්සරවෙලා අවුරුද්දේ ආපු ලස්සන නුවර කෙල්ලෙක්...
එයා මේ සිංහබාහු නාටකයේ අත්වැල් ගායනයටත් සම්බන්ධයි.. මේ නාට්‍යය හැදු මහඇදුරු එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ගෝලයෝ අපි ඒ දවස්වල...
ඉතින් ඔය නාට්‍යය බලලා මහ රෑ දෙගොඩ හරි ජාමෙ වෙනකන් හොස්ටල් එකට උඩින් තියෙන මහවැලි දිය පහර ගලාගෙන යන අක්බාර් පාලම අසලට වෙලා අපි දෙන්නා ප්‍රේම කරපු හැටි...
චමත්කාර ජනක දසුන් මේ දැනුත් විදුලි කොටනවා වගේ සිතේ ඇඳුනා....
මම කවිය සහ නිසදැස් හූයට ලඟදි ලියපු මේ කවිය බලන්නකො..ඒකෙ තියෙනවා තව විස්තර....
http://www.elakiri.com/forum/showthread.php?t=238701