පද පේලි .....

Status
Not open for further replies.

chintha4u

Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    මගේ දේශය මගේ ජාතිය මගේ ආගම මට ලබාදුන් ත්‍යාගයයි
    චණ්ඩ මාරුතයේ නොසෙල්වෙන චින්තනය නිවහල්

    නිවටයින්ගේ දෙපා අභියස බියෙන් හැකිලී නැමී යා නම්
    එවන් සිරසක් කුමකටද මට ගෙලින් සිඳ එය ඉවතලනු මිස

    ~7000 පද පේළී~

    උඩගු ලියන් ගොතා බදින
    නීල වරල සරසන්නට
    මා ඉපදී නැත.....
    මේ දෙරනේ.

    රට වෙනුවෙන් සටනට වැද දුන්
    රණ විරුවකුගේ අවසන් ගමනට
    යන මහ ජනතා පා දූවිල්ලෙන්
    තැලී පෙලී පොඩි වී මිය යන්නේම්

    එමගට මා විසි කරන්න.... !!!!
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    අතීතයෙන් ගඟ ගලා බසී
    සිඳී බිඳී ගල් පර අතරේ
    සිනා සිසී සුදු පෙණ පොකුරේ
    ගලා බසී
    ගඟ ගලා බසී...
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    කළ්‍යාණියෙ නුඹ නෑසූ
    කථාවාක් කියන්නම්
    සත්තයි එය මා දිව්රා
    හිසේ දෑත් තියන්නම්..
     
    Jan 15, 2009
    9,238
    368
    0
    සඳ තාරකා හඬාවී
    කඳූ මීදුමෙන් එහා
    ඔබ හා ගෙවූ අතීතේ
    මතකේ ලියා තියා

    සිත පාවෙලා ගියාවේ
    නටබුන් සොයා අනාතේ
    අනුරාග මල් හිනාවන්
    පෙරසේ මුවේ නොවේ

    සඳ තාරකා...

    අඩ නීල රෑ වළාවේ
    හෙට පායලා උදාවේ
    කවදාක හෝ විඳීන්නේ
    මතු ඒ අමා සුවේ

    සඳ තාරකා හඬාවී
    කඳූ මීදුමෙන් එහා
    ඔබ හා ගෙවූ අතීතේ
    මතකේ ලියා තියා
    මතකේ ලියා තියා......

    ╗ ප්‍රියා සූරියසේන ╔
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    මා සඳට කැමති බව දැනගෙන
    ඔබ සඳ අයින් කලා අහසින්
    මම මලට කැමති බව දැනගෙන
    ඔබ මල අයින් කලා නටුවෙන්

    -නන්දා මාලනී-
     

    Alex Mercer

    Member
    Aug 29, 2009
    3,647
    81
    0
    Nowhere
    Guys check this wonderful song :)


    One... you're like a dream come true...
    Two... just wanna be with you...
    Three... girl it's plain to see... that your the only one for me...
    Four... repeat steps one through three...
    Five... make you fall in love with me...
    If ever I believe my work is done... then I start Back at One
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    මුලු නුවරම නිදිගත් මේ මොහොතේ
    ඔබ පමනක් අවදිව ඇත යහනේ
    එකම හඳක් එක තරුවක් යට
    එකම හඳක් එක තරුවක් යට
    ඔබ ඔබේ පැලේ මම මගේ පැලේ

    වන උයන් පුරා මල් සමය උදාවී
    දියදම් දිනිතිය යොවුන් වියේ
    අප මධුර මිලනයේ තිවු ගීරාවේ
    ප්‍රාර්ථනා කරන්නේ
    කවදාද අප හමුවන්නේ
    කවදාද අප හමුවන්නේ
    ඔබ ඔබේ පැලේ මම මගේ පැලේ
     

    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    දඟකාර සුළඟේම ආවාද පාවී
    පුන් සඳට පෙම් බැන්ද සඳ තාරකාවී
    නෙතු දෑල මනමාල බැල්මෙන් මුලාවී
    නුඹ තාම හිරිමල් පෙම් රංගනාවී

    පෙම් හීන දියඹේ කිමිදී සරාවී
    කවි සිංදු මුමුණාවී රහසේ ගයාවී
    සඳ ගාව රගපාන සඳ කින්නරාවී
    මගෙ දෑස මට දෙන්න දිව්‍යංගනාවී

    සුරතල් වදනින් පෙම් බස් දොඩාවී
    මනහාර සිතුවම්ද මනසේ මවාවී
    සංසාර මතකේට සුවදක් ගෙනේවී
    මගෙ දෑස ඔබ ගන්න සුර අංගනාවී

    Dee R Cee Members
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    රොබ රෝසියා හෙවණේ ඉදන්
    ඔබ කී කතා සුළඟේ ගිහින්
    හිනා වෙන හැම මලක් ගානෙම
    මන් ආදරෙයි කීවත් ඉතින්

    හසරැලි අරන් එන පෙම්වතුන්
    කදුළැලි දරන් යන පෙම්වතුන්
    මට කියා දෙනවද කදුළක් තරම්
    සීතලම දෙයක් තව තියෙනවනම්

    ඔබ හමු උණත් නොසිතූ ලෙසින්
    තව අතක පැටලී ආදරෙන්
    මට නොදී ගිය තව කදුළු ඇති නම්
    එපා දෙන්නට ඔහුට නම්

    Roba Rosiya-Divulgane
     
    Jan 15, 2009
    9,238
    368
    0
    බුදුහාමුදුරුවො අපිත් දකින්නැති
    බණත් අහන්නැති ඒ කාලේ
    නිවන් දකින්නට පින් මදි වෙන්නැති
    ඒකයි තවමත් සංසාරේ
    නිවන් දකින්නට පින් මදි වෙන්නැති
    ඒකයි තවමත් සංසාරේ

    දෙව්රම් වෙහෙරට යන්න එන්න ඇති
    බුදුන් වඳින්නට ඒ කාලේ
    නිවන් දකින්නට පින් මදි වෙන්නැති
    ඒකයි තව මා සංසාරේ

    බුදුහාමුදුරුවො අපිත් දකින්නැති
    බණත් අහන්නැති ඒ කාලේ
    නිවන් දකින්නට පින් මදි වෙන්නැති
    ඒකයි තවමත් සංසාරේ
    නිවන් දකින්නට පින් මදි වෙන්නැති
    ඒකයි තවමත් සංසාරේ

    අපිත් එක්ක සිටි අපේම යාළුවො
    නිවන් දකින්නැති ඒ කාලේ
    මෙතේ බුදුන් දැක නිවන්දකින්නට
    පින් පුරවමු අපි සංසාරේ

    බුදුහාමුදුරුවො අපිත් දකින්නැති
    බණත් අහන්නැති ඒ කාලේ
    නිවන් දකින්නට පින් මදි වෙන්නැති
    ඒකයි තවමත් සංසාරේ
    නිවන් දකින්නට පින් මදි වෙන්නැති
    ඒකයි තවමත් සංසාරේ.....

    ╗ වික්ටර් රත්නායක ╔
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    දසබිම්බර මාර සෙනඟ
    තණ්හා රති රඟා සමග
    පලවා හර වීතරාගී
    බුදුන් වඩිනවා
    හදවෙත
    බුදුන් වඩිනවා

    මෙත් ගගුලේ සෙනෙහෙ ගගේ බුදු ගුණ ගී තරඟ නැගේ
    සාධු සාධු සාධු සාධු
    බුදුන් වඩිනවා
    හදවෙත
    බුදුන් වඩිනවා
     

    nwnbs

    Member
    යසෝදරා...යසෝදරා...
    සිතේ නැඟුන කලකිරීම කුමරිය
    ඔබ පමණයි දැනසිටියේ පෙරසිට...
    සිතේ නැඟුන කලකිරීම කුමරිය
    ඔබ පමණයි දැනසිටියේ පෙරසිට...
    යසෝදරා...යසෝදරා...


    -සනත් නන්දසිරි-
     
    Jan 15, 2009
    9,238
    368
    0
    මල් ලියකම් රැඳී පෙම් සිතුවම් ඇඳී
    ආදර විජිණිපතින් කවුදෝ
    සිහිල් පවන් සලනා
    කියාගන්න බැරි නුහුරු හැඟුම්
    ඔබෙ නුවන් පුරා ඇඳෙනා.......
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    මේ කදුළු බිංදුව මගෙ නොවෙයි
    එය ඔබේමයි එය ඔබේමයි

    හඩන්නට කිසිදා නොදැන සිටි මට
    මළපොත කියා දී නොකියාම ගිය....
    මේ කදුළු බිදුවේ අයිතිකාරිය ඔබ තමයි.....
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    නිසල වෙලා
    අද නොසැලේ හසරැල්
    ආදර රතදර යුගෙන් ඔබේ
    සසලව යයි සිත
    මැලවුනු ඔබේ වත
    දෝවමි කඳුරැල්ලකින් මගේ
    ඔබ නැතිදා මේ ලෝකේ
    තනිවේ මා දැවෙන සිතින්
     

    nwnbs

    Member
    මේ කදුළු බිංදුව මගෙ නොවෙයි
    එය ඔබේමයි එය ඔබේමයි

    හඩන්නට කිසිදා නොදැන සිටි මට
    මළපොත කියා දී නොකියාම ගිය....
    මේ කදුළු බිදුවේ අයිතිකාරිය ඔබ තමයි.....
    ඒකනෙ කියන්නෙ...කෝ පිළිගන්නෙ නෑනෙ කොච්චර කිව්වත්...:rofl:
    ලස්සන සිංදුවක්...:)
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ගිං ගගට කිරල මලක් වැටෙනවා
    ගග පරිස්සමින් මල ගෙන යනවා
    මහ මුහුදට මල හිමි කර දෙනවා
    මහ මුහුද මල අරන්
    මහ මුහුද මල අරන් පෙති පෙති විසුනු කරනවා

    කිරල ගහින් මල වැටිච්චි එක වැරදීදෝ
    වැටුණු මලට පිහිටක් වුණු ගග වැරදීදෝ
    ගගට ලංව හැදුණු කිරල ගහ වැරදීදෝ
    ගගත් ගහත් නැතිව හඩන පෙති වැරදීදෝ....

    වෙරලේ සැගවුණු මල් පෙති කාට පෙනේදෝ
    තනියේ හැඩු මලේ හැඩුම් කාට ඇසේදෝ
    දරුවනි මල් වෙන්නයි කීවත් බය නේදෝ
    පෙති රැකගෙන මලක්වෙන්න පුළුවන් වේදෝ.....




     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ඒකනෙ කියන්නෙ...කෝ පිළිගන්නෙ නෑනෙ කොච්චර කිව්වත්...:rofl:
    ලස්සන සිංදුවක්...:)
    :lol::lol: පිළිගන්න විදිහට කිව්වොත් පිළිගනී නේද...:rofl:
    ලස්සන සිංදුවක් බ්‍රෝ.
    :yes:
     
    Status
    Not open for further replies.