SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

ninenet9

Member
Feb 9, 2007
1,795
73
0
අනුරාධපුර
වෑහෙන කඳුලේ මේ දුර ආවේ දිළිඳුකම හිස දරා
ගීතය පමණයි පාළුව මැකුවේ දෙතොල මත සැරිසරා
සිත මාගේ ඉගිලේ මට හොරා ......

මා හදේ වේදනාවෝ චේතනාවෝ තෙරපෙනා
ආදරණිය ජෝති


Ma Hade Wedanawo Chethanawo
H. R. Jothipala


ජෝති විසින්ම නිෂ්පාදනය කළ සුමිතුරෝ චිත්‍රපටයට රඟපාමින් ගායනා කළ ගීතයක්
මේ ගීතය ඇතුළුත් දර්ශනය දකින කොට පුදුම දුකක් දැනෙනවා.
මේ වගේ රටක් වටිනා මිනිස්සු අපට නැතිවීම ගැන,
ආයේ කවදාවත්ම ඒ අඩුව පුරවන්ඩ කෙනෙක් නම් බිහිවෙන්නේ නැතිවෙයි...
 
Jan 15, 2009
9,238
368
0

දෑසට නොපෙනනෙ පවන් රොදක් සේ
ඔබේ තුරුලට තුරුලු වෙමී
ඔබගේ නොයිඳූල් සෙනෙහස හමුවේ
මොහොතින් මොහොතම අලුත්වෙමී

පුරසඳ රන්තරු පිපී නොමැති රෑ
දෑස් කවුළු හැර බලන්නෙමී
ඝණදුරු අහසේ ඔබේ රුව මවා
ඔබට හොරා ඔබ සිඹින්නෙමී

ඔබ ඉන්නට ඇති පෙර අත්භවයේ
මාගේ දෙනෙතට වසන්වෙලා
ඊට ඉඩක් නැහැ මා ප්‍රිය සොඳූරිය
අවදිවන්න දැන් පහන්වෙලා


- රෝහණ බෝගොඩ -

 

nwnbs

Member
මං ආවා මං ආවා
හිර බත් කාලා ලොකප් එකෙන් රිංගලා
හොරේ දන්නව මං දෙන්නම් හොරු අල්ලලා...


එච්. ආර්. ජෝතිපාල - මං ආවා මං ආවා

ඔන්න මම ගියා... මං දාන ඒව කලින් දාල තියෙනවද කොහෙද. කව්රුවත් අරගන්නෙ නෑ...:(
ඒ වුනාට මගෙ ලඟ තියෙන ඒව මම දාන්නම්කො... :P
කාට හරි වැදගත් වෙයිනෙ... :D
හැමෝටම සුබ රාත්‍රියක්... :)

 
Last edited:

lasa_dal

Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    සල්ලි පස්සෙ දුවන්නෙ නැතුව තමන් සංවේදි කලාව රැකගත්ත සොදුරු මිනිසෙකුගෙ හදට දැනෙන ගීතයක්.....

    දෙපා වාරු නැත ඔබ හැර යන්නට...
    සෝමතිලක ජයමහ


    අපි කාගෙත් සොදුරුතම කාලය පාසල් කාලයයි.එහි ගෙව් හැම මොහොතක්ම සුන්දරයි. නිර්ව්‍යාජයි.දුක, සැප, එක බත් පත, එක කලිසම බෙදාගත්තු එවන් කාලයක් අප දැන් හැල්මෙ දුවනා තරගය අතර නැවත වරක් විදගන්නනට ලැබීම සදාතනික සිහිනයක්ම පමණයි....


    thanks mamath gaththa
     

    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    මං ආවා මං ආවා
    හිර බත් කාලා ලොකප් එකෙන් රිංගලා
    හොරේ දන්නව මං දෙන්නම් හොරු අල්ලලා...


    එච්. ආර්. ජෝතිපාල - මං ආවා මං ආවා

    ඔන්න මම ගියා... මං දාන ඒව කලින් දාල තියෙනවද කොහෙද. කව්රුවත් අරගන්නෙ නෑ...:(
    ඒ වුනාට මගෙ ලඟ තියෙන ඒව මම දාන්නම්කො... :P
    කාට හරි වැදගත් වෙයිනෙ... :D
    හැමෝටම සුබ රාත්‍රියක්... :)


    බොහෝම හොඳ අදහසක්.... මේ සිංදු මගේ ලඟ තියෙන නිසා මම ගත්තේ නෑ. ඒත් මේවා නැති අයට හුඟක් ප්‍රයෝජනවත් වෙයි.

    අනිත් එක කලින් දාලා තිබුනා කියලා කිසිම ප්‍රශ්නයක් නෑ.
    මොකද දවසට විශාල පිටු ගනනක් යන නිසා පරණ ඒවා හොයන්ඩ ආමාරුයි...
    ඒ නිසා හැමදාම අළුත් වෙන එක තමයි හොඳ. පරන වෙද්දි සමහර ලින්ක් වැඩ කරන්නෙත් නෑනේ...

    ඔබගේ මේ සේවය දිගටම කරගෙන යන්ඩ...

    සුබ රාත්‍රියක්......


     
    Status
    Not open for further replies.