ඉතින් නංගා.....
සමුදෙන්න නම් එච්චර දක්ෂ නෑ මම. කවි ලියන්න වගේ තමා..
කොහොම උනත් මුලින්ම කියන්න ඕනේ මට හොදටම විශ්වාසයි, මම හොඳටම දන්නවා
ඔයා හොඳටම හොඳටම හොඳටම සනීප වෙලා ආයිත් එනවා කියලා. හොඳ............ටම
සනීප වෙලා. (සිරීපාදේ නගින්න පුළුවන් තරම් සනීප වෙලා)
ම්.....
තව ඉතින් ස්තූති කරන්න ඕනේ මගේ අජපල් මෙලෝ රහක් නැති කවි කියවලා මාව දිරි
ගැන්නුවට. තව රන්ඩු අල්ලපු වෙලාවක හිත එහෙම රිදුනන් සමාව ගන්නත් ඕනේ. තව වැඩිය
කතා කලේ නැතුවට හිතේ ඔයාට තියෙන හිතවත්කම මගේම නංගියෙක්ට වගේ කියලා
කියන්න ඕනේ. ඒත් ඉතින් ඒවා ඔයා ගිහින් ආවමත් කලෑකිනේ.
ඉතින් ඔය වගේ පස්සේ කියන්නත් පුළුවන් ඒවා තමා ඔක්කොම තියෙන්නේ.
දැනට කියන්න තියෙන්නේ ඉතින් පරිස්සමෙන් ගිහින් ඉක්මනට එන්න කියලා තමයි. අපි මග බලන්
ඉන්නවා. ඔයාට සියලු ඉෂ්ට දේවතාවන්ගේ පිහිට ආරක්ෂාව ලැබෙන්න කියලා ප්රාර්ථනා කරනවා !!!!
තව..... ආ... දිනපතා දවසට අඩුම තරමින් දෙවරක්වත් දත්මදින්න.
තව...... ලොව වටා නිලියන්ගේ රුව වඩන සබන් ලක්ස්...
තව.......ඔන්න ඔහේ ඔය ඇති නේද? වැඩිය කතා නැති වුනාට කියවන්න ගත්තම බ්රේක් නෑ මට...
බුදු සරණයි ඔයාට !!!