SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

Deelaka

Member
May 8, 2007
8,219
24
0
මම ඉංග්‍රීසි ගීතයක් දැම්මා. මෙතන සිංහල සින්දු තියෙන තැනක් නිසා එච්චර ගැලපීමක් නැහැ තමයි. ඒත් දේශීය සංගීතය පිලිබඳ සංවාදයක් වෙලා තියෙන නිසා මට දාන්න හිතුනා.

මේ ගීතය ගායනා කරන colonial cousins ගෙන් හරිහරන් ප්‍රගුණ කරලා තියෙන්නේ ගසල් සම්ප්‍රදායේ ශාස්ත්‍රීය සංගීතය. ලෙස්ලි ලුවිස් ජෑස් සංගීතඥයෙක්. නමුත් මේ ගීය අහනකොට, ගසැල් නවතින්නේ කොතනින්ද, ජෑස් පටන් ගන්නේ කොතනින්ද කියලා හිතාගන්න බැහැ. හරිහරන් ගේ ස්වර අලංකාර, සැක්සෆෝනයත් සමඟ අපූරුවට මිශ්‍ර වෙලා තියෙනවා. හැබැයි මේ සියල්ල ඇතුලත ඉන්දියානු අනන්‍යතාවය රැකගන්නත් සමත් වෙලා තියෙනවා. මේක ලංකාවේ දේශීය සංගිතය ලෝකෙට ගෙනියනවා කියන සමහර සංගීතඥයන්ගේ නිර්මාණ එක්ක සසඳලා බැලුවොත් වෙනස තියෙන්නේ එතනයි.

ඔය ඔක්කොම අමතක කරලා, වචනත් නොසලකා හැරියත් මේ ගීතය හරීම අපූරුයි. පොඩි පොදක් ලෙස ඇරඹිලා, අන්තර් මෝසම් වැස්සක් වගේ ධාරානිපාතව, ගුගුර ගුගුරා, සුලඟ සමඟ තරඟ කරමින් වැහැපු වැස්සක්, අන්තිමේදි ගස් වැල් වලින් රූරා වැටෙන දිය බින්දු පමණක් ඉතිරි කරලා පායලා යන හැටි සංගීතයෙන් ප්‍රතිනිර්මාණය කරලා තියෙන ආකාරය ඉතාමත් ම සුන්දරයි. මම ආසම ගීතයක්. කැමති කෙනෙක් අරගෙන රස විඳින්න. password නෑ.

Indian Rain - Colonial Cousins

ස්තුතියි මිත්‍රය මේ සින්දුවටත්....
 
ppsaman

Member
Dec 17, 2007
111
0
0
ME SASARA DANAWWE

Attachments

  • 1531564npp55vid3c.jpg
    1531564npp55vid3c.jpg
    11.4 KB · Views: 80

Deelaka

Member
May 8, 2007
8,219
24
0
Last edited:

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ම‍හ‍ගෙ‍ද‍ර‍ හැ‍මෝ‍ට‍ම සු‍බ‍ උ‍දෑ‍ස‍න‍ක්..

මෙ‍න්න මේ‍ හි‍මි‍දි‍රි‍ උ‍දැ‍ස‍න ද‍ව‍සේ‍ ද‍හ‍ම්‍ ක‍ථා‍ව‍...කි‍යව‍ල‍ බ‍ල‍න්නකෝ‍...(සි‍ළු‍මි‍ණ පු‍ව‍ත්‍ ප‍ති‍න්‍ උ‍පු‍ටා‍ ග‍න්නා‍ ල‍දී‍)

ජය ලැබීමි

රජු මිය ගියේය. නුවර කඳුළු විලක් විය. වීදි සුදු කොඩියෙන් වැසිණ. දේවිය පුතු සමඟ රජු ගේ මළ සිරුර පසුපසින් සුසානයට ගියාය. සුදු රෙද්දෙන් එතුණු ඒ මළ සිරුර සුසානයේ දමා දේවිය පුතු සමග මාළිගයට ආවාය. ඔවුන් පසුපසින් ගිය පුර වැසියෝ මාලිගා අංගනයේ රැඳුණහ.

ඉදිරිපසින් වූයේ ඇමැතිවරුය. මහ ඇමති පිරිස ඇමතීය.

දැන් ඉතින් අපේ රජකමට මේ පුත් කුමරා පත් කැර ගනිමු.”
පුර වැසියෝ එය අනුමත කළහ.

“ඔටුනු පැලඳවීමට සුදුසු නැකත පුරෝහිත බමුණුතුමන් විසින් ප්‍රකාශයට පත් කරනු ඇති “”මහ ඇමති කීය.

“අනිද්දා උදෑසන ඉතාමත් සුබ නැකතක් උදා වෙනවා. එය ඔටුනු පැළදීමට සුදුසුයි. කුමාරයාගේ උපන් තැනකට ද එය ගැළපෙනවා.”

පිය රජුගේ මරණයෙන් තෙදිනකට පසු කුමරුට ඔටුනු පැළඳවීමේ උලෙළ පැවැත්විණ.

රජකම මේ තරුණයාට සතුටක් ගෙනාවේ නැත. පියා ඔහුට නිතර සිහි වූ හෙයිනි. ප්‍රාදේශීය රජකු වශයෙන් ඒ ප්‍රාන්ත රාජ්‍යයේ ජනප්‍රිය පාලකයා වූ පියා රණ ශූරයෙක් ද විය. ඔහුට තිබුණේ යෝධ සිරුරකි. එහෙත් ඒ සිරුර පසුගිය මාසයේ සිට ඇඳට වැටිණ.

අත් පා එසවිය නොහැකිවිය. වලසකු සමග ද පෙර සටන් කොට දිනූ ඔහු ඇඳට වැටුණු පසු මැස්සකු පලවා හැරීමට ද අපහසු වන තත්ත්වයට ඇද වැටිණ. සිරුරේ රිදුම් පිළිබඳ ඔහු කෑ ගසා වෙදැදුරාට කීවේය. ඒ වේදනා දුරුවූයේ මරණයෙනි.

තරුණකම, කායික ශක්තිය, අනිත්‍යයි. යෝධ පුරුෂයෙක් මළ සිරුරක් බවට පත් වූ හැටි, සෑම දෛයක් ම අනිත්‍යයි. තරුණ රජුගේ සිත කලකිරීමෙන් පිරිණ. මව ඔහු සැනසුවාය.

දැන් ඉතින් රජකම ගැන සිතන්න. වැසියන් පුතා ගැන ලොකු බලාපොරොත්තු තබා ගෙන ඉන්නවා. පියාටත් වඩා හොඳින් ඔබ රට පාලනය කරනු ඇතැයි ඔවුන් සිතනවා. පියා ගැන සිතුවා ඇති දැන් ඉතින් රාජ්‍යය ගැන සිතන්න.”

රජතුමා මවට පිළිතුරු දුන්නේ නැත. නිහඬව ඈත යමක් දෙස බලා සිටියේය.
ඔහුට සුසානය සිහිවිය. ඔහු අස්හලට ගියේය. අසකු පිට නැගී වීදිය දිගේ ගමන් කරන්නට විය.

“පුතේ ඔහොම තනිවම යන්න එපා. රාජපුරුෂයන් සමග යන්න” මව කෑ ගසා කීවාය. ඔහු ඒ හඬට කන් දුන්නේ නැත.

සොහොන් පල්ලා තනිවම ආ රජු පිළිගත්තේය.

“කෝ මගේ පියාගේ මළ සිරුරු” ? “රජු ඇසීය.

ලී සිටුවා වට කැර ඇති තැනක් අර පෙනෙන්නේ. අන්න එතැනයි මහජතුමා වැඩ ඉන්නේ?”

සොහොන් පල්ලා කීය.

“ඇයි ලී සිටෙව්වේ”

“සිවලුන් ගෙන් සහ බල්ලන්ගෙන් බේරා ගන්න. අනෙක් මළ සිරුරුවලට අප එහෙම කරන්නේ නැහැ”

සොහොන් පල්ලා රජු සමග එතැනට ගියේය.

එය මළ සිරුරක් නොවේ එකම පණු ගුළියකි. ඟද ඉවසිය නොහැකිවිය.
“මේ මගේ පියා ද?”

සොහොන් පල්ලා පිළිතුරු දුන්නේ නැත.

මාලිගයට ආ රජු ආහාර ගැනීමෙන් ද යමකු සමග කතා කිරීමෙන් ද වැලකී දවසක් ම ගත කළේය.

කවදා හෝ මගේ සිරුරටත් පණු ගුළියක් වන්නට සිදුවෙනවා. දිය වී ගිය පණුවන් පිරුණු සිරුරට මා ආසා කරන්නේ රැක ගන්නට මසුරන් වැය කරන්නේ මේ පණුවන් වැසුණු දුගඳ හමන සිරුරයි.

ඔහුට සුසානය නිතර සිහිවිය.

දිනක් ඇමතියෙක් අසල වනයට වැඩ සිටින බුදු රජාණන් වහන්සේ ගැන කීවේය.

“උන්වහන්සේ දේශනා කරන්නේ මොනවාද ? “රජු ඇසීය.

“සෑම දෙයකම ඇති අනිත්‍ය දුක්ඛ,අනාත්ම, ධර්මයන් ගැන එතුමා දේශනා කරනවා.

රජුට උන්වහන්සේ දැකීමට වුවමනාවක් ඇතිවිය. වනයට ගියේය.

සබ්බේ සංඛාර අනිච්චානි
සදා පඤ්ඤාය පස්සති
අථ නිබ්බින්දති දුක්ඛේ
ඒස මග්ගෝ විසුද්ධියා

යමකු සියලු සංස්කාර අනිත්‍ය බව විදසුන් නුවණින් දකී ද එවිට ඔහු දුකෙහි කලකිරේ. මේ කලකිරීම නිවන් දැකීමට මාර්ගය වෙයි. ඒ දහම් හඬ ඔහුට ඇසිණ. ඔහුට යථාර්ථය වැටහිණ.

යළි රාජ මාලිගයට ඔහු ගියේ නැත. බුදු සසුනේ පැවිදි විය.

විදසුන් වඩා රහත් විය. දේවසහයන නමින් ප්‍රකට වූ මේ රහතන් වහන්සේ සිය උදානය මෙසේ පළ කළහ.

කාම රාග මඩ වගුරෙන් එතෙර වීමි
මිසදිටු පාතාලයෙන් ද දුරු වැ ආමි
සංසාරේ සැඩ දිය කඳ පසු කැරලා
සියලු මානයන් සිඳ මම ජය ලැබීමි.
 
Chrisanthie

Member
Aug 17, 2006
1,059
56

අපේ කාලේ රජවරුන්ට මේ යථාර්ථය නොවැටහීම තමයි කණගාටුව.
 
samantha57126

Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    ඔබ මට තරුවකි ගනඳුරු රැයකදී දිඳුලන සඳ ලෙස ගුවන අරා.....

    ඔබ මට තරුවකි

    ලක්‍ෂ්මන් විජේසේකර

    Oba Mata Tharuwaki
    Laksman Wijesekara
    (Original Music)

    පෘතුග්‍රීසිකාරයා

    ආදරණීය ජෝති
    (තබ්ලා සංගීතය)

    Pruthigresikaraya
    H.R. Jothipala

    ඔය බෙන්ස් කාර් හනේ ඉතිං අපිට කොහින්දෑ
    රෝහණ බැද්ගේ / බන්දුල විජේවීර
    (Original)

    Mama me Geetha kihipaya gaththa. Obata Godak sthuthie soyura.

    Yahapathakma Weeva!!!
     
    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    මම ඉංග්‍රීසි ගීතයක් දැම්මා. මෙතන සිංහල සින්දු තියෙන තැනක් නිසා එච්චර ගැලපීමක් නැහැ තමයි. ඒත් දේශීය සංගීතය පිලිබඳ සංවාදයක් වෙලා තියෙන නිසා මට දාන්න හිතුනා.

    මේ ගීතය ගායනා කරන colonial cousins ගෙන් හරිහරන් ප්‍රගුණ කරලා තියෙන්නේ ගසල් සම්ප්‍රදායේ ශාස්ත්‍රීය සංගීතය. ලෙස්ලි ලුවිස් ජෑස් සංගීතඥයෙක්. නමුත් මේ ගීය අහනකොට, ගසැල් නවතින්නේ කොතනින්ද, ජෑස් පටන් ගන්නේ කොතනින්ද කියලා හිතාගන්න බැහැ. හරිහරන් ගේ ස්වර අලංකාර, සැක්සෆෝනයත් සමඟ අපූරුවට මිශ්‍ර වෙලා තියෙනවා. හැබැයි මේ සියල්ල ඇතුලත ඉන්දියානු අනන්‍යතාවය රැකගන්නත් සමත් වෙලා තියෙනවා. මේක ලංකාවේ දේශීය සංගිතය ලෝකෙට ගෙනියනවා කියන සමහර සංගීතඥයන්ගේ නිර්මාණ එක්ක සසඳලා බැලුවොත් වෙනස තියෙන්නේ එතනයි.

    ඔය ඔක්කොම අමතක කරලා, වචනත් නොසලකා හැරියත් මේ ගීතය හරීම අපූරුයි. පොඩි පොදක් ලෙස ඇරඹිලා, අන්තර් මෝසම් වැස්සක් වගේ ධාරානිපාතව, ගුගුර ගුගුරා, සුලඟ සමඟ තරඟ කරමින් වැහැපු වැස්සක්, අන්තිමේදි ගස් වැල් වලින් රූරා වැටෙන දිය බින්දු පමණක් ඉතිරි කරලා පායලා යන හැටි සංගීතයෙන් ප්‍රතිනිර්මාණය කරලා තියෙන ආකාරය ඉතාමත් ම සුන්දරයි. මම ආසම ගීතයක්. කැමති කෙනෙක් අරගෙන රස විඳින්න. password නෑ.

    Indian Rain - Colonial Cousins

    අති විශිෂ්ඨයි. රස නහර සියුම් වීණා තතකින් පිරිමදින්නා වගෙයි.
    ඉංග්‍රීසි කොටස ගයන හඬ, මට සිහිකරන්නේ John Denvor ගේ අති මධුර හඬයි. ( Country roads take me home )

    ඔව් Ron කිව්වා වගේ සංගීත රසයටත්, සාහිත්‍ය රසයටත්, භාෂාමය සීමා වැටකඩොලු නැහැ. ටෝල්ස්ටෝයි, දොස්තොයෙව්ස්කි කියවා නැතිනම් අපි ජීවිතය සහ සාහිත්‍යය රස විඳ නැහැ. මේ ගීතයත් ඒ වගේමයි.

    බොහොම ස්තුතියි ගීතය ලබා දුන්නාට.
     
    LDS

    Junior member
  • Jun 15, 2009
    167
    9
    18
    Reply

    මෙ‍න්න අ‍ද‍ උ‍දෙ‍න්‍ම‍ "ආ‍ද‍ර‍ය‍" ගැ‍න කි‍ය‍ව‍න්න ය‍ම‍ක්‍..කි‍ය‍ව‍ල‍ම‍ බ‍ල‍න්නකෝ‍:

    ඔබත් ආදරය කරන්නෙක් නම් මේ මුල් වචන ඔබේ ජීවිතයට ගැඹුරින් ධාරණය කර ගැනිම වැදගත්යැයි සිතමු.

    ජීවිතයේ ඇති සුන්දරම දේවල් හදට කොඳුරා කියන්නේ නෙත් දෙකයි. එම සුන්දර දේවල් අපෙන් ඈත් වූ කල, එම මතක සැමරුම් දෙනෙතට කොඳුරා කියන්නේ හදවතයි.

    වාසිය තකා ඇතිකර ගන්නා මිතුරුකම ගණිකාවකගේ ප්‍රේමය මෙනි.

    ඔබට රිදවන හදවතට ආදරය කරන්න. එහෙත් ඔබට ආදරය කරන හදවතට කිසිදා නොරිදවන්න

    හදවතක් වෙනස් කළ හැක්කේ හදවතකට පමණි.

    කෙනකුගේ සිත කඩා ඉහිරවන්නට මොහොතක් සෑහෙයි. කෙනකු සමඟ ආදරයෙන් බැඳෙන්නට ද මොහොතක් සෑහෙයි. එහෙත් මේ දෙදෙනා අමතක කර දමන්නට ජීවිත කාලය ද නොසෑහෙයි.

    ඔබ කිසිවකුට ආදරය කරයි නම්, ඔබට යම් දෙයක් කළ හැකි නම්, ඔබ ළඟ බලාපොරොත්තු තිබේ නම්, ඔබ සතුටින් ජීවත් වන්නෙකි.

    ඔබ යම් දෙයකට ආදරය කරනවා නම් ද එය නිදහසේ තබන්න. ඔබට අයිති නම් එය ඔබ කරා එනු ඇත. එසේ නොවේ නම් එය ඔබට අයිති දෙයක් නොවේ.

    ඔබ යමකුට ආදර කරන්නේ නම් හදවත යනු අතිශය බිඳෙන සුලු වස්තුවක් බව හොඳින් මතක තබා ගන්න.

    දෙවරක් නොසිතා ලබාදෙන ආදරය, පිළිගන්නා විට තුන්වරක් සිතන්න.

    කෙනෙක් ජීවිතයේ මුහුණපාන විශාලම අවදානම ආදරයයි. එය අහිමි වීමෙන් හා වේදනාවෙන් කෙළවර වීමට ඉඩ ඇති සූදු ක්‍රීඩාවකි.

    ශ්‍රේෂ්ඨ ආදරවන්තයා වනාහී කිසිවක් බලාපොරොත්තු නොවී සියල්ල ලබා දෙන්නාය.

    හදවත වීදුරු මාළිගාවක් වැනිය. එය බිඳී ගිය විට කිසිම ආකාරයකින් නැවත තිබූ තත්ත්වයට පත් කළ නොහැකිය.

    ආදරය අල්ලාගත හැකි දෙයක් නොවේ. ඔබට කළ හැකි එකම දෙය එහි විසිරෙන මිහිරියාව විඳ ගැනීම පමණි.

    සැමට ආදරය කරන්න. ටික දෙනකු විශ්වාස කරන්න. කිසිවකුට අවැඩක් නොකරන්න.

    එක්කෝ ඔබට රෝසමල අග කටු ඇතැයි සිතා දුක්වීමට පුළුවන. නැති නම් කටු අත්ත අග රෝසමල පිපී ඇතැයි සිතා සතුටු වීමට පුළුවන.

    ආදරයගැන ලියවුනු ඉතාමත් සුන්දර වැකිටික දැක්කම මටත් පුන්චි උපමාවක් එක්කරන්න හිතුනා.

    "ගින්දර තියෙන්නෙ හිරුගෙ - ඒත් ඒ ගින්නෙන් දැවෙන්නෙ මහපොලොව.
    එමසේම,
    ආදරය කරන්නේ නෙත්දෙක - ඒත් වේදනා වින්දින්නේ හදවතයි....!"

    එහෙම නේද...?

    සුභ දවසක්...!
    >>LDS<<
     
    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    yaluwane mata accrobat document 1 k hambauna. eka mama danna widihata attachment 1k widihata post karanawa. kiyawala balanda. President Mahinda Rajapaksage Nasthikara Viyadam gana thamai thiyenne. aththada kiyala kiyawalama balandako
    :P:P:Phttp://www.sendspace.com/file/sj5fxj:angry::angry::angry::angry:

    Sorry friend, you have come to the wrong thread .

    Pl. don't pollute this place with politics. There are enough forums on EK to do that.

    :no::no::no::no::no:
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    Originally Posted by ppsaman
    yaluwane mata accrobat document 1 k hambauna. eka mama danna widihata attachment 1k widihata post karanawa. kiyawala balanda. President Mahinda Rajapaksage Nasthikara Viyadam gana thamai thiyenne. aththada kiyala kiyawalama balandako
    :P:P:Phttp://www.sendspace.com/file/sj5fxj:angry::angry::angry::angry:

    Sorry friend, you have come to the wrong thread .

    Pl. don't pollute this place with politics. There are enough forums on EK to do that.

    :no::no::no::no::no:

    I totally agree with you Chrisanthie....
     
    NoWayOut

    Member
    May 13, 2009
    578
    13
    0
    මම ඉංග්‍රීසි ගීතයක් දැම්මා. මෙතන සිංහල සින්දු තියෙන තැනක් නිසා එච්චර ගැලපීමක් නැහැ තමයි. ඒත් දේශීය සංගීතය පිලිබඳ සංවාදයක් වෙලා තියෙන නිසා මට දාන්න හිතුනා.

    මේ ගීතය ගායනා කරන colonial cousins ගෙන් හරිහරන් ප්‍රගුණ කරලා තියෙන්නේ ගසල් සම්ප්‍රදායේ ශාස්ත්‍රීය සංගීතය. ලෙස්ලි ලුවිස් ජෑස් සංගීතඥයෙක්. නමුත් මේ ගීය අහනකොට, ගසැල් නවතින්නේ කොතනින්ද, ජෑස් පටන් ගන්නේ කොතනින්ද කියලා හිතාගන්න බැහැ. හරිහරන් ගේ ස්වර අලංකාර, සැක්සෆෝනයත් සමඟ අපූරුවට මිශ්‍ර වෙලා තියෙනවා. හැබැයි මේ සියල්ල ඇතුලත ඉන්දියානු අනන්‍යතාවය රැකගන්නත් සමත් වෙලා තියෙනවා. මේක ලංකාවේ දේශීය සංගිතය ලෝකෙට ගෙනියනවා කියන සමහර සංගීතඥයන්ගේ නිර්මාණ එක්ක සසඳලා බැලුවොත් වෙනස තියෙන්නේ එතනයි.

    ඔය ඔක්කොම අමතක කරලා, වචනත් නොසලකා හැරියත් මේ ගීතය හරීම අපූරුයි. පොඩි පොදක් ලෙස ඇරඹිලා, අන්තර් මෝසම් වැස්සක් වගේ ධාරානිපාතව, ගුගුර ගුගුරා, සුලඟ සමඟ තරඟ කරමින් වැහැපු වැස්සක්, අන්තිමේදි ගස් වැල් වලින් රූරා වැටෙන දිය බින්දු පමණක් ඉතිරි කරලා පායලා යන හැටි සංගීතයෙන් ප්‍රතිනිර්මාණය කරලා තියෙන ආකාරය ඉතාමත් ම සුන්දරයි. මම ආසම ගීතයක්. කැමති කෙනෙක් අරගෙන රස විඳින්න. password නෑ.

    Indian Rain - Colonial Cousins

    Mithraya.... me geethaya mamath ithaama kamathi geethayak.. oba kiwwa wagema poda wassak lesa arambila awasanaye gaswel walin rura watee nimawak dakinthekma mehi sangeethaya apawa bhawathmaka karanawa....

    Colonial Cousins lage itha janapriya geetha athare me geeya ismathu une ne.... namuth bohoma sathutuy obath me geeyata godak priya karana bawa asannata labeema gana. mama geethaya gaththe ne ma langa thiyana nisa.. namuth obata bohoma sthuthiy me apath samaga bedahada gaththata..
     
    Vmax

    Member
    Oct 9, 2007
    2,954
    1
    0
    40
    CMB.SL
    Hay frndssss..need a big helppp...!!:nerd::nerd:

    If some one have the song "An Sathu wee etha Ma sathu A sitha " ,plsssss give it to me..
    the singer is Milton Mallawarachchi...i want d Original version.... loku udawwakkk :nerd: :)
     
    LDS

    Junior member
  • Jun 15, 2009
    167
    9
    18
    Submit Lyrics

    ...Nihal Jayawardena - Ronata Adena Samanaliyaka...

    "Ronata adhena samanaliyaka,
    wilasa aruna seethe..
    Kanata kondura kondhura gayana
    Maa nogayuwa Geethe..
    Pinata Labunu Miyulasiye..
    Sathapena mage denethe.."

    Madhuwitha paradhana, me Ama Gee Meewitha kamathi kenek, kamathi tharamak rasawindhinna...

    සුභ දවසක්...!

    70 දශකයෙහිදී මෙන්ම අද දක්වාත් අතිශය ජනප්‍රිය වන මේ මධුර ගීතය මා අතිමහත් ආශාවෙන් රසවින්දෙමි.

    සොයුරියනි, ඔබට ඉමහත් පින්.

    ගීතය අහනගමන් මේ පද හිමිහිට මුමුණන්න - රසවිඳින්න - ඔබ සැවොම වෙනුවෙනි...

    ***************************************

    රොනට ඇදෙන සමනලියක විලස අරුණ සීතේ
    කනට කොඳුර කොඳුර ගයන මා නොගැයුව ගීතේ
    පිනට ලැබුන මියුලැසියේ සැතපෙන මගෙ දෙනෙතේ

    මල්පෙති පාවඩ අතුරා ගෙට කැන්දන් එනවා
    රොන්සුනු අඹරා තවරා සුවඳින් නහවනවා
    දැන් මට තේරෙන පාලුව ඔබට බාර දෙනවා

    දෙමුතු රුවන් මිණි පරයා හිනැහෙන සියුමැලියේ
    මගෙ හදවත එකලුකරන ස්වර්ණ වර්ණ එලියේ
    අපි නවලොවකට පිවිසෙමු සඳ තරු සැණකෙලියේ

    ගේය පද: කරුණාරත්න අබේසේකර
    ගී තනු: නාරද දිසාසේකර

    ***********************************
    ස්තුතියි.

    >>LDS<<
     
    Last edited:
    Jan 15, 2009
    9,238
    368
    0
    Hay frndssss..need a big helppp...!!:nerd::nerd:

    If some one have the song "An Sathu wee etha Ma sathu A sitha " ,plsssss give it to me..
    the singer is Milton Mallawarachchi...i want d Original version.... loku udawwakkk :nerd: :)

    mage langa nam original version 1 neha bro :) anith eka oni nam dennam
    :)
     
    Meeeharaka

    Member
    Mar 5, 2009
    1,322
    154
    0
    Piliyandala
    Yamuna Winodannege sindu thiyenawada machan kauruhari laga.denna puluwannam mare maru tamai..

    Asuru senin ek mohotakadee....

    Premayai virayai atare wenasa kes gasakata samai
     
    Status
    Not open for further replies.