හැමදාම ජන්ද නම්....
මිනිසා දේශපාලනික සත්වයකු වීම නිසාදෝ
අපේ අයත් ජන්දයට මාරම kick වෙති
මේ කලට වෙන කිසිම ප්රශ්නයක් නැති මිනිස්සු
ජන්දය ගැනම පමණක් සිතති
අනාගතය ගැන සුබ පෙරනිමිති දකිති
හෙට දවස ගැන සැනසුම් සුසුම් හෙලති
හැම තැනම මිනිස්සු සතුටින් සිටිති
ජය ගෝශා නගති කති බොති නටති
අපේ මන්තිරි ගොල්ලොත් ජනතාව
සතුටින් තැබීමට නිතරම try කරති
රැස්වීම අමතන එතුමා අවසානයේ ගීයක්ද ගයති
ජනතාව ගැන එතරම්ම සංවේදී වෙති
වෙනදා මෙන් මිනිස්සු රූපවාහිනි news බලා
අනේ අපොයි නොකියති
කම්මුලේ අත ගසා නොගනිති
සැවොම එකට බක බක ගා සිනාසෙති
වෙනදා tv එකේ විකට වැඩසටහන් බලන මිනිස්සුද
මේ දිනවල news බලන්න රොක් වෙති
එතරම විකට වැඩසටහනක් තවත් නොමැති බව ඔවුන් දනිති
මෙතරම් සතුටින් සිටින මිනිසුන් සිටින තවත්
රටක් තිබේදැයි සැක සිතෙති
හැමදාම ජන්ද නම් අපේ රට කොච්චර
සුන්දර දැයි මට හැගෙති
මිනිසා දේශපාලනික සත්වයකු වීම නිසාදෝ
අපේ අයත් ජන්දයට මාරම kick වෙති
මේ කලට වෙන කිසිම ප්රශ්නයක් නැති මිනිස්සු
ජන්දය ගැනම පමණක් සිතති
අනාගතය ගැන සුබ පෙරනිමිති දකිති
හෙට දවස ගැන සැනසුම් සුසුම් හෙලති
හැම තැනම මිනිස්සු සතුටින් සිටිති
ජය ගෝශා නගති කති බොති නටති
අපේ මන්තිරි ගොල්ලොත් ජනතාව
සතුටින් තැබීමට නිතරම try කරති
රැස්වීම අමතන එතුමා අවසානයේ ගීයක්ද ගයති
ජනතාව ගැන එතරම්ම සංවේදී වෙති
වෙනදා මෙන් මිනිස්සු රූපවාහිනි news බලා
අනේ අපොයි නොකියති
කම්මුලේ අත ගසා නොගනිති
සැවොම එකට බක බක ගා සිනාසෙති
වෙනදා tv එකේ විකට වැඩසටහන් බලන මිනිස්සුද
මේ දිනවල news බලන්න රොක් වෙති
එතරම විකට වැඩසටහනක් තවත් නොමැති බව ඔවුන් දනිති
මෙතරම් සතුටින් සිටින මිනිසුන් සිටින තවත්
රටක් තිබේදැයි සැක සිතෙති
හැමදාම ජන්ද නම් අපේ රට කොච්චර
සුන්දර දැයි මට හැගෙති

100% true....