mdee සහෝදරයා "අපේ රට" කියන ගීතය හොයාගෙන..අපේ රටේ මිනිස්සුන්ගේ සුවඳ හොයාගෙන කාලයක් තිස්සේ ආපු දුෂ්කර ගමන් මගේ අද වෙන කොට එක් නවාතැන් පලක් වෙලා අපේ මේ මහගෙදර.....
හොය හොයා හිටපු සුවඳ නහයට දැඩි සෙයින් දැනෙන්න ගත්තම කොහොමද දෙයියනේ මෙතැනට දිනකට එක වරක්වත් ගොඩ වෙලා නොයන්නේ..
ඒක ඔබට වගේම අප වටා රොද බැඳ සිටින හැම කෙනෙක්ටම වෙච්ච දෙයක්...
සුවඳ හමන මල් ගොමුවකින් ලොවට සුවඳ පතුරුවන එක, බෙදා දෙන එක නේද විය යුත්තේ...
ඒ සුවඳ අද විශ්වය පුරාම හැම මොහොතකම පතුරුවන්න, බෙදා දෙන්න සුදානමින් පෙල ගැසී ඉන්නා අපේ මේ දයාබර (ඔබත් ඇතුළුව) සොයුරු සොයුරියන් කැල දුටුවම මට මගේ ජීවිතයේ කවදාවත් කොයිම අයුරකින්වත් නොලබපු අසීමිත සතුටක් සිත හා ගත වටා චමත්කාරව එතෙනවා.....
මිනිසා අතරට එම සුවඳ ගෙන යාමේ භාරදූර කර්තව්‍යයේ එක් පසෙක හිඳ මේ කෙටි කල තුල ඔබ රඟපෑ පෞරුෂයෙන් අලංකාරවු ඒ භූමිකාවට දක්වන ආචාරයයි මෙසේ මා පන්හිඳෙන් ගලා විත් මෙතැන මෙලෙස අකුරු කරන ලද්දේ...
ඔබේ 500 වැනි ජයග්‍රාහී කඩඉම තව තවත් නවමු මානයන් ඔස්සේ දිගු පරාසයක විහිදුවමින් තරුන පරපුරේ හෙට දවස වෙනුවෙන් ඔවුන්ගේ විජයග්රහනය කරා එක රෑනේ සිට ගොඩ නගන්නට ඒකරාශී වෙමු...
ඔබට ජය.....
Last edited: