පොඩි මල්

nwnbs

Member
jasmineflower.jpg

සුවඳ හිත නිවයි නම්
දසුන නෙතු පිනයි නම්
ගෙවෙන කෙටි දිවියට
මට කුමට බර වැඩි ලොකු මල්...
 
DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
අර්ථවත් අදහසක් නුවන්....
මේ කෙටි ජීවිතේ සැහැල්ලු වෙන තරමට හොදයි සැනසීමයි
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
දහසක් නිර්මාන තුලින් කිව යුතු දේ ඔබ ඉතා සංක්ෂිප්තව එහෙත් ගැඹුරු අරුතක් අපට ඉඟි කරමින් ලියා තිබෙනවා..

අපේ මිනිස්සු බහුතරය ඉන්නේ ඕකේ අනිත් පැත්තෙනේ..

බැරි ලොකු කුට්ටිමනේ ඩැහැගන්න තනන්නේ තමන්ගේ තරම නොදැනම..

ඒකනේ ගෙවෙන කෙටි කාලය තුල යහපත් මිනිස් සුවඳක්වත්..මිනිස් දසුනක්වත් හරි හැටි දකින්න ඔවුන්ට වාසනාව නොලැබී යන්නේ.....

මල්ලියා ඉඳල ඉඳල අපිට දිලා තියෙන්නේ ඉතා අගනා පුර්වදර්ශී පද පෙලක්...

දිගටම ලියන්න....ඔබට ජය...
 
Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
අපූරු නිර්මාණයක් නුවන් අයියෙ ......
අලුත් අදහසක් ..... කෙටියෙන්
හරිම ලස්සනයි
 
nwnbs

Member
දහසක් නිර්මාන තුලින් කිව යුතු දේ ඔබ ඉතා සංක්ෂිප්තව එහෙත් ගැඹුරු අරුතක් අපට ඉඟි කරමින් ලියා තිබෙනවා..

අපේ මිනිස්සු බහුතරය ඉන්නේ ඕකේ අනිත් පැත්තෙනේ..

බැරි ලොකු කුට්ටිමනේ ඩැහැගන්න තනන්නේ තමන්ගේ තරම නොදැනම..

ඒකනේ ගෙවෙන කෙටි කාලය තුල යහපත් මිනිස් සුවඳක්වත්..මිනිස් දසුනක්වත් හරි හැටි දකින්න ඔවුන්ට වාසනාව නොලැබී යන්නේ.....

මල්ලියා ඉඳල ඉඳල අපිට දිලා තියෙන්නේ ඉතා අගනා පුර්වදර්ශී පද පෙලක්...

දිගටම ලියන්න....ඔබට ජය...
ගොඩක් ස්තුතියි රොන් අයියේ... හිත තමයි අයියා ඕනෙ හැමදේටම...නේද...? ජීවිතේ මේ දිවිල්ල ටිකක් හරි නවත්තගෙන සතුටින් ඉන්න පුළුවන් වෙයි අපිට මෙහෙම හිතන්න පුළුවන් උනොත්...
ස්තුතියි අයියගෙ අදහස් වලට... :D
 
Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    නියම කතාව නුවන්.. උපරිමයි.. ලොකු කතාවක් ඔයා පේලි හතරකින් කියලා තියෙන්නෙ...

    හැම දෙනාම ඔය විදිහට හිතන්න පුරුදු උනොත් ඔය බලු පොර ගොඩක් අඩු වෙනවා...
     
    nwnbs

    Member
    නියම කතාව නුවන්.. උපරිමයි.. ලොකු කතාවක් ඔයා පේලි හතරකින් කියලා තියෙන්නෙ...

    හැම දෙනාම ඔය විදිහට හිතන්න පුරුදු උනොත් ඔය බලු පොර ගොඩක් අඩු වෙනවා...
    :yes:
    ගොඩක් ස්තුතියි යාළුව අදහස් වලට...:) :)
     
    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    හරිම අලංකාර සිතුවිල්ලක්, ලස්සන සුවඳ දෙන පදවැලක්.
    පොතක් පුරවන්න පුලුවන් අදහසක් කෙටියෙන් ඉදිරිපත් සාර්ථකව කර තියෙන්නේ... සුබ පැතුම් සහෝ.
     
    Oct 25, 2009
    228
    19
    0
    "සුවඳ හිත නිවයි නම්
    දසුන නෙතු පිනයි නම්

    ගෙවෙන කෙටි දිවියට
    මට කුමට බර වැඩි ලොකු මල්..."

    Wooooow . . ..

    its amazing . .. i am speechless . . .

    welldone bro . .welldone . . .
     
    subashani

    Member
    Dec 15, 2009
    785
    45
    0
    COLOMBO
    හිස් අතින් උපන්නෙ හිස් අතින් මැරෙන්නෙ
    මේ ඩින්ගෙදී ඇයි කොලම් නටන්නෙ.
    අපූරුයි අයියෙ.කෙටි උණත් ලොකු පණිවිඩයක් දෙනවා.
    හොයන ගැහැණු ළ්මය ගැනද කිව්වෙ