සුවඳ හිත නිවයි නම්
දසුන නෙතු පිනයි නම්
ගෙවෙන කෙටි දිවියට
මට කුමට බර වැඩි ලොකු මල්...
ඒක ඇත්ත... ස්තුතියි දිල් අක්කා...අර්ථවත් අදහසක් නුවන්....
මේ කෙටි ජීවිතේ සැහැල්ලු වෙන තරමට හොදයි සැනසීමයි

තෑන්ක් යූ ටුවිස්ටියෝ...a nice idea bro ..the poem itself is pleasing to mind keep posting.

ගොඩක් ස්තුතියි රොන් අයියේ... හිත තමයි අයියා ඕනෙ හැමදේටම...නේද...? ජීවිතේ මේ දිවිල්ල ටිකක් හරි නවත්තගෙන සතුටින් ඉන්න පුළුවන් වෙයි අපිට මෙහෙම හිතන්න පුළුවන් උනොත්...දහසක් නිර්මාන තුලින් කිව යුතු දේ ඔබ ඉතා සංක්ෂිප්තව එහෙත් ගැඹුරු අරුතක් අපට ඉඟි කරමින් ලියා තිබෙනවා..
අපේ මිනිස්සු බහුතරය ඉන්නේ ඕකේ අනිත් පැත්තෙනේ..
බැරි ලොකු කුට්ටිමනේ ඩැහැගන්න තනන්නේ තමන්ගේ තරම නොදැනම..
ඒකනේ ගෙවෙන කෙටි කාලය තුල යහපත් මිනිස් සුවඳක්වත්..මිනිස් දසුනක්වත් හරි හැටි දකින්න ඔවුන්ට වාසනාව නොලැබී යන්නේ.....
මල්ලියා ඉඳල ඉඳල අපිට දිලා තියෙන්නේ ඉතා අගනා පුර්වදර්ශී පද පෙලක්...
දිගටම ලියන්න....ඔබට ජය...

ගොඩක් ස්තුතියි නංගියො...අපූරු නිර්මාණයක් නුවන් අයියෙ ......
අලුත් අදහසක් ..... කෙටියෙන්
හරිම ලස්සනයි


නියම කතාව නුවන්.. උපරිමයි.. ලොකු කතාවක් ඔයා පේලි හතරකින් කියලා තියෙන්නෙ...
හැම දෙනාම ඔය විදිහට හිතන්න පුරුදු උනොත් ඔය බලු පොර ගොඩක් අඩු වෙනවා...

