පැරණි පොළොන්නරුව රාජධානිය - ලෝක උරුම නගරය...

shenat

Well-known member
  • May 13, 2007
    58,063
    86,263
    113
    ආශ්චර්යමත් රටක
    පැරණි පොළොන්නරුව රාජධානිය - ලෝක උරුම නගරය...

    අපේ ලෝක උරුම

    පොළොන්නරුව පැරණි රාජධානිය


    ශ්‍රී ලංකාවේ පැරණි රාජධානි අතරින් අනුරාධපුරයට පමණක් දෙවැනි වන පොළොන්නරුව ලෝක උරුම නගරයකි.

    අතීතයේ පුලතිසි පුරවරය ලෙස හඳුන්වා ඇත. පොළොන්නරුවේ නගරයක් නිර්මාණය කර ලද්දේ කවර කාලයකදී දැයි නිශ්චිත නැත. විජය රජුගේ විජය නම් අමාත්‍යවරයෙකු විජිතපුර නමින් ගොඩනැගූ පුරවරය බව මතයකි. දුටුගැමුණු රජු මාස හතරක සටනකින් විනාශ කරන ලද එළාර රජුගේ විජිතපුර බලකොටුව පොළොන්නරුව ආසන්නයේ තිබෙන්නට ඇතැයි ද විශ්වාසයකි.

    paraninagaraya.gif

    පොළොන්නරුව පැරණි නගරය

    shiwadwalaya.gif

    පොළොන්නරුවේ පැරණිතම ගොඩනැගිල්ල - අංක 2 දරණ ශිව දේවාලය

    පොළොන්නරුව පිළිබඳ මහාවංශයේ මුලින්ම සඳහන් වන්නේ පළමුවැනි උපතිස්ස රජු ක්‍රිස්තු වර්ෂ 365 ත් 406 ත් අතර තෝපා වැව බැන්දවූ කතාවයි. ක්‍රිස්තු වර්ෂ 633 දී 3වැනි අග්‍රබෝධි රජු විසින් කරවන ලද ආරාමයක් පිළිබඳ තොරතුරුද සඳහන් වේ.අනුරාධපුර රාජධානිය පැවති සමයේ ඇතැම් රජවරුන් පොළොන්නරුව සිය වාසය සඳහා තෝරාගත් බව වංශකතා සාධක වල සඳහන් වේ. ඒ අනුව අනුරාධපුර සමයේදී ද පොළොන්නරුව දියුණු නගරයක් ලෙස පවතින්නට ඇත.

    පස්වැනි මිහිඳු රජු සමයේ සොළීහු මෙරට ආක්‍රමණය කොට අනුරාධපුර රාජධානිය වනසා පොළොන්නරුවේ සිට රටේ පාලනය ගෙන ගියේය. වර්ෂ 1065 දී සොලීන් පලවා හැර අනුරාධපුරයේදී රාජ්‍ය අභිෂේක ලබන මහා විජයබාහු රජු පොළොන්නරුවට පැමිණ එය අගනුවර කර ගැනීමෙන් පොළොන්නරුවේ සිංහල රාජ වංශය ආරම්භ විය.

    වර්ෂ 1164 දී පොළොන්නරුවේ රජ පැමිණ 33 වසරක් රාජ්‍ය විචාරනු ලැබූ මහා පරාක්‍රමබාහු රජුගේ පාලන සමයේ ශ්‍රී ලංකාව සහලින් ස්වයංපෝෂිත කරමින් දැවැන්ත වාරිමාර්ග පද්ධතීන්ද ඉදිකර තිබේ. එකල රාමඤ්ඤ පුරය, පඩි රට, රාජිනා පුරය ආදී විදෙස් රාජ්‍යයන් කිහිපයක්ද යටත් කරගත් බව මහාවංශයේ සඳහන් වේ. පොළොන්නරුවේ ඇති නටඹුන් වලින් වැඩි ප්‍රමාණයක් මෙම රජතුමා විසින් කරවන ලද ගොඩනැගිලිය.

    400pxparackramabahustat.jpg
    puluthisisrisiwaraya.gif

    මහා පරාක්‍රමබාහු පිළිමය / පුලතිසි සෘෂිවරයාගේ යයි සැලකෙන පිළිරුව

    800pxpolonnaruwapanta.jpg

    පරාක්‍රම සමුද්‍රය

    වර්ෂ 1187දී රජ පැමිණි නිශ්ශංකමල්ල රජු ලංකාව පුරා විහාර ආරාම ප්‍රතිසංස්කරණය කරමින් සහ අළුතෙන් කරවමින් සෙල්ලිපි රැසක් පිහිටුවා තිබේ. පොළොන්නරුවේ ඓතිහාසික ගල්පොත නැමැති සෙල්ලිපිය මෙම රජුගේ ලේඛනයකි.

    galpothaeda.gif

    ගල්පොත එදා දිස්වූ ආකාරය

    galpotha.gif

    ගල්පොත අද

    දේශීය රජවරු පහළොස් දෙනෙක්ද ලීලාවතී හා කල්‍යාණවතී නැමැති රැජිනියන්ද පාලනය ගෙනගිය පොළොන්නරු රාජධානිය කාලිංග මාඝගේ ආක්‍රමණයෙන් බිඳ වැටේ.
    නැවත දෙවැනි පරාක්‍රමබාහු මාඝ පරාජය කර දඹදෙනිය සිය රාජධානිය කර ගත්තේය. ඔහුගේ රාජාභිෂේකය පවත්වන ලද්දේ පොළොන්නරුවේදීය.

    යාපහුවේ රජ පැමිණි තුන්වැනි පරාක්‍රමබාහු රජු දළදා වහන්සේද පොළොන්නරුව දළදා මාළිගයේ තැන්පත් කර ක්‍රිස්තු වර්ෂ 1298 සිට 1303 දක්වා වසර 5ක් පොළොන්නරුවට වී රාජ්‍ය පාලනය ගෙන ගියේය. ඔහු පොළොන්නරුවේ අවසන් රජුය.

    ඉන්පසු වසර හත්සියයක් පමණ ඝන වනයෙන් වැසී තිබුණු පොළොන්නරු රාජධානිය බ්‍රිතාන්‍ය සමයේ නැවත එළි පෙහෙළි කෙරිණි. නව පොළොන්නරු නගරයක් දැන් තිබේ. පොළොන්නරුව දුම්රිය ස්ථානය අසල කදුරුවෙළ නැමැති ගමේ මෙම නව පොළොන්නරු නගරය පිහිටා ඇත. පැරණි අනුරාධපුරයේ මෙන් පැරණි නගරයේ නටඹුන් මත ගොඩනැගිලි ඉදිවී නැත.

    පොළොන්නරුවේ වෛජයන්ත මාළිගය නමින් හැඳින්වූ පරක්‍රමබාහු මාළිගය , නිශ්ශංකමල්ල මාළිගය , පරාක්‍රමබාහු රාජ සභා මණ්ඩපය , නිශ්ශංකමල්ල රාජ සභා ගොඩනැගිල්ලත් පොළොන්නරුවේ රාජ්‍ය පාලනයේ ශ්‍රී විභූතිය කියාපාන සාධකයෝය.

    nishshankamalla.gif

    නිශ්ශංකමල්ල රාජ සභා මණ්ඩපය

    raasabamandapaya.gif

    පරාක්‍රමබාහු රාජ සභා මණ්ඩපය

    parakrajamaligaya.gif

    800pxpolonnaruwa02.jpg

    800pxroyalpalace.jpg

    පරාක්‍රමබාහු රජ මාළිගය

    නගරයෙන් ඈත්ව පිහිටි පොත්ගුල් වෙහෙරද පොළොන්නරුවේ නටඹුන් අතර සුවිශේෂී වේ. ඒ ආසන්නයේ ඇති පිළිරුව මහා පරාක්‍රමබාහු රජුගේ හෝ පුලතිසි නම් ඍෂිවරයාගේ යැයිද මතයක් තිබේ.

    ශ්‍රී ලංකාවේ විශාලතම දාගැබ වූ දෙමළ මහා සෑයද පොළොන්නරුවේ පිහිටුවා ඇත. දළදා මාළිගය, පබළු වෙහෙර, රන්කොත් වෙහෙර, මැණික් වෙහෙර ආදී දාගැබ් ද බද්ධ සීමා ප්‍රාසාදය, ලංකාතිලකය, ගල් විහාරය, තිවංක පිළිමගෙය, ශිව දේවාලය ආදිය පොළොන්නරුවේ ඇති මාහැඟි නිර්මාණයෝය.

    අට දා ගේ, හැට දා ගේ සහ පොළොන්නරුව වට දා ගේ පොළොන්නරු යුගයේ ගෘහ නිර්මාණ ලක්ෂණ විදහා දක්වයි. පොළොන්නරුවේ නටඹුන් වූ ගොඩනැගිලි හා කලා නිර්මාණ පරීක්ෂා කිරීමේදී පෙනී යන්නේ ඒවාට හින්දු බලපෑම විශාල වශයෙන් ලැබී ඇති බවයි. මෙම නටඹුන් අතර හොඳින්ම ආරක්ෂා වී ඇත්තේ දැනට දක්නට ඇති පැරණිතම ඉදිකිරීම වීමද විශේෂයකි. එය සොළීන් විසින් ඉදිකරන ලද ශිව දේවාලයයි. සත් මහල් ප්‍රාසාදයද පොළොන්නරුවේ ඇති අපූරු නිර්මාණයකි.

    ගල් විහාරය සොයාගත් දිනවලදී දර්ශනය වූ ආකාරය
    galwiharaya.gif


    ගල් විහාරය

    739pxgalviharaya02.jpg

    422pxgalviharaya03.jpg

    800pxgalviharasunny2c.jpg

    800pxpolonnaruwagalviha.jpg

    800pxpolonnaruwa.jpg

    800pxgalvihariya2.jpg


    රන්කොත් වෙහෙර
    682pxpolonnaruwagalviha.jpg

    rankothwehera.gif


    ලංකාතිලක පිළිමගෙය
    lankathilakapolonnaruwa.jpg

    lankathilaka.gif


    නටඹුන් වී තිබූ සත්මහල් ප්‍රාසාදය හා වටදාගේ
    7mahal.gif


    සත්මහල් ප්‍රාසාදය
    450pxpolonnaruwatemple2.jpg

    7mahalprasadaya.gif


    වටදාගේ
    450pxvatadage.jpg

    800pxpolonnaruwatemple1z.jpg

    800pxvatadage1.jpg

    watadage.gif


    හැටදාගේ
    800pxhatadage.jpg

    800pxpolonnaruwatemple1.jpg

    hatadage.gif


    කලා නිර්මාණ

    මුරගල
    2006062500460802.jpg


    සඳකඩපහණ
    800pxpolonnaruwatemple1.jpg


    මූලික ඉදිකිරීම් නටඹුන් වී ගිය පසු නැවත ප්‍රතිසංස්කරණය කිරීම් සහ ඒ මත නැවත නැවත ඉදිකිරීම් දක්නට නොලැබෙන පොළොන්නරු නගරය ශ්‍රී ලංකා ඉතිහාසයේ තවත් ස්වර්ණමය යුගයක මතක සටහනකි....

     
    අපේ උත්තරිතර අතීත විභූතිය යළි සිහි කැඳවීම ගැන ඔබට ස්තුතියි! වටිනා ලිපියක්.
    :sorry:You have given out too much Reputation in the last 24 hours, try again later.
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,063
    86,263
    113
    ආශ්චර්යමත් රටක
    Ela liri yaluwa. Elama kiri. Rep danna tamai bari :(

    elakiri machan...... dennanam balu...

    Great post bro

    අපේ උත්තරිතර අතීත විභූතිය යළි සිහි කැඳවීම ගැන ඔබට ස්තුතියි! වටිනා ලිපියක්.
    :sorry:You have given out too much Reputation in the last 24 hours, try again later.

    බොහොම ස්තුතියි මේ අගනා තොරතුරු වලට.

    thanks everyone.. :D:D:):)

    aparade rep. tika.. :(:(:baffled::baffled: