පැරණි පොළොන්නරුව රාජධානිය - ලෝක උරුම නගරය...
ශ්‍රී ලංකාවේ පැරණි රාජධානි අතරින් අනුරාධපුරයට පමණක් දෙවැනි වන පොළොන්නරුව ලෝක උරුම නගරයකි.
අතීතයේ පුලතිසි පුරවරය ලෙස හඳුන්වා ඇත. පොළොන්නරුවේ නගරයක් නිර්මාණය කර ලද්දේ කවර කාලයකදී දැයි නිශ්චිත නැත. විජය රජුගේ විජය නම් අමාත්‍යවරයෙකු විජිතපුර නමින් ගොඩනැගූ පුරවරය බව මතයකි. දුටුගැමුණු රජු මාස හතරක සටනකින් විනාශ කරන ලද එළාර රජුගේ විජිතපුර බලකොටුව පොළොන්නරුව ආසන්නයේ තිබෙන්නට ඇතැයි ද විශ්වාසයකි.
පොළොන්නරුව පැරණි නගරය
පොළොන්නරුවේ පැරණිතම ගොඩනැගිල්ල - අංක 2 දරණ ශිව දේවාලය
පොළොන්නරුව පිළිබඳ මහාවංශයේ මුලින්ම සඳහන් වන්නේ පළමුවැනි උපතිස්ස රජු ක්‍රිස්තු වර්ෂ 365 ත් 406 ත් අතර තෝපා වැව බැන්දවූ කතාවයි. ක්‍රිස්තු වර්ෂ 633 දී 3වැනි අග්‍රබෝධි රජු විසින් කරවන ලද ආරාමයක් පිළිබඳ තොරතුරුද සඳහන් වේ.අනුරාධපුර රාජධානිය පැවති සමයේ ඇතැම් රජවරුන් පොළොන්නරුව සිය වාසය සඳහා තෝරාගත් බව වංශකතා සාධක වල සඳහන් වේ. ඒ අනුව අනුරාධපුර සමයේදී ද පොළොන්නරුව දියුණු නගරයක් ලෙස පවතින්නට ඇත.
පස්වැනි මිහිඳු රජු සමයේ සොළීහු මෙරට ආක්‍රමණය කොට අනුරාධපුර රාජධානිය වනසා පොළොන්නරුවේ සිට රටේ පාලනය ගෙන ගියේය. වර්ෂ 1065 දී සොලීන් පලවා හැර අනුරාධපුරයේදී රාජ්‍ය අභිෂේක ලබන මහා විජයබාහු රජු පොළොන්නරුවට පැමිණ එය අගනුවර කර ගැනීමෙන් පොළොන්නරුවේ සිංහල රාජ වංශය ආරම්භ විය.
වර්ෂ 1164 දී පොළොන්නරුවේ රජ පැමිණ 33 වසරක් රාජ්‍ය විචාරනු ලැබූ මහා පරාක්‍රමබාහු රජුගේ පාලන සමයේ ශ්‍රී ලංකාව සහලින් ස්වයංපෝෂිත කරමින් දැවැන්ත වාරිමාර්ග පද්ධතීන්ද ඉදිකර තිබේ. එකල රාමඤ්ඤ පුරය, පඩි රට, රාජිනා පුරය ආදී විදෙස් රාජ්‍යයන් කිහිපයක්ද යටත් කරගත් බව මහාවංශයේ සඳහන් වේ. පොළොන්නරුවේ ඇති නටඹුන් වලින් වැඩි ප්‍රමාණයක් මෙම රජතුමා විසින් කරවන ලද ගොඩනැගිලිය.
මහා පරාක්‍රමබාහු පිළිමය / පුලතිසි සෘෂිවරයාගේ යයි සැලකෙන පිළිරුව
පරාක්‍රම සමුද්‍රය
වර්ෂ 1187දී රජ පැමිණි නිශ්ශංකමල්ල රජු ලංකාව පුරා විහාර ආරාම ප්‍රතිසංස්කරණය කරමින් සහ අළුතෙන් කරවමින් සෙල්ලිපි රැසක් පිහිටුවා තිබේ. පොළොන්නරුවේ ඓතිහාසික ගල්පොත නැමැති සෙල්ලිපිය මෙම රජුගේ ලේඛනයකි.
ගල්පොත එදා දිස්වූ ආකාරය
ගල්පොත අද
දේශීය රජවරු පහළොස් දෙනෙක්ද ලීලාවතී හා කල්‍යාණවතී නැමැති රැජිනියන්ද පාලනය ගෙනගිය පොළොන්නරු රාජධානිය කාලිංග මාඝගේ ආක්‍රමණයෙන් බිඳ වැටේ.
නැවත දෙවැනි පරාක්‍රමබාහු මාඝ පරාජය කර දඹදෙනිය සිය රාජධානිය කර ගත්තේය. ඔහුගේ රාජාභිෂේකය පවත්වන ලද්දේ පොළොන්නරුවේදීය.
යාපහුවේ රජ පැමිණි තුන්වැනි පරාක්‍රමබාහු රජු දළදා වහන්සේද පොළොන්නරුව දළදා මාළිගයේ තැන්පත් කර ක්‍රිස්තු වර්ෂ 1298 සිට 1303 දක්වා වසර 5ක් පොළොන්නරුවට වී රාජ්‍ය පාලනය ගෙන ගියේය. ඔහු පොළොන්නරුවේ අවසන් රජුය.
ඉන්පසු වසර හත්සියයක් පමණ ඝන වනයෙන් වැසී තිබුණු පොළොන්නරු රාජධානිය බ්‍රිතාන්‍ය සමයේ නැවත එළි පෙහෙළි කෙරිණි. නව පොළොන්නරු නගරයක් දැන් තිබේ. පොළොන්නරුව දුම්රිය ස්ථානය අසල කදුරුවෙළ නැමැති ගමේ මෙම නව පොළොන්නරු නගරය පිහිටා ඇත. පැරණි අනුරාධපුරයේ මෙන් පැරණි නගරයේ නටඹුන් මත ගොඩනැගිලි ඉදිවී නැත.
පොළොන්නරුවේ වෛජයන්ත මාළිගය නමින් හැඳින්වූ පරක්‍රමබාහු මාළිගය , නිශ්ශංකමල්ල මාළිගය , පරාක්‍රමබාහු රාජ සභා මණ්ඩපය , නිශ්ශංකමල්ල රාජ සභා ගොඩනැගිල්ලත් පොළොන්නරුවේ රාජ්‍ය පාලනයේ ශ්‍රී විභූතිය කියාපාන සාධකයෝය.
නිශ්ශංකමල්ල රාජ සභා මණ්ඩපය
පරාක්‍රමබාහු රාජ සභා මණ්ඩපය
පරාක්‍රමබාහු රජ මාළිගය
නගරයෙන් ඈත්ව පිහිටි පොත්ගුල් වෙහෙරද පොළොන්නරුවේ නටඹුන් අතර සුවිශේෂී වේ. ඒ ආසන්නයේ ඇති පිළිරුව මහා පරාක්‍රමබාහු රජුගේ හෝ පුලතිසි නම් ඍෂිවරයාගේ යැයිද මතයක් තිබේ.
ශ්‍රී ලංකාවේ විශාලතම දාගැබ වූ දෙමළ මහා සෑයද පොළොන්නරුවේ පිහිටුවා ඇත. දළදා මාළිගය, පබළු වෙහෙර, රන්කොත් වෙහෙර, මැණික් වෙහෙර ආදී දාගැබ් ද බද්ධ සීමා ප්‍රාසාදය, ලංකාතිලකය, ගල් විහාරය, තිවංක පිළිමගෙය, ශිව දේවාලය ආදිය පොළොන්නරුවේ ඇති මාහැඟි නිර්මාණයෝය.
අට දා ගේ, හැට දා ගේ සහ පොළොන්නරුව වට දා ගේ පොළොන්නරු යුගයේ ගෘහ නිර්මාණ ලක්ෂණ විදහා දක්වයි. පොළොන්නරුවේ නටඹුන් වූ ගොඩනැගිලි හා කලා නිර්මාණ පරීක්ෂා කිරීමේදී පෙනී යන්නේ ඒවාට හින්දු බලපෑම විශාල වශයෙන් ලැබී ඇති බවයි. මෙම නටඹුන් අතර හොඳින්ම ආරක්ෂා වී ඇත්තේ දැනට දක්නට ඇති පැරණිතම ඉදිකිරීම වීමද විශේෂයකි. එය සොළීන් විසින් ඉදිකරන ලද ශිව දේවාලයයි. සත් මහල් ප්‍රාසාදයද පොළොන්නරුවේ ඇති අපූරු නිර්මාණයකි.
මූලික ඉදිකිරීම් නටඹුන් වී ගිය පසු නැවත ප්‍රතිසංස්කරණය කිරීම් සහ ඒ මත නැවත නැවත ඉදිකිරීම් දක්නට නොලැබෙන පොළොන්නරු නගරය ශ්‍රී ලංකා ඉතිහාසයේ තවත් ස්වර්ණමය යුගයක මතක සටහනකි....
අපේ ලෝක උරුම
පොළොන්නරුව පැරණි රාජධානිය

ගල් විහාරය සොයාගත් දිනවලදී දර්ශනය වූ ආකාරය
ගල් විහාරය
රන්කොත් වෙහෙර
ලංකාතිලක පිළිමගෙය
නටඹුන් වී තිබූ සත්මහල් ප්‍රාසාදය හා වටදාගේ
සත්මහල් ප්‍රාසාදය
වටදාගේ
හැටදාගේ
කලා නිර්මාණ
මුරගල
සඳකඩපහණ
ගල් විහාරය
රන්කොත් වෙහෙර
ලංකාතිලක පිළිමගෙය
නටඹුන් වී තිබූ සත්මහල් ප්‍රාසාදය හා වටදාගේ
සත්මහල් ප්‍රාසාදය
වටදාගේ
හැටදාගේ
කලා නිර්මාණ
මුරගල
සඳකඩපහණ
මූලික ඉදිකිරීම් නටඹුන් වී ගිය පසු නැවත ප්‍රතිසංස්කරණය කිරීම් සහ ඒ මත නැවත නැවත ඉදිකිරීම් දක්නට නොලැබෙන පොළොන්නරු නගරය ශ්‍රී ලංකා ඉතිහාසයේ තවත් ස්වර්ණමය යුගයක මතක සටහනකි....

You have given out too much Reputation in the last 24 hours, try again later.