අපේ උරුමය..අපේ දේශය..අපේ ආගම ...අපේ ලක් මව.....
මේ සියල්ලෙන් සන්ධානගත වුන විශිෂ්ඨ නිර්මානයක්....
අපේ නව පරපුර මේ පිල් බෙදී ඇන කොටා ගන්නේ අඩු තරමින් මේ උරුමයන් හා අතීතයේ කල මේ හෙළ සටන් ගැන අබමල් රේණුවක දැනීමක් ඇතිවද කියන එක මට හිතුන වාර අනන්තයි......
අද දවසේ තරුණ පරපුර නියෝජනය කරනා ඔබ වැන්නියකගෙන් මෙවන් අසිරිමත් ජාතික ප්රබෝධයකින් හෙබි කාව්‍ය සංග්‍රහයක් රටට ඇවැසිම මොහොතේ එලිදැක්වීම විශේෂයෙන් පක්ෂ පාට බදාගෙන මඩ ගොහොරුවේ ගිලී තවමත් තම මතය උස්සා පෙන්නීම සඳහාම මඩ නාමින් ඉන්නා පිරිසට එල්ල කල කදිම අතුල් පහරකි. ඔවුන් මෙය කියවා හැදෙත්වා....
තවත් මෙවන් දේශාභිමානී ප්රස්තූතයන්ගෙන් හෙබි නිර්මාන කරන්නට දෙවියෝ ඔබ රැක දෙත්වා.....
ඔබට ජය....