~ වර්තමාන සමාජයට ලෝවැඩ සඟරාවෙන් බිදක්....~

Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
~ වර්තමාන සමාජයට ලෝවැඩ සඟරාවෙන් බිදක්....~

වර්තමාන සමාජයට ලෝවැඩ සඟරාවෙන් බිදක්...


maharagamapm.jpg


maharagama10.jpg

කරන කලට පව් මීරිය මී සේ...
විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ...
ඇඳින එපව් දුරලන උපදේසේ...
නුදුන මැනවි තුන් දොර අවකා සේ


.::ලෝවැඩ සඟරාවෙන්::.


පෘතග්ජන අපි සැවොම සැපය වෙනුවෙන් නානාප්‍රකර කටයුතු වල නිරත වෙමු."සැපය" කියන දෙය එකිනෙකා එක එක විදියට විග්‍රහ කරයි.මේ සැපයේ තියන විවිධත්වය වගේම ඒ සැප කරා යන මාර්ගත් ඒ සදහා අනුගමනය කරන මාර්ගත් විවිධාකාරයි.මෙන්න මේතනදි තමයි පෘතග්ජන මිනිස්සු වන අපි වැරද්දවා ගන්නා තැන.

පෘතග්ජන මිනිස්සු වන අපි බොහෝ විට ඉන්නේ සැපයෙන්/බලයෙන් අන්ධ වෙලා.ඉතින් ඒ සැවොගේම බලාපොරොත්තුව කෙසේ හෝ එ සැප ඉක්මනින් ලගා කරගැනීම මිස ඒ සැපත ලගා කර ගැනීමේ නිවරදි මාර්ගයෙන් නිවරදි ආකරයට කිරීම නෙමේයි.එක්කෝ මෙහිදී පින්-පව් අමතක වෙනවා.එක්කෝ ඒ ගැන විශ්වාසයක් නැහැ.සැප ලැබීම චේතනාවෙන් අන්ධ වෙලා ඒ කරා යන හරි වැරැද්ද පෙන්නේ නැහැ.කර්ම විපාක ගැන විශ්වාස කරන්නේ නැහැ.
[FONT=&quot]
[/FONT]
[FONT=&quot] ඉතින් මේ ආකාරයට මුලාවෙන් මුලාවට පත් වෙලා නිරයගාමී පව් රැස් කරන අය අද අනන්තවත් ඉන්නවනෙ. අපට එදිනෙදා හමුවෙනවනෙ. මේක අද කාලෙට විතරක් විශේෂ වුන දෙයක් නෙවේ. බුද්ධ කාලෙත් ඊට පෙරත් මේ දේවල් මේ අයුරින්ම සිද්ධ වුනා. කලින් ආත්මෙ ඉරිසියා සිතක්, ද්වේෂ සිතක් ඇතිකරගෙන ඉඳල අරහත්වයට පත් වුන ආත්මෙදි පවා ඒක ඵල දුන්න හැටි ටිකක් හිතල බලන්න​.

වර්තමාන ලෝකෙ මේවට උදාහරණ ගෝනි ගණනින් තියෙනවනෙ. වල කපා ගන්න අයයි වලේ වැටිච්ච අයයි දෙගොල්ලන්ගෙම​. අඩුගානෙ පංච සීලෙවත් නොරකින අය දැන්වත් අවධි වෙන්න​. නැතිවුනොත් ඔයාලටත් වෙන්නෙ ඉහිරුනු කිරකට අඬන්න​. මේ ගමන ඒ තරම්ම අනියතයි. මේ ගමනේ රුදුරු බියකරු බව ගැන තවත් අටුවා ටීකා ඕන නැහැනෙ.
[/FONT]



[FONT=&quot]උපුටා ගැනීම : අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඥාණානන්ද හිමියන් විසින් රචිත [/FONT]'[FONT=&quot]ඒඅමා නිවන් දුටු රහතන් වහන්සේලා - ථේර ථේරී ගාථා[/FONT]' [FONT=&quot]ග්‍රන්ථය [/FONT]

ඔබ ඔබේ හෘද සාක්ෂියෙන් මොහොතක් විමසා බලන්න වර්තමාන ශ්‍රි ලංකාව තුල සිදුවෙමින් පවතින සිද්ධීන් ඔබට අනුමත කල හැකිද??

පුද්ගලයා කවරෙකු වුවත් අනුගමනය කරන ක්‍රමයේ දෝශයක් ඇත.එය නිවරදි විය යුතුයි :yes:


අපිට පක්ශයක් / පාටක් තිබෙන්නට හෝ නොතිබෙන්නට පුලුවනි.අපි මහින්ද රාජපක්ෂ මහතාට හෝ සරත් ෆොන්සේකා මහතාට ඡන්දය භාවිතා කල තැනැත්තකු විය හැක.ඒ කුමක් වුවත් අපි සැවොම තවමත් එක කොඩියක් යටතේ සිටින ශ්‍රී ලාන්කිකයෝ වෙමු.අපේ පෞද්ගලික අපේක්ෂාවන් ලක් මව ඉදිරියේ දෙවෙනි කොට සලකමු.කල්ලි ගැසී එකිනෙකාට මඩ ගසා ගන්නවා වෙනුවට සිදුවන්නා අයහපත් තත්වය මර්ධනය කිරීමට ශ්‍රී ලාන්කිකයෙකු ලෙස නැගී සිටිමයි කල යුත්තේ. මන්ද මෙයයි අපේ මව්බිම උදාර නායකත්ව උරහිස් දෙකකින් අපිට දායද කල එක්සේසත් වූ ශ්‍රි
ලංකාව නැවත දෙකඩ කිරිමට ඉඩ නොතිබිය යුතුය.එහෙත් සියල්ල නිහඩව විද දරාගෙන අන්ධයන් මෙන් අපිට සිටිය නොහැක...

ජය ශ්‍රී ලංකා...!

2cgj6fl.jpg


 
Last edited:
  • Like
Reactions: Shameer

Win Srilanka

Member
Jan 23, 2010
447
45
0
පු ළු වන් කාරයන් හමුවෙහි දණින් වැටී
සු ළු මිනිසුන්ට අඩි හප්පා රවා සිටී
බ ලු කම්වලින් අන්තිම බලු කමේ හැටී
බැ ලු මට කැමතිනම් මුන් දෙස බලනු වටී


17976_105116359515134_100000503106545_133078_4414247_n.jpg


17976_105116362848467_100000503106545_133079_2883154_n.jpg


17960_101678849866652_100000736124079_45963_4322229_n.jpg


19436_484237395505_684695505_11030700_3365497_n.jpg


19436_484237925505_684695505_11030707_2749842_n.jpg


22168_105055259519508_100000451035737_123784_3853626_n.jpg


21942_1185168403186_1647562211_474323_5500916_n.jpg


19436_484278350505_684695505_11031139_7856977_n.jpg


පු ළු වන් කාරයන් හමුවෙහි දණින් වැටී
සු ළු මිනිසුන්ට අඩි හප්පා රවා සිටී
බ ලු කම්වලින් අන්තිම බලු කමේ හැටී
බැ ලු මට කැමතිනම් මුන් දෙස බලනු වටී
 

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,458
    5,793
    113
    හෝම් ස්වීට් හෝම්
    කරන කලට පව් මීරිය මී සේ...
    විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ...
    ඇඳින එපව් දුරලන උපදේසේ...
    නුදුන මැනවි තුන් දොර අවකා සේ

    තුන්දොර අවකාසේ කැමැත්තෙන් නෙවෙ
    ඉහලින් එන ඕඩර්ස් නිසා කරන්න වෙන එකක්
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    නෑවත නෑවත්තත් හිතන්න හොද අදහස් ටිකක්............. :):)
     

    suraj1132

    Active member
  • Mar 10, 2009
    505
    26
    28
    mama nam mehema paksha walata bedila eka ekaata gaha bana ganna ekata viruddhai....eeka thani srilankavak hatiyata diyunu wenna thiyena loku bhaadavak.......oya suddata oona karala thiyenneth lankave oya tikama wenava dakinnai...ape minissuth eekama thamai karanne..........

    anika eka SFta viruddhawa army eken mokak hari pareekshanayak karanavaanam eeka karapuden.....army has the right to do it under it's army law.....if they don't satisfy with the army decision,SF can always go to the high courts....SF niwaradi nam courts valin eyaava nidahas karai....ithin echcharaine......methana eekata deshapaalanaya gaavagena randu karaganna kisima avashshyathaavayak nahane....eeken venne lankavata ayahapathak...lankave politiciansla hama deekinma balanne deeshapaalanika vaasi ganna.....

    anik eka mama hithanne oya haamuduruwanva arrest karanna heethuwa ee haamuduruwo prasiddiyema "SF thamai aththa janaadipathi" kiyala kiyapu nisa wenna oone(if you watch the video)....i don't think thats a good comment....eewunaata haamuduruwo kenekuta karadara karana eka nam varadi deyak mona aanduwakin vunath.....ape shaashanayata honda naha eeka...eeth haamuduru kenekge kaarya vanne deeshapaalana pelapaali valata sahabhagi weema nemeine,,game pansalata wela daayakayanta dharmaya ugannana eka....may bohoma sulu haamuduruwo kotasak nisa mulu sangaya wahanselaama nikan nimissunge nindaawata lak venava........
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    appatasiri nangiyath deshapaalanayata bessa da?:eek::eek:
    අනේ නෑ කලින් වගේම මට දේශපාලනයට කැමති නැහැ.. දේශපාලනය කරන මිනිස්සුන්ටත් කැමති නැහැ...වැරැද්ද දැක දැක නිහඩව ඉන්නත් බැහැ නේ අයියේ...:dull:

    පාලනය කවුරු ගෙන ගියත් මට ප්‍රශ්නයක් නැහැ... ඒත් ක්‍රමයේ තියන දුර්වලතා සකසා ගත යුතුයි.නැත්නම් ලන්කාවට යන කලදසාව ගැන දුකයි..ශ්‍රී ලාන්කිකයෙකු විදියට කිව යුතු දේයක් කීවා මම වැරදිද මන්දා...:nerd:
     
    "පාලනය කවුරු ගෙන ගියත් මට ප්‍රශ්නයක් නැහැ... ඒත් ක්‍රමයේ තියන දුර්වලතා සකසා ගත යුතුයි.නැත්නම් ලන්කාවට යන කලදසාව ගැන දුකයි..ශ්‍රී ලාන්කිකයෙකු විදියට කිව යුතු දේයක් කීවා මම වැරදිද මන්දා...:nerd:"

    නෑ ඇන්ජි ඔයා හරි.මමත් මේගැන හිත හිතා හිටියේ.රට එක්සේසත් කලා ලු,යුද්දෙ ඉවරයිලු,ඒත් ඊට වඩා මහ අවාසනාවන්ත තැනකටයි දැන් රට ඇදෙන්නෙ.සිංහලයාට සිංහලයාම නින්දිත විදිහට ගහනවා.ගල් පැලෙන චෝදනා කරනවා.නීතිය අතළොස්සකගේ වුවමනාව වෙනුවෙන් ආයුධයක් කරගෙන.අදහස් පැවසීමේ නිදහස පවා දංගෙඩියට ගිහින්.
    කවරතරාතිරමක වුවත්,විරුද්ධ මත දරන්නවුන් නින්දිත ලෙස නිරුවත් කරන හැටි දැක්කම මේක නිදහස් රටක්ද කියන කාරණය පක්‍ෂ-විපක්‍ෂ සියල්ලෝම සිතා බැලිය යුතුයි.


     
    • Like
    Reactions: amila_90210

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    ලංකාවේ තියෙන නීති වල වැරද්ද තමයි මේ
    වෙන රටක නම් මේව දැක්කම රාජ්‍ය නායකයෝ ඇස් කන් පියන් ඉන්නේ නෑ
    කොහෙද ඉතින් ලංකාවෙ ඕඩර්ස් දෙන්නෙත් ඒ කට්ටියමනේ..
    මෙව දිහා බලලා කෑ ගහලා දුක් වෙනවට වඩා හොඳයි ඇන්ජි දැක්කෙ නෑ වගේ අහක බලන් ඉන්නව..:no:
    ඒ තරම ලංකාවෙ රාජ්‍ය තන්ත්‍රය බලු වෙලා තියෙන්නේ...
    මේවා ගැන කතා කරන මනුස්සයෙක්ට උනත් වෙන්නේ ඊලග දවසේ අතුරු දහන් වෙන්න තමයි...
    අම්මපා මේ වෙලාවට තමයි හිතෙන්නේ සුද්දගෙ පාලනෙ තිබ්බ නම් හොඳයි කියලා..
    ලංකාවෙ ගූ හැත්ත බලය පාවිච්චි කරන්න දන්නෙ නෑ...
    නිකන් කටුස්සගේ කරෙ රත්තරන් බැන්දා වගේ තමා


    මෙ වගෙ පෝස්ට් දාන්නත් එපා
    කොටි වෙලේ සුදු වෑන් ඇවිත් අරන් යයිද දන්නේ නෑ
    :nerd:
     
    Last edited:

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    පු ළු වන් කාරයන් හමුවෙහි දණින් වැටී
    සු ළු මිනිසුන්ට අඩි හප්පා රවා සිටී
    බ ලු කම්වලින් අන්තිම බලු කමේ හැටී
    බැ ලු මට කැමතිනම් මුන් දෙස බලනු වටී


    17976_105116359515134_100000503106545_133078_4414247_n.jpg


    17976_105116362848467_100000503106545_133079_2883154_n.jpg


    17960_101678849866652_100000736124079_45963_4322229_n.jpg


    19436_484237395505_684695505_11030700_3365497_n.jpg


    19436_484237925505_684695505_11030707_2749842_n.jpg


    22168_105055259519508_100000451035737_123784_3853626_n.jpg


    21942_1185168403186_1647562211_474323_5500916_n.jpg


    19436_484278350505_684695505_11031139_7856977_n.jpg


    පු ළු වන් කාරයන් හමුවෙහි දණින් වැටී
    සු ළු මිනිසුන්ට අඩි හප්පා රවා සිටී
    බ ලු කම්වලින් අන්තිම බලු කමේ හැටී
    බැ ලු මට කැමතිනම් මුන් දෙස බලනු වටී


    අහෝ ප්‍රජතන්ත්‍රවාදය...!
    අසාධරණයට විරුද්ධව නැගී සිටීමටවත් මහ ජනතාවට අයිතියක් නැත :dull:
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    දේශපාලනය ගැන හිතේ පොඩි උනන්දුවක් තිබුනත් ලංකාවේ දේශපාලනය ගැන නම් හිතන්න පොඩ්ඩක්වත් හිතෙන්නේම නැත.එකම වචනය ලංකාවේ දේශපාලනය එතරම්ම කාලකන්නි එකකි.මොනව වුනත් අපේ රට බැවින් කතා නොකර ඉන්නටද නොසිතෙයි.
    මම කුඩා කල අසා ඇති එක් පාලකයෙකුගේ යුගයකට ආයෙත් රට ගමන් කරන බවක් පෙනෙයි.රට කෙතරම් දියුණු වුනත් සංවර්දනය කෙතරම් සාර්තක වුවත් මාධ්‍ය නිදහසක්,තමන්ට කැමති දේශපාලනයක් කිරීමට නොහැකි රටක් කුමකටද?
    ප්‍රශ්නය පැන නගින්නේ මෙම තත්වය ජනතාව තේරුම් ගන්නා අකාරය මතය.තමන්ගේ පක්ශයේ පාලකයන් කරන හැමදේම ඔවුන්ට හරිය.එහි වැරද්දක් නොදැකීමට තරම් පක්ශ මානසිකත්වයකින් ඔවුන් පෙලෙති.මෙම තත්වයට විරුද්ද වන හැම එකෙක්වම ඔවුන දකින්නේ විරුද්ද පාක්ශිකයන් ලෙසයි.එවැනි ජනතාවක් සිටින රටක පාලකයන්ට තමන්ට අවැසි දේ කර ගැනීමට කාගේ නම් බාධාවක්ද?
    ජනතාව මේ තත්වය තේරුම් ගන්නා තුරු කවුරු බලයට ආවත් අපේ රටේ තත්වය නම් මේකම වනු ඇත.

    රට ගැන කතා කරන්න මේ විදිහට හරි ඉදිරිපත් වීම අගය කොට සලකමි.


    ලෝවැඩ සඟරාවෙ පදයක් මතක් කරල දුන්නට බොහොම ස්තුතියි.