අපේ_ජනකවි
අපේ ජනකවි
ඡන කවි යනු පොදු ඡනයා අතර පරමිපරාවෙන් පරමිපරාවට කටින් කට පැවතගෙන ආ ඡනශ්‍රැති විශේෂයකි. මටසිලිටු බව,සරල බව හා ආදිනත්වයත් ඒවාට දක්නට ලැබෙන සුවිශේෂි ලක්ෂණ වෙයි. ඡනකවි මඟින් ගැමි ඡිවිතය හා ගැමි සංස්කෘතිය පිලිබඳ රසවත් තොරතුරු රාශියක් අනාවරනය වෙයි.
අතීත ජනයා තමන්ගේ කාන්සියත්,වෙහෙසත් නිවාගැනීම සඳහා යොදාගත් ජන කවිය, විවිධ ක්ෂේත්රයන් , වෘත්තීන් ඔස්සේ නිර්මාණය වී ඇත.මෙම ජනකවි ගැමියාගේ ස්වයං නිර්මාණ වශයෙන් දැක්විය හැකිය. අප මතුන්මිත්තන් සැඟවුණු කුසලතා පිළිබිඹු කරන්නා වූ වටිනා නිර්මාණ වශයෙන් අපේ ජනකවි දැක්විය හැකිය. ඡනකවි මඟින් ගැමි ඡිවිතය හා ගැමි සංස්කෘතිය පිලිබඳ රසවත් තොරතුරු රාශියක් අනාවරනය වෙයි.
සිංහලකමත්, ගැමි දිවියත් එකට යාවුණු පුරුකකි ජන කවිය.
සිංහල ජන කවියේ ආරම්භය කවදා කෙසේ සිදුවීදැයි කිව නොහැකි නමුදු ශාස්ත්‍රීය නොහොත් පණ්ඩිත කවියට වඩා එය පැරණි වන්නේය. බුද්ධඝෝෂ හිමියන් විසින් රචිත "සාරත්ථප්පකාසිනී" ග්රන්ථයෙහි "ඇල් ගෙවිලියක විසින් ජාති, ජරා, මරණ යන ත්රිලක්ෂණය ප්‍රකාශ කරන ලද ගීයක් ගායනා කරනු අසා සිටි සැටනමක් භික්ෂූන් රහත්වූ බව කියැවෙයි. එමෙන්ම බොහෝ විචාරකයන්ගේ පිළිගැනීම වන්නේ "උගත් සාහිත්‍යයක් බිහිවීමට පෙරාතුව ජනකවි පහළවීම ස්වභාවික බවයි." මේ තුළින් ජනකවියේ ඉතිහාසය දුරාතීතයට දිවෙන බැව් පැහැදිලිය.
ජන කවිය ගැමි දිවිය සමග අත්‍යන්තයෙන් බැඳී පවත්නා ගැමි කලාංගයකි. තත් කවි වෙසෙස ගැමියා ගයන ලද්දේ හුදෙක් දිළිඳුකමත්, සිත, කය වෙහෙසීමටත් කටුක දිවිපෙවෙත කරණකොටගෙන ලබන දුක්පීඩා අමතක කරලනු පිණිසය. ඔවුන්ගේ කවි අධික දුක් පීඩාවන්ගෙන් වෙහෙසුණුවුන්ගේ හදින් නැගී පිටවූ දොම්නස් සුසුම් හා සොම්නස් සුසුම් වැන්න. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගැමි ජීවන යථාර්ථය යනු ගැමි ජනයාගේ ජීවිතයේ සැබෑ තත්ත්වයයි. ජන කවිය ජනහිත දිනූ කලා මාධ්‍යයක් වන්නේ ගැමියන්ගේ ආධ්‍යාත්මයන් තුළින් උපත ලද අව්‍යාජ අත්දැකීම් එමගින් ප්රකටවීම නිසාය. ලේඛකයකුට ස්වකීය අදහස් සන්නිවේදනය කිරීමට එකී ස්ථානය හෝ වේලාව බලනොපායි. ගැමි ජන දිවිය සුවිශාලය. බෙහෙවින්ම සංවේදීවූ අත්දැකීමක් ගැමි කවියා ස්වකීය නිර්මාණයට විෂය කර ගනියි.

Last edited: