අපේ ජනකවි

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ගොයම් කවි/නෙළුම් කවි-2

    ගොයම් කවි/නෙළුම් කවි


    මුදුනේ යන ගොන් රජු නේ
    පසුපස යන කිරි ගොනු නේ
    වට දුවනා නාම්බ නේ
    කොඹ මඩවා දෙන් සොදි නේ

    මේ කාගෙද ගොන් වස්සා
    කලු‍ ගොයියාගෙ ගොන් වස්සා
    උගේ පිටේ ඇට මැස්සා
    එළවා දක්කන් වස්සා

    දුම්බර කෙතේ වැට බැඳලා රැකුම් බැලුම්
    මාවැලි ගඟේ දිය බැඳලා කෙත‍ට ගිලුම්
    බොළඳ ළියන් කර ඔසවා බලන බැලුම්
    තුම්පත් රටාවයි දුම්බර කෙතේ නෙලුම්

    ඉඩවර දවසට කොයි ‍ ගොයියා
    සතර වනන්තර කොටා දමයියා
    පතර අකුල් කටු නසා දමයියා
    විසුණු කරයි වැසියොති ගිනි දෙයියා

    විදලා නගුලුත් ඇණ ගසමින්නේ
    විදලා විය දඬු ලණු අදිමින්නේ
    යොදලා නැකතක් ගෙන සලසන්නේ
    බැඳලා ගොන්ගෙයි හි මඩවන්නේ

    ඉනේ බලාපන් ඉනවට සේල බලාපන්
    අතේ බලාපන් අත වට ගිගිරි බලාපන්
    කරේ බලාපන් කරවට මාල බලාපන්
    දැදුරු ඔයෙන් එන එතනගේ ඔමරි බලාපන්

     
    Last edited:

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ගොයම් කවි/නෙළුම් කවි-3

    ගොයම් කවි/නෙළුම් කවි

    තෙල් ගාලා ඉස පීරන් නෑනෝ
    ඇට වැල ඇරගෙන බැඳගන් නෑනෝ
    සේලේ අරගෙන ඇඳපන් නෑනෝ
    ගොයම් නෙළන්නට යමු අපි නෑනෝ

    කැකුළු තිසරු ඔසරියෙන් වසා ගෙන
    රුකුළු වළලු දෑතේ නද දී ගෙන
    මැදලා පුස්කොළ තෝඩු තියා ගෙන
    වෙල මැද නෙලුමට යමු සැරසි ගෙන

    රටට ගමට ජාතියටත් ගරු කොට
    පණට කයට අප සැම උදව්වට
    නිවට නොවී හොඳ කල් ගත කෙරුවට
    වෙලට බහිමු අපි ගොයම නෙලන්නට

    බොහොම ගන්ට නම් ගොයමෙන් අස්වනු
    බොහොම හොදට නෙළුමත් ඕනෑ වෙනු
    කොහොම කලත් බෑ නොහෙලා දැනගනු
    නෙළුම තමයි අපේ පුරුදුම කහවනු

    තුනක් ඇදුනි කොළ පෙති ජල මත්තේ
    මදක් පමණ වෙන කොට සිවු පෙත්තේ
    දනක් පමණ වෙන කොට පස් පෙත්තේ
    සයක් ඇදුණි කොළ බොරු නැත සන්නේ

     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ගොයම් කවි/නෙළුම් කවි-4

    ගොයම් කවි/නෙළුම් කවි


    තඹුරු පුබුදු මල් සුවඳයි හැම විට
    බමරු ඇවිත් රොන් ගෙන යති උදයට
    මදුරු කිඳුරු නද වෙති තද වාතෙට
    නැඹුරු වෙලා ඉකි ගෝමර තරමට

    ඇදුනි සතක් කොළ පෙති අග තුඩු දී
    පෙනුණි සුනිල් තණ පත් ලෙස නද දී
    ඇදුනි යපුරුකක් ඒ නිසි කල දි
    පිපුණි ගොයම් මල් නව පෙත්තේ දී

    සෙතක් ලැබේවා තිසරණ සරණේ අවසර
    මෙලක් දිවට අධිපති සැම දෙවිඳුන් සිහිකර
    දොසක් ඇතත් දුරු කර සෙත සලසා නිරතුර
    මදක් කියමි නෙළුම් තහංචිය අපි කවි කර

    සැමට කියමි වදනක් සිතුසේම අසන් නට
    සතුටු සිතින් පිළිගනු එය සමාවෙලා මට
    කෙතට බසින්නට පළමුව බුදු ගුණ සිහි කොට
    පිහිට පතා දෙවියන්ගේ බසිමුකො කුඹු රට

    උදේ සිටන් වකුටු කොන්ද දිග ඇරපල්ලා
    අතේ තියෙන නෙලාපු වල් විසි කරපල්ලා
    ඉනේ තියෙන ලේන්සු පොඩි අතට ගනිල්ලා
    බුදුන් දහම් සඟ සරණින් ගොඩට යමල්ලා



     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    පතල් කවි

    පතල් කවි

    වල ඇතුලේ සොල්දරෙ වාසනාවන්
    සොල්දරෙ උඩින් දබරේ වාසනාවන්
    දබරෙ උඩින් දම්වැල වාසනාවන්
    දුප්පත් අපට පත්ලේ වාසනාවන්

    ඉන්නෙත් දුම්බරයි මහ කළු ගලක් යට
    කන්නෙත් කරවලයි රට හාලේ බතට
    බොන්නෙත් බොර දියයි පූරුවෙ කල පවට
    යන්නේ කවදාද මව්පියො දකින්නට

    මිනිරන් පතල හරියට අපෙ ගෙදර වගේ
    බත් දෙන කෝකි අප්පු අපෙ අම්ම වගේ
    ලියන අප්පු පවුලේ ලොකු අයිය වගේ
    ලෝඩර් ගොල්ල හරියට මහසෝන වගේ

    මහ බෝගලට අපි ඇවිදින දුකා
    ගැට්ට නැති මුට්ටි පොඩියේ උයා කකා
    පනන් විස්ස ණය වෙනකොට සිතේ දුකා
    සතර වරම් දෙවි පිහිටෙන් නොවන් දුකා

    මී වදේ ලෙසට ඉල්ලම සොයා ගෙන
    එම වදේ ලෙසට කටු පණ තියා ගෙන
    ආයුදේ ලෙසට ඉල්ලම් කටු රැ ගෙන
    මේ සඳේ පතල් වල ඉල්ලම් කපන

    ඉර පායා එනකොට රැස් විහි දෙනවා
    සද පායා එනකොට තරු දිලි සෙනවා
    මල් පිපිලා සුවදට බමරුන් එනවා
    ලද නුඔ මතක් වෙන කොට හදවත දනවා

    කිරිමදු කොල කිරිමදු කොල කිරි අම්මේ
    කිරට අඬන අත දරුවෙකි මම අම්මේ
    අනුන් දෙන බතට වග බොහොමයි අම්මේ
    ඈත හිටන් කටහඬ පානුය අම්මේ

     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    කරත්ත කවි/ගැල් කවි

    කරත්ත කවි/ගැල් කවි

    කලු ගල් තලාලයි පාරට දමන්නේ
    එම ගල් පෑගිලයි ගොන් කුර ගෙවෙන්නේ
    ගොනා නොවෙයි හරකයි බර අදින්නේ
    කිරිගල්පොත්ත කන්දයි මේ අදින්නේ

    තණ්ඩලේ දෙන්නා දෙපොලේ දක්කනවා
    කටු කැලේ ගාලේ නොලිහා වද දෙනවා
    හපුතලේ කන්ද දැකලා බඩ දනවා
    පවු කල ගොනෝ ඇදපන් හපුතල් යනවා

    සසඳ සසඳ හඳ පානේ අපි යනවා
    මම්මල බඳව ගොන් බානක් දක්කනවා
    සකිය සගව්ව‍ට රෝදය කැර කෙනවා
    දත් කැකුළට අපි කුරුණෑගල් යනවා

    වයිර ගොනා දන ගහලා අදින කොට
    මයිල ගොනා පැන්නයි පස්සට හොරට
    මොනවා කරන්නද පුරුවේ කල පවට
    පවු කල ගොනෝ ඇදපන් ගාල ගාවට

    දුප්පත් කමට ගොන් බැඳ දක්වනවා
    කන්නත් නැතිව රෑ දාවල් වෙහෙසෙනවා
    ගොන්ටත් නොයෙක් වද දීලා ගෙනියනවා
    දැන්වත් දුකට දෙවියෝ පිහිටක් වෙනවා

     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    වටිනා කම කියලා නිමකරන්න බැහැ
    බො‍හෝම ස්තුතියි දක්වන ලද මහන්සියට උත්සහායට
    කොතරම් වෙහෙසක් ගත්තාදියි සිතා ගන්න පුලුවන් :):cool:
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    වටිනා කම කියලා නිමකරන්න බැහැ
    බො‍හෝම ස්තුතියි දක්වන ලද මහන්සියට උත්සහායට
    කොතරම් වෙහෙසක් ගත්තාදියි සිතා ගන්න පුලුවන් :):cool:
    :) බොහොම ස්තූතියි,
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ගොයම් කවි/නෙළුම් කවි-5

    ගොයම් කවි/නෙළුම් කවි

    goyum2.jpg


    රන් දෑකැති ගෙන නිති සැරසෙනවා
    රත්ත්‍රං පටි ඉන වට දිලිසෙනවා
    හිරුදුටු පිණිබිදු සුලඟේ යනවා
    දුම්බර කෙතෙ අපි ගොයම් කපනවා

    උඩින් සිටින හිරු දෙවියෝ සෙවන කරා
    බිමින් සිටින මිහිකත දෙවි කලස දරා
    වටින් සිටින මිහිකත දෙවියෝ අරක් කරා
    ඉතින් කපමු අපි එකතුව ගොයම් පුරා

    වරම් වර
    ම් මට මහ බඹු අතින් වරම්
    වරම් වරම් දෙවි ඉසිවර අතින් වරම්
    වරම් වරම් සක් දෙවි අතින් වරම්
    වරම් ගොයම් කැපුමට දෙවිඳුගෙන් වරම්

    මං සොඳ දෙවි වැඳ අවසර ගන්නේ
    පෙ
    ම් වඩවන කවි නිතර කියන්නේ
    ඉන් වරදක් ඇති මුත් දුර ලන්නේ
    පින් ඇති සැම දෙවි අවසර දෙන්නේ

     
    Last edited:

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    පාරු කවි

    පාරු කවි

    2888838031_d91f7a449f.jpg

    පිතූරෙ ගත්තෙ මෙතනින්

    මාතර ගඟේ ඉන්නා කිඹුලිගෙ පැටියා
    තල්ල සුදුයි බෙල්ලේ ගෝමර කැටියා
    යන එන ඔරු පාරු නවතාගෙන සිටියා
    මිනී නොකයි මාතර කිඹුලිගෙ පැටියා

    ගමන් යන්ඩ නැකතින් පාරු පැද ගෙනේ
    සමන් දෙවියන්ඩ පුද පඬුරු බැඳ ගෙනේ
    මෙවන් කළු ගගේ කඳු මුල් බලා ගෙනේ
    අපිත් යමුව සැම දෙවියන්ට වැඳ ගෙනේ

    ඔන්න මලේ ඔය නාමල නෙලා වරෙන්
    අත්ත බිඳෙයි පය බුරුලෙන් තබා වරෙන්
    කැළණි ගඟේ ඔරු යනවා බලා වරෙන්
    සාධුකාර දී ඔරුවක නැගී වරෙන්

    ගහක් කපාගෙන ඔරුවක් කොටා ගෙන
    හබලක් හදාගෙන ගඟකට දමා ගෙන
    එගොඩත් බලාගෙන මෙගොඩත් බලා ගෙන
    කොළුවෙක් තෙමී ගෙන ඔරු පදි මුලා වෙන

    මස්සිනාගෙ මගුලට මම රුහුණු ගියේ
    ලස්සන ගමන් බඩු පටවා එන්ට ගියේ
    පස්ස බලන කොට අඟුලක් ගිලී ගියේ
    රත්තරන් ලියකි තෙලිකඩ ගඟේ ගියේ

    වැල්ලේ පිපෙන බිම් මල වාසනාවන්
    ගොල්ලේ පිපෙන පන් මල වාසනාවන්
    අතු අග පිපෙන සපු මල වාසනාවන්
    අපේ අම්මා ජාතිත් වාසනාවන්

    එගොඩත් බැලිමි එගොඩත් දේදුන්න වගේ
    මෙගොඩත් බැලිමි මෙගොඩත් දේදුන්න වගේ
    දෙගොඩම බැලිමි දෙගොඩම දේදුන්න වගේ
    පේරාදෙණියෙ පාලම දේදුන්න වගේ

    එගොඩ ගොඩට යනකොට සූරියා වගේ
    මෙගොඩ ගොඩට එනකොට බැබිල මල වගේ
    දෑත දෙපය පෙරාපු රත්තරන් වගේ
    උඔ නම් ලඳේ මට හිත ඇති කෙනෙක් වගේ


     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    බඹර කවි

    බඹර කවි

    බමර කැපිමේදි ඇති දුෂ්කරතා හා මානසික හැගීම් මෙම කවි වලින් කියවේ.


    බඹර කැපීම හෙවත් පැණි ගැරීම

    ar10022111-1.jpg


    වැල ඉද්දර සේනාවක් සිට පල් ලා
    වැල පාමුල සේනාවක් සිටපල් ලා
    වැලේ යන දෙන්න පේවි පලයල් ලා
    වස් නැති ගලේ බඹරෙට දුම්දාපල් ලා


    බින්තැන්නේ දී අසන්ට ලැබෙන මේ බඹර කවියෙන් කියවෙන්නේ බඹර වද කපා ගැනීමට සැරසෙන අන්දමයි.

    වන දිවියේ අමරණීය සිහිවටනයක් වන මී බඹර කැපීම ඇමෝනෑකමට කළ හැකි තක්කු බුක්කු වැඩක් නොවේ. මී බඹර කැපීම සීරුමාරුවට කළ යුතු කාරියකි. ජීවිතයත්, මරණයත් අතර කෙරෙන ජීවිත සංග්‍රාමයක් බදු බඹර කැපීම හෙවත් ‘පැණි ගැරීම’ බරසාර වැඩකි. ඒ නිසාවෙන් බඹර කැපීමට ‘පැණි පාරේ’ යන්නේ දැනිමිතිකම් ඇත්තන් ය. වැද්දන් මේ කාර්යයට උපන් හපන්නු ය. වැද්දන් පමණක් නොව බැද්ද ආශි‍්‍රත ව වෙසෙන හේන් ගොවියන් ද මී බඹර ගැරීමට දස්සයන් ය. ‘පැණිමුරේ’ට ඔවුන් පැණි පාරේ කැලේ රඳන්ට ගොහුන් ‘පැණි ගරා’ ගැනීමට යුහුසුලු වෙයි.
    බඹර පැණි ගැරීම හෙවත් බඹර කැපීම ආදියේ සිට ඌව බින්තැන්න වෙල්ලස්ස, මඩකළපුව ප්‍රදේශවල පැවැති ජන දිවියේ ජීවන අංගයක් ව තිබුණි. වැද්දන් බඹර වද කපා පැණි ගන්නා අන්දම පිළිබඳ හියු නෙවිල්, එච්. පාකර්, සෙලිග්මාන්, ආර්. ස්පිටල් වැනි විදේශීය ලේඛකයින් සඳහන් කර ඇත්තේ ආස්වාදජනක අන්දමිනි.
    මිනිසුන් ගෙන් හා වලසුන් ගෙන් තම බඹර වද ආරක්ෂා කරගැනීම සඳහා බඹර වද බඳින්නේ මහ රූස්ස ගස්වල හරස් අතට විහිදුණ අතුවල හෝ ගිරි ශීඛරවල පහළට නැඹුරු වූ තැන්වල ය. බොහෝවිට එවැනි තැන්වල බඹර සමූහයක් හෙවත් ‘බඹර කොට්ට’ බැඳීම සිරිතකි. ‘බඹර කොට්ටේ’ යනු බඹර කිහිපයකි.
    මී බඹර වද බහුල වශයෙන් බඳිනු ලබන්නේ සීග්‍ර බෑවුම් සහිත හෙල් හා උස් ගස්වලින් යුතු වනාශි‍්‍රත පෙදෙස්වල ය. එයට හේතු වන්නේ සිය මැසි ජනපද මිනිසාගෙන් හා වලසා ගෙන් ආරක්ෂා කර ගැනීම හා පැවැත්ම සඳහා සුදුසු පරිසර පද්ධතියක් එවැනි පෙදෙස්වල තිබීම විය හැකි ය.


    බඹර මී මැස්සන් දිය ගෙන ඒම ගැමියන් හඳුන්වන්නේ ‘දිය ඇදුමේ’ යනුවෙනි. මේ අන්දමට, බඹර මැස්සන්ගේ දින චරියාව අධ්‍යයනය කළ ජන කවියා,

    ‘මලට යන බඹරු මල් ඇඳුමේ යන්නේ
    ගහට යන බඹරු රොන් අරගෙන යන්නේ
    ගඟට යන බඹරු දිය ඇදුමේ යන්නේ
    යන්ට යන බඹරු පැණි අරගෙන යන්නේ’

    යැයි මි බඹර මැස්සන්ගේ චරියා රටාව ගැන විස්තර කරයි.


    පැණි ගැරීමට දක්ෂයෝ පැණි මුරේට බැද්දට රිංගති. ‘පැණි මුරේ’ යනු මි බඹර වදවල ‘පැණි බහින’ කාලය, හෙවත් වදවල පැණි මෝරා තිබෙන සමයයි. වදවල පැණි හොඳින් තිබෙන ‘මල් සමය’ තීරණය වන්නේ සොබා දහම අනුව ය. සෑම වසරක ම මල් සමයෙන් පසු ව බැද්දේ මී වද බඹර වද පැණි බර වේ. බැද්දට මල් සමය උදා වෙන්නේ අක්වැස්සෙන් පසු එළඹෙන ‘දමන් වැහි’ කාලයේ දී ය. දමන් වැහිවලට ගහකොළ දළුපත් ලා මල් මෝදු වෙන්ට පටන් ගනියි. දමන් වැහි වහින්නේ බක් මහට ය. බක් මහ අසිරියෙන් වනපෙත හැඩ වැඩ වී තුරුලතාවෝ හිනැහෙති. එළ මල් ද, කැල මල් ද, මොර මල් ද කීන වීර පලු මල් ද, ඇහැල ලිහිනිය මල් ද ආදි වශයෙන් බැද්ද පුරා මල් මෝදු වෙන ‘මල් සමය’ පැණි බහින කාලයයි.


    බඹර වද හෙවත් බඹර කොට්ට කැපීමට දක්ෂ ඒ සඳහාම ඇපකැප වෙච්ච පිරිසක් බැදි ගම්මානවල වෙසෙති. ඇතැම් විට ඔවුන් හඳුන්වන්නේ ‘පනික්කියන්’ යනුවෙනි. නැගෙනහිර පළාතේ ඒරාහුරුව මඩකළපුව ආශි‍්‍රත පෙදෙස්වල සිටි බඹර කපන්නන් ‘පනික්කියාර්’ වරුන් ය. ඇතැම් බඹර කවිවලින් පැණි කපන පනික්කියන් ගැන කියැවේ; මේ එවැන්නකි.

    ‘පොල්ගහ ගම පනික්කි ගුරු සැවොම ගියා
    වලස් බඹර දැක කියලා එන්ට ගියා
    කිතුලා පොලේ බුක්කිරිය කන්ඩ ගියා
    කිතුලා හෙලේ අඩ් ඇරගෙන බඹරු ගියා’

    මෙසේ පනික්කියන් යැයි ව්‍යවහාර කළේ බඹර වද කපන්ට දක්ෂ අයට මිස එකි කාර්යයෙහි යෙදෙන කුලයක මිනිසුන්ට නොවේ.


    බඹරයට දුම් දෙවන විට මැස්සන් ‘ඉලට්ටන්’ වෙනවා (කුලප්පු වෙනවා) නියතයි; එවිට බඹර කපන්නා ඕඩයේ ගිනි පුපුරු විසිරෙන්ට පන්දමේ ඇවිලෙන දැල්ල ගහේ උලයි: දුම්වැදී මත්ව සිටින මැස්සන් වෙතට ගිනි පුපුරු වැදෙත් ම මැස්සෝ බියට පත්ව විසිර යති. මේ අතර ‘මත් ලීයෙන්’ ඇණ බඹරය සිදුරු කරන පැණි කපන්නා මත්ලීයේ අඬුව පැත්තෙන් ‘ඌරල් වදයක්’ කඩා ගෙන යකා කටට දමන්නේ දෙවියන් යකුන් කිහිප දෙනෙකුට ආමන්ත්‍රණය කර යාතිකාවක් කියමිනි. ඉක්බිති දබරඟිල්ලෙන් හතර පැත්තට පැණි ස්වල්පයක් ඉසිමින් දෙවියන්ටත් යකුන්ට තුති පුදයි.
    එසේ කළ ඔහු පැණි වද එකින් එක කඩද්දී ගහ මුල සිටින ආධාර කාරයෝ

    එන්නන් කියන්නන් කළුකොටු අරවන් ට
    ලී වැල් කපන්නේ හැරපොට බඳවන් ට
    මලේ අඬන්නේ තව මල් රොන් ගන් ට
    පලයව් බඹරුණේ තොපෙ දිවි ගැලවෙන් ට

    නව නවා ගබඹර අතු අග යන කලට
    නැවි නැවී තදින් බරවිය අතු අගට
    වදේ කඩාලා බැරිවිය බාන්නට
    මුලින් කඳ බිඳුණි දෙන්නගෙ කරු මයට

    මලේ හැම තැනම බඹරුන් අඬන්නා
    ඹර බැන්ද තැන් අපවද සොයන්නා
    බඹර කපා පැණි හැමටම බෙ බෙදන්නා
    බඹරු තොපට පින් අත්වෙයි කියන්නා
    ආදි වශයෙන් ඇති බඹර කවි කියති.


    බඹර කපන්නේ බඹර කවි කියමිනි. බඹර කපන්නා මෙන් ම සහයට ඉන්න සෙස්සෝ ද මේ බඹර කවි කියති. බඹර කපන අවස්ථාවේ දී කියන කවි ‘බඹර කවි’ නමින් හැඳින් වෙන අතර බඹර කැපීමෙන් පසු ව කියන කවි ‘ඉරණම් කවි’ නම් වේ. ‘බඹර මාලේ’ කවි නමින් හැඳින්වෙන්නේ්ද මුලින් කී බඹර කවි ම ය.

    - කලාභූෂණ සඳරුවන් ලොකුහේවා -
    -සිළුමිණ-

     
    Last edited:

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    බඹර කවි-2

    බඹර කවි

    බැද්ද වටට සුදු මොර මල් පිපි ලා
    සද්ද කර බමරු ඒ වග කියා ලා
    ඉටිත් පැණිත් ලොව හැමටම බෙදා ලා
    යන්නන් බමරු දුක් මැසිවිලි කියා ලා

    බමරු අඬන්නා කඳු අස නෙළුම් මලේ
    බමරු පිට දෙබරු නාඬත් ද මොර මලේ
    මුතු කුඩ සේ රැලි අල්ලා බඳිති ගෙලේ
    පැදලා කපාපන් රුසිරු ගොයිඳු හෙලේ

    රොනට යන බමරු රොන් අරගෙන එද්ද
    මලට යන බමරු මල් අරගෙන එද්ද
    දියට යන බමරු දිය බීගෙන එද්ද
    යන්ට යන බමරු අඩ අරගෙන එද්ද

    කන්දෙන් බසින්නේ ලිය ගෙදර බල බලා
    මන්දෙන් බඳින්නේ අසු නොවන වල් කුලා
    දැන් දැන් ලියන්නේ සිත්තම දුරින් දුරා
    යන්නෙමි මල්ලියේ සඳගල වැටෙන තුරා

    ඔතන ඉඳින්නා මෙතනට පෙනෙන් නා
    ඔතනට එන්න මගෙ සිත කර කැවෙන් නා
    කතා කරන කට හඬ කන නො වැටෙන් නා
    හයියෙන් කතා නොකරන් පපුව දන් නා

    හේලි හෙළේ හෙළ වට කරැ කැවිල්ල
    ගල් නළළේ බැන්දා වැනි තොටිල්ලා
    තොටිල්ල මැද යනකොට කරැ කැවිල්ල
    මඩු ගම හෙළ බලතොත් මෙහි වරෙල්ලා

    උඩ මාලේ මල් වැසි වැස්සත් යනවා
    බිම් මාලේ මල් වැසි වැස්සත් යනවා
    ලිප ලිග්ගල තුන වෙන් වූවත් යනවා
    නා ගස බමර කැපුමට දෙන්නම යනවා

    මලේ හැම තැනම බමරුන් අඬන්නා
    බමර බැද්ද තැන අපි වද සොයන්නා
    බමර කපා පැණි හැමටම බෙදන්නා
    බමරු තොපට පිං අත්වෙයි කියන්නා

    නව නවා බමර අතු අග යන කලට
    නැමි නැමි කඳින් බර විය අතු අගට
    වදේ කඩා බැරිවුණි එය බාන්නට
    මුලෙන් කඳ බිඳුනි දෙන්නගේ කරුමයට

    කුසේ උපන් ලොකු අයියා කරපු හැටී
    ගසේ සිටියදි හැරපොට කපා බසී
    බමරු සිය දහස් ඇඟ ලේ උරා බොතී
    පලයන් අයියන්ඩි මම එන ගමන් නැතී


     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ජනකවිය හා සමාජ වර්ධනය

    ජන කවියෙන් සමාජ සංවර්ධනයක්‌ සිදු වී ද?

    ජන සාහිත්‍යය ජන සමාජය හා බද්ධ වූවකි. එහි ප්‍රබල අංගයක්‌ වූයේ ජන කවියයි. සමකාලීන ජනතාවගේ සිතුම් පැතුම්, හැඟීම්, දුක්‌කම්කටොලු, ජය පරාජයන් පිළිබඳව පමණක්‌ නොව අනාගත බලාපොරොත්තු ආදියත් තම ජීවිතය හැඩගස්‌වා ගැනීමට අවශ්‍ය උපදෙස්‌, අවවාද දීමත් ජන කවියා ජන කවිය මගින් සිදු කර ඇත. එදිනෙදා ජීවිතයේදී ලැබූ අත්දැකීම් හා සිදුවීම් වස්‌තු විෂය කර ගනිමින් මනා ලෙස ගලපන ලද ජන කවිය තුළින් පතපොතින් ලැබිය හැකි දැනුම අභිබවා යන අවස්‌ථාවන් ද දැකිය හැකිය. සමාජයට යහමඟ පෙන්වීමටත් සමාජ සංවර්ධනය උදෙසා අවශ්‍ය කාල්පනික ශක්‌ති වර්ධනය කිරීමට මනස මෙහෙය වීම මෙන්ම සමාජ සංවර්ධන කාර්යයට සෘජුව හා වක්‍රව මැදිහත් වීමටත් ජන කවියා උත්සාහ දරා ඇත.


    අතීත ගැමියාගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගය වූයේ ගොවිතැනයි. දහසක්‌ දුක්‌කම්කටොලු විඳ දරා ගනිමින් ගොවිතැන් කටයුතු සාර්ථකව කර ගැනීම තුළින් නොදැනුවත්වම සිදු වූයේ ස්‌වයංපෝෂිත ආර්ථික රටාවක්‌ බිහිවීමය. එහි අග්‍රගණ්‍ය ප්‍රතිඵලය වූයේ කිසිවකුටත් අත නොපෑමේ ආර්ථිකයක්‌ බිහිවීමයි. එකිනෙකා සහයෝගයෙන්, සමගියෙන්, සාධාරණ ලෙස තම බවබෝග වගා කිරීම තුළින් නොදැනුවත්වම සිදු වූයේ සමාජයේ ආර්ථික වර්ධනයකි. එවන් ආර්ථික වර්ධන කාර්යයේ නියෑළි ඔවුන් විසින් නොයෙක්‌ අවස්‌ථාවලදී කියන ලද කවි අපි අද ජන කවියේම පැල් කවි, කුරක්‌කන් කවි, පාරු කවි ආදී ලෙස වර්ග කර දක්‌වමු. එම කවිවල ඇතුළාන්තයේ ඇත්තේ ජීවිතයේ කර්කශ සුවඳය. ඔවුන්ගේ ජීවිතයේ කටුක බවේ සුන්දරත්වය මෙන්ම සරල දිවි පැවැත්මය.


    එවන් සරල සමාජ මට්‌ටමක සිට සමාජ සංවර්ධනය නම් භාරදූර කාර්යයට ජන කවියා ජන කවිය තුළින් ලබාදී ඇත්තේ අනභිභවනීය සේවයකි. සමාජ සංවර්ධනය පිළිබඳ අදහස්‌ දැක්‌වූ චින්තකයෙකු වන ලියනාඩෝ ඩී ගුස්‌මාන් පවසනුයේ ජීවන තත්ත්වයේ වර්ධනය සමාජ සංවර්ධනය බවය. වඩා සාධාරණ ලෙස ආදායම් හා ධනය බෙදී යැම තුළින් සමාජ සංවර්ධනය ළඟා කර ගත හැකි බව ඔහුගේ අදහස ය. එකල ගැමියා ලද න්‍යායාත්මක දැනුම කෙසේ වුවද ඒ බැව් සාමාන්‍ය ජීවිතයේදී ප්‍රායෝගිකවම ඔවුන් අවබෝධ කරගෙන තිබිණි.


    අද මෙන්ම එදා සමාජයේ ද ආදායම් විෂමතාව ප්‍රබලව තිබී ඇති බවට සාධකයකි, මෙම පහත සඳහන් කවිය. කවියා නිර්මාණාත්මකව සමාජ අසාධාරණය හා දුප්පත්කම නැතහොත් ගුස්‌මාන්ගේ අදහස අනුව ආදායම සාධාරණව බෙදී නොයැමේ විපාකය වන ජීවන තත්ත්වය නඟාසිටුවීමේ බාධකය මෙම කවිය තුළින් මනාව චිත්‍රනය කර ඇත.

    වෙල් යායක ගොන් දෙන්නෙක්‌ කකා උනි
    ඉන් එක ගොනෙක්‌ වලිගය නැතිව වැනි වැනි
    වලිගය ඇති ගොනා මැස්‌සන්ට බැට දුනි
    දුප්පත්කමත් වලිගය නැති ගොනා වැනි


    සමකාලීන සමාජයේ ආදායම් විෂමතාවක්‌ නොතිබුණේ නම් මෙවන් කවියක්‌ බිහි නොවන්නාසේම පහත සඳහන් කවියෙන් කියවෙන අම්මාට ද තම දරුවා මෙවැනි කවියකින් නැලවීමට සිදු නොවනු ඇත. එපමණ ද නොවේ මතු යම් දිනකදී සාධාරණ ලෙස ආදායම් බෙදී යැමේ සිහිනය මල්පල ගනු ඇතැයි යන සුන්දර බලාපොරොත්තු ද ඇයගේ සිත තුළ පැළපදියම් වී ඇති බව අවසන් පදයෙන් හැඟවේ. එනම් සාධාරණත්වය තුළින් නුදුරු දිනකදී සමාජය සංවර්ධනය කරා එළැඹේ යන බලාපොරොත්තුව එහි ගැබ්ව නැත්තේ ද?

    අතට වළලු කොහෙන් දුවේ
    පයට ගිගිරි කොහෙන් දුවේ
    ඉනට හවඩි කොහෙන් දුවේ
    දැනට නිදා ගනින් දුවේ


    වඩා සාධාරණ ලෙස ආදායම් බෙදී යෑමට අමතරව සමාජ සංවර්ධනයේ අරමුණක්‌ වනුයේ මානව ගරුත්වයයි. මානව ගරුත්වය යන්න එකිනෙකා තුළ හදවතින්ම පැන නැඟිය යුත්තකි. කුඩා කල සිටම එකිනෙකාට ගරු කිරීම හා සිරිත් විරිත්, යුතුකම් පුරුදු පුහුණු විය යුතුය. පුරුදු පුහුණු කළ යුතුය.

    ජන කවියා එම වගකීම මැනවින් වටහාගෙන තිබිණි. සමහර නැලවිලි ගී පැරැණි සිරිත් විරිත් මතු කර දක්‌වයි. යහපත් ලෙස සංවර්ධිත සමාජයක්‌ බිහි කිරීමෙහිලා දායකත්වය සැපයූ ජන කවියා තම දරුවන් ඒ සඳහා යහපත් ලෙස සමාජානුයෝජනයට ලක්‌ කොට ඇති ආකාරය පහත සඳහන් කවියෙන් පැහැදිලි වේ.


    පුතේ නුඹේ ලොකු අම්මා
    අතේ වළල්ලක්‌ දැම්මා
    මෙසේ මියුරු තෙපළම්මා
    පුතේ නාඩ නිදියම්මා


    -දිවයින-