~සාධු ජනයා~

shakespeare

Well-known member
  • Oct 18, 2008
    2,543
    60
    48
    ~~NeVeRLaND~~
    wisteerna samajayak atule....honda naraka criticize karana eka samajayen apita labichcha anduru daayaadayak....minissu tamange jeewite saadaranikaranaya karanne jeewath wenna sankeerna hetu hoyanna....agamak wewaa jaatiyak wewaa.....minissu oya kiyana taran taram ananya widiyata wistara karanna puluwannam ada loke wenasma tanak....mehemai mama oya kiyana adahasa siddiyak widiyata piligannawa aiya.....habai eke tiyaa samajeeya karanaawa gana mage kiyaweema wenas....ada minissunge manasin wagema wachanayenuth pitata enne pranchansaawakata wada viwechanayak....api hamooma wiwechanayata aasai....minissu wiwechanaya karanne ai eka widiyakata eka minissunge tiyana pramodiya aashawak wenna puluwan....taman ganama windina pramodayak.....oya liwwa de siddiyak wiidiyata niwaradi....habai eka waradi kiyana tanata wadaa mama inne eka tamai pawathma kiyana tana indagena.....monawa unath godak honda nirmaanayak...
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ජීවිතය පුරාවට බොහෝ දුක් විඳින මිනිසුන්, ඔවුන්ගේ දුර්වලකම්, අමනකම් ගැන කෙරෙන අපූරු විග්‍රහයක් අයියා.

    බණ අහන රටක් - බණ කියන රටක් මෙහෙම වුනේ කොහොමද කියලත් හිතෙනවා.

    මට චූටි ඌණ පූර්ණයකුත් කරන්න හිතෙනවා කාරණා දෙකක් සම්බන්ධව.

    1.දෙපා නැත්තන් .....
    ඇත්ත මෙහෙම දේවල් වෙනවා. ඒක අන්තිම නරකයි. ඒත් හිඟන වෙසින් එන බොරු කාරයො හැම තැනම. බොහෝ අමාරුකම් මැද්දේ ජීවත් වෙන මධ්‍යම පාන්තික මිනිසුන්ට තමන් මහන්සියෙන් හරි හම්බ කළ මුදල හිඟන වෙසින් එන හැමෝටම දෙන්න ඉස්සෙල්ලා දෙපාරක් හිතන්න වෙනවා කියන එකත් සාධාරණයි නේද?

    2. බඩදරු අම්මා......
    මේකත් ඉතාම නරක තත්වයක්. ඒත් බඩදරු අම්මලාත් දරුවන් වඩාගත් අයත් බස් රියකට ගොඩවෙන්න කලින් පොඩ්ඩක් සදාචාරාත්මක වෙන්න ඕනි වෙලාවලුත් තියෙනවා. ලඟම බස් රථ ගමන් ආරම්භ කරන නගරයක් තියෙද්දි හෝල්ට් එකක් හෝ දෙකක් මෙහායින් බස් රථයට ගොඩවෙන එක නරකයි.
    මෙය මට පුද්ගලිකව ලැබුණු අත්දැකීමක්
    මං දවසක් පෝලිමේ ඉඳලා බස් එකක නැගලා ඉඳගෙන ආවේ ඒත් ඊලඟ හෝල්ට් එකෙන් දරුවෙක් වඩාගෙන කෙනෙක් නැග්ගා. මං ආසනය දීලා ආයෙත් නගරයට ගිහිල්ලා පෝලිමේ ඉඳලා ආවා. එදා මට ඒ තරම් හදිස්සියක් නැති වුනු නිසා හොඳයි. නැත්නම් එක්කෝ අමාරුවෙන් හිටගෙන එන්න වෙනවා. නැත්නම් අර මනුස්සයාව දැක්කේ නෑ වගේ ඉන්න වෙනවා. එයාලා චුට්ටක් අනිත් අය ගැන හිතලා නගරයට ගිහිං නැග්ගා නම් ඉවරයිනේ. මොකද ඒ අයට පෝලිං වල ඉන්න ඕනැත් නෑ.

    නිර්මාණය ඉතා අගෙයි රොන් අයියා.

    බොහොම ස්තුතියි මල්ලියගේ වටිනා අදහස් එකතු කිරීම ගැන..

    මෙහෙම එකකුත් තියෙනවා දෙපා නෑ කියන එකම දෙපා හොඳින් තියෙන අයට වඩා මොකුත් කරගන්න බැරි බවට හොඳම සාධකයක්නේ...සමහර විට ඒ තැනැත්තා අපි වෙනුවෙන්, රට ත්‍රස්තවාදයෙන් බේරා දීම වෙනුවෙන් දෙපා පුදකල කෙනෙක් වෙන්නත් පුලුවන්නේ..

    ඒ අඩුව පැහැදිලිව අපේ ඇස් දෙකට පේන බොරු කරන්න බැරි සංසිද්ධියක්නේ... එතැනදී බොරු කාරයෙක්ද ඇත්ත යාචකයෙක්ද සොයා බලනවාට වඩා බහුතරයකට තියෙන දෙයක් මෙ මිනිසාට නැහැනේ කියන පොඩි අනුකම්පාව තෙතමනය අප තුල නැති එකයි මං ඉස්මතු කලේ....

    බඩදරු අම්ම්ලගේ තත්වයෙත් මෙහෙම එකක් තියෙනවා.. සමහර අයට නගරයටම පයින් ඇවිදගෙන යන්න ඔය කාලයට අපහසුනේ..පහසුව සඳහා ලඟම තියෙන නැවතුම්පොලේ හිටන් ඉඳීමනේ පුරුද්ද..සමහර විට නගරයට යන්න තව බස් රථයකට දෙන මුදල ඉතිරි කරගන්න එහෙමත් නැත්නම් එහෙම මුදලක් අමතර වැය කරන්න ඇති නොහැකියාව වෙන්නත් පුලුවන්නේ..

    ඔය කෝක වෙතත් සමාජ සදාචාරය හා මිනිස්කම නම් අන්තයටම පිරිහී තිබෙන බව මං ඉතාම මෑතදී ලංකාවේ සිටි කාලය තුල මට ඉතා පැහැදිලිව හැඟී ගිය දෙයක්....එයයි මාව දිරිමත් කලේ මේ නිර්මානය ලියන්න...
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    රට යන අත තමයි ඉතින්
    බුදු බණ නිසයි පොඩි හරි control එකක් තියෙන්නෙ ..
    ඒකෙත් ආයුෂ අඩුවෙමින් යනව..
    කලු පාට ගැන ඉහළින්ම ලියල අයියන්ඩි.ජය :)

    කවදත් වගේ ගොඩාක් ස්තුතියි කිව්වා මල්ලියට....
     
    Jul 24, 2008
    1,633
    33
    0
    ketiyen kivoth godak sarthaka nirmanayak... godak hoda comment wagema adupadu ganath comment labeila thiyenne.. nirmanya thula yamak a ayata danuna nisa kiyala man viswasa karanawa..hoda deyak karana kenekuta gal muguru esawune ada eye nemei ne...lankawa gana lankawe minissu gana ayya ka gahanne hadawathe a minissunta thiyena adarya sha ape ratata thiyena adarayata kiyala man dakinawa oba nirmana thulin..eka ahabu deyak.. loku pin kamak.. ithin a dey thawa kalayak karagena yanna oba shakthiya, dirya.. wasanawa parthana karanawa!!! obata jaya Ron ayya!!!:D
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    "මිනිස් සිත් වල උල් පිහි...
    කටේ මල් හිනා"

    අපූරු නිර්මාණයක් රොන් අයියේ, වර්තමාන සමාජයේ දකින්න තියන ගොඩක් අය දමන් ඉන්න වෙස් මූණක්... :yes: ගොඩක් අය අදහන දෙවියන් සහ යථාර්තය අතර ඇති සැටියෙන් පෙන්වීමට ඔබ ගත් ප්‍රයන්තයට ස්තුතියි..

    මේ දෙය මගේ මගේම විතරයි අනිත් අයට හෙන ගැහුවත් මොකද මේක මගේම විතරයි කියලා හිතන් ඉන්න මානසිකත්වය (සාමන්‍ය වහරින් කියනවනම් තනියම බුදු වීමට යාම ) නිසා තමයි ඔය වගේ මානසිකතවයක් ඇති මිනිසුන් සමාජයට ඇවිත් සමාජයේ ඉන්න අනිකුත් අයටත් පිළිලයක් වෙන්නේ.මෙවැනි මිනිසුන් කොතරම් නම් අපි සමාජයේ ගැටෙනකොට අපිට එදිනදා මුණගැසෙනවද?

    හතර පෝයටම සිල් ගත්තත් කරන්නේ වැරදි වැඩ...කොතරම් පොත් කියෙව්වත් බණ ඇහුවත් වැඩක් නැහැ..තමන්ගේ අධ්‍යාත්මය ඒ විදියට හදා ගන්න උත්සාහ කරන්නේ නැත්නම්. හොද දෙයට හොද ප්‍රතිඵලයක් වගේම නරක දේයට නරක ප්‍රතිඵලයක් පසුවට හෝ ලැබේවි..ලෝ වැඩ සගරාවේත් තියනවනේ අයියේ...,, :D

    "කරන කලට පව් මිහිරිය මී සේ
    විඳින කලට දුක් දැඩිවෙයි ගිනි සේ"

    නිර්මාණය පිළිබඳ පමණක් නොවෙයි මුළු ජීවිතය ගැනම ආවර්ජනය කරල තමන්ගෙ ජීවිතය ගොඩනඟා ගත්ත විදිහ කුහකකමක් නැතිව මෙනෙහි කරන්න හැකි කෙනාට මෙලොව ජීව්තය විතරක් නෙවෙයි පරලොව ජීවිතයම යන දෙකම සාර්ථකයි.තමන්ට ඉහළට එන්න තමන් නිවරදියයි සිතාගෙන මිනිසුන්ට පීඩා කරන හැම දෙනාම අමතක කරල ඉහළින් වැජඹෙන ගුණමකුවන් ඕනෑ තරම් වටපිට බලන සැනින් දැක ගන්න පුළුවන්.

    ඒ හරියාව තාවකාලිකයි. දැන් ඇතැම් විට පව් කරන මිනිස්සුන්ටමයි හරි යන්නේ. මතුපිටින් එහෙම පෙනෙනවා.ඒත් ඇත්ත ඒක නෙමේයි

    "ළිප ගිනි මෙලවෙන තෙක් දිය සැලියේ
    සැපයක් යැයි කකුළුව දිය කෙළියේ"

    කොහොම වුනත් ඔහොම කරන ගොඩක් අයගේ සිත් ඇතුලට එබිල බැලුවම තමයි පේන්නේ ආත්මාර්ථකාමයෙන් පිරුණු නිකම් ම නිකම් හිස් කළයක් විතරයි කියලා.ජීවිතය විදවනවා..

    කාලොචිත නිර්මාණයක්. ඒත් මේතන ඉන්න කියෙන් කී දෙනෙක් මේක තියන යථාර්තය අරගෙන තමන්ගේ ජිවිතය හැඩගස්සවා ගනීවීද? :D

    වටිනා නිර්මාණයක්
    රෙප් +

    බොහොම ස්තුතියි නංගියා වටිනා අදහස් සහිත දිගු විස්තරයට....
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    'අනේ අපේ රට' ........ කාලෝචිත මාතෘකාවක් ඔස්සේ කල සාර්ථක නිර්මාණයක්

    රට දියුණු කරන්න කලින් අපේ මිනිස්සුන්ගෙ සාරධර්ම දියුණු කල යුතු බව ලංකාවෙ ගෙවපු පහුගිය මාස 3 තුල මටත් ඉතාම පැහැදිලි උනා. තමන්ගෙ අරමුණු ගැනම පමණක් හිතන රොබෝලා බවට පත් වෙලා බහුතරයක්. කුමක් හෝ කල යුතු කාලය නම් ඇවිත්, නැතිනම් අපේ රට ගොඩගන්නම බැරි අගාධයකට යාවි.

    ඉතාම හොඳ නිර්මාණයක් සහෝ ....... අදට ගැලපෙන වගේම හිත් පිත් නැති සමාජයට ගසන ලද අතුල් පහරක් ...... අපූරුයි

    ගොඩාරියක් ස්තුතියි නංගියා නිර්මානය අගය කලාට හා පලකල විස්තරාත්මක සටහනට...
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    නියමයි සහෝ.
    සාර්තක නිර්මාණයක්..
    අමාරුවෙන් අවබෝද කරගත්ත.
    දිගටම ලියන්න කියල ඉල්ලනව...
    :):):):)

    බොහොම ස්තුතියි සහෝදරයා
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ඇත්ත... නමුත් තනි තනිව අපි වෙනස් වෙනවා මිසක් අපිට පුළුවන්ද සමාජයම වෙනස් කරන්න. දැන් ඉන්නෙ අනක් ගුණක් නැති මිනිස්සු. ඒ අය බුදු හාමුදුරුවෝ කිව්ව බණවත් තේරෙන්නෙ නැතිව අපි කියන ඒවා අහයිද...

    නමුත් මේ නිර්මාණය එවන්නකට දරපු උත්සහයක් වගෙයි...

    සාර්ථකයි !

    පැහැදිලි වෙනසක සමාජ අවශ්‍යතාවය අප ඉදිරියේ පෙල ගැසී පණ අදිමින් අපෙන් අයැද සිටින මොහොතක් මේක ..තනි තනිව හෝ කංඩායම් වශයෙන් හෝ එම සත්ක්‍රියාවට දායක වීම අප සැමගේ පරම වගකීමයි...

    මේ ඒ වෙනුවෙන් කල පුංචි සටහනක්..

    බොහොම ස්තුතියි ඔබේ අදහස්වලට...
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ketiyen kivoth godak sarthaka nirmanayak... godak hoda comment wagema adupadu ganath comment labeila thiyenne.. nirmanya thula yamak a ayata danuna nisa kiyala man viswasa karanawa..hoda deyak karana kenekuta gal muguru esawune ada eye nemei ne...lankawa gana lankawe minissu gana ayya ka gahanne hadawathe a minissunta thiyena adarya sha ape ratata thiyena adarayata kiyala man dakinawa oba nirmana thulin..eka ahabu deyak.. loku pin kamak.. ithin a dey thawa kalayak karagena yanna oba shakthiya, dirya.. wasanawa parthana karanawa!!! obata jaya Ron ayya!!!:D

    නිර්මානයේ අන්තර්ගතයට අනුව තමයි ලැබෙන ප්‍රතිචාරත්...කෙනෙකුට මං හිතපු දෙයෙහි ලියපු දෙයෙහි වෙනසක් දකින්න ලැබුනා නම් හෝ කියන්න හිතුනා නම් ඒක තමයි මං අපේක්ෂා කරන්නේ.....මං හිතනවා එතකොට මං කියන්න හදපු දේ ජනතාව අතරට කෙලෙසකින් හෝ සේන්දු වී තිබෙන බව....

    මල්ලියාට ගොඩාක් ස්තුතියි අදහස් සවිස්තරාත්මකව දැක්වීම ගැන.......
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    doopath manasikathwayen pelena ayata me nirmaanaya rasawedeemata noheki weema gena mama kanagatu wenawa!
    wishishta nirmaanayak ron ayya!
    :yes:
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    wisteerna samajayak atule....honda naraka criticize karana eka samajayen apita labichcha anduru daayaadayak....minissu tamange jeewite saadaranikaranaya karanne jeewath wenna sankeerna hetu hoyanna....agamak wewaa jaatiyak wewaa.....minissu oya kiyana taran taram ananya widiyata wistara karanna puluwannam ada loke wenasma tanak....mehemai mama oya kiyana adahasa siddiyak widiyata piligannawa aiya.....habai eke tiyaa samajeeya karanaawa gana mage kiyaweema wenas....ada minissunge manasin wagema wachanayenuth pitata enne pranchansaawakata wada viwechanayak....api hamooma wiwechanayata aasai....minissu wiwechanaya karanne ai eka widiyakata eka minissunge tiyana pramodiya aashawak wenna puluwan....taman ganama windina pramodayak.....oya liwwa de siddiyak wiidiyata niwaradi....habai eka waradi kiyana tanata wadaa mama inne eka tamai pawathma kiyana tana indagena.....monawa unath godak honda nirmaanayak...

    දැන් මෙහෙමනේ මල්ලියා අපි එදා හිටපු සමාජයට වඩා අද තියෙන්නේ වෙනමම භෞතිකවාදය කර පින්නාගත් එහිම ඇලී ගැලී සිටින අනුන් ලවා තමන් හිතන විඟ්ජානයෙන් සමන්විත මිනිස් කොට්ඨාශයක් ඉන්න වට පිටාවක්නේ....

    ආනන්දයම ඉල්ලන ප්‍රග්ජාව පියවි සිහියෙන් ගිලිහුන සමාජයක්නේ..

    ඔතනදි මම අකාරුණීක නෑ විවේචනයක් විදිහට මේ සිදුවීම් මාලාව(නිර්මානය ගොඩ නගා තියෙන්නේ එක සිදුවීමක් මත නොවන් නිසා) ජනතාවට ඉදිරිපත් කරන්න..

    අර මල්ලි කිව්වා වගේ මේක මං ඉදිරිපත්කලේ ඔය මල්ලිගෙ වචනවලින්ම කියන පවතින පැවැත්ම ගැන දෙපාරක් හිතල බලන්න කියල කරන ඉල්ලීමක් හැටියටයි..

    දැන් යන පැවැත්ම ඕකයි කියල අපි එතන නතරවෙලා කූඩාරම් ගහලා ගිමන් හැරියොත් හෙටට ඉපදෙන සමාජයත් ඔය කූඩාරම ඇතුලෙම ඉඳගෙන අත් බැඳගෙන ඉඳීවි පැවැත්ම වෙනස් නොවෙන නිසා......

    හැම දෙයක්ම් සිත මුල් කරගෙන මනෝ රාජිකව උපදින සිතුවිලි දහරාවකින් පෝෂණය වෙන අපිට පුලුවන් වෙන්න ඕනෙ ඒ සිතුවිලිම වෙනස් අයුරකින් පැවැත්මේ සුබ සිද්ධිය පතා හසුරුවා ගන්න නැත්නම් හසුරුවා ගැනීමට ඇවැසි නායකත්වය වඩවා ගන්න..

    මං කරන්නේ එතැනට සෙනඟ තල්ලු කිරීම හා අද දවසට දිය හැකි ඉහලම නායකත්වය ඒ සද්කාරය උදෙසා සැපයීම පමණයි..

    මල්ලියට බොහොම ස්තුතියි දිගු අර්ථවත් විස්තරයකින් අදහස් දැක්වීම ගැන.....
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    doopath manasikathwayen pelena ayata me nirmaanaya rasawedeemata noheki weema gena mama kanagatu wenawa!
    wishishta nirmaanayak ron ayya!
    :yes:

    කවදත් වගේ සෝමදාස මල්ලියට ගොඩක් ස්තුතියි නිර්මානයට අදහස් දැක්වීම ගැන....
     
    • Like
    Reactions: ZurieL

    subashani

    Member
    Dec 15, 2009
    785
    45
    0
    COLOMBO
    ආගමකින් රටක් ජාතියක් නියමාකාරව ගොඩ නගන්න පුලුවන්.
    එත් වර්තමානයේ හැම දෙයක්ම වෙන්නෙ කන පිටට.

    මේ අත්දැකීම අයියට විතරක් නෙවෙයි ගොඩක් අයට ඇති.
    ඒ වගේම මේ වැරදි වලට හවුල් වුණ අයත් ඇති.

    අයියාගෙ නිර්මාණයේ අතිෂයොක්තියක් ඇත්තෙම නැහැ.
    සියල්ල යථාර්තයයි.

    සමාජයේ මෙ වැරදි හදන්න කලින් සියලුම ආගම් නියමාකාරව තිබිය යුතුයි.
    බුද්ධ පුත්‍රයන් යැයි කියා ගන්න අයම මේ වැරදි කරද්දි සමාජයෙ මේ වැරදි හරිගස්සන්නෙ කවුද?

    අගනා නිර්මාණයක් අයියෙ.
     
    රොන් අයියෙ මෙක හරි පුදුම ලොකයක්. මං මගෙ රට ගැන කතා කලොත් එක්කො මුංට මං ජති වදියා, ආගම ගැන කතා කලොත් මං ආගම් වාදියා, දුප්පත් කම ගැන කතා කලොත් මං දෙශපලන කාරයා,මුං අපිව හිර කරන්න යන්නෙ බය කරලා.ඉස්සර ඔවාට අපි බයයි එත්දැන්අපි නැගිටින්න ඔනෙ අයියෙ,මුං අපිට ජති වදියා කිවුවොත් අපි කියන්න ඔනෙ ඔවු යකො අපි ජති වාදි තමයි කියලා,නැත්තම් මුං අපිට ඉන්න දෙන්නෙ නැ,ඔයා ලියන්න මුං වගෙ හෙංචයියන්ට බැ අපිව නවත්තන්න සුභ පතනවා ඔයාට...
     
    ගොඩාරියක් ස්තුතියි නංගියගේ දිගු විස්තරයට හා වටිනා විචාරයට
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    රොන් අයියෙ මෙක හරි පුදුම ලොකයක්. මං මගෙ රට ගැන කතා කලොත් එක්කො මුංට මං ජති වදියා, ආගම ගැන කතා කලොත් මං ආගම් වාදියා, දුප්පත් කම ගැන කතා කලොත් මං දෙශපලන කාරයා,මුං අපිව හිර කරන්න යන්නෙ බය කරලා.ඉස්සර ඔවාට අපි බයයි එත්දැන්අපි නැගිටින්න ඔනෙ අයියෙ,මුං අපිට ජති වදියා කිවුවොත් අපි කියන්න ඔනෙ ඔවු යකො අපි ජති වාදි තමයි කියලා,නැත්තම් මුං අපිට ඉන්න දෙන්නෙ නැ,ඔයා ලියන්න මුං වගෙ හෙංචයියන්ට බැ අපිව නවත්තන්න සුභ පතනවා ඔයාට...

    බොහොම ස්තුතියි සුමුදු මල්ලියා ඔයාගේ ප්‍රබල දිරි ගැන්වීමට හා විචාරයට