බලධරයා විසින් ටාස්ක් මැනේජර් කපා දමයි

bokasimon

Well-known member
  • Dec 23, 2009
    3,469
    366
    83
    |TDM|Elakiri <3
    බලධරයා විසින් ටාස්ක් මැනේජර් කපා දමයි

    බලධරයා විසින් ටාස්ක් මැනේජර් කපා දමයි







    මම අද මේ කථා කරන්න යන්නේ වින්ඩෝස් එකස්.පී පරිශීලකයන් ගොඩාක් දෙනෙක් මේ වන විට මුහුන දුන්නු ප්‍රස්නයක් ගැන.


    බොහෝ විට අපි පරිගණකය භාවිතා කරද්දි ඔයා ටාස්ක් මැනේජර් කියන එක අපිට බොහෝම වැදගත් වෙනවනේටාපි ඒක ඕපන් කරගන්නේ (වින්ඩෝස් එකස්.පී) යතුරු තුනම එකට ඔබලනේ.ඒත් මේ වයිරස් එකක්ද මොකක්ද හින්දා සමහර වෙලාවට අපිට මෙන්න මෙහෙම පණිවිඩයක් දිස් වෙනවා.


    task-manager-has-been-disabled-by-the-administrator-error.png



    පණිවිඩයේ කියවෙනේ "බලධරයා විසින් ටාස්ක් මැනේජර් කපා දමයි" කියලනේ.ඕවට තමයි ඉතින් තද වෙන්නේ..ඇයි යකෝ අපේ එකට වෙන බළධරයෝ කොහෙන්ද.මොකද ඉන්න එකම එකා අපිනේ.(පුද්ගලික පරිගණක වල).ඉතින් මම අද කියලා දෙන්න යන්නේ මේක කොහොමද අයින් කරගන්නේ කියලා.


    1 ක්‍රමය-


    මේක නම් ටිකක් ලේසියි වගේ.මම පහත දීලා තියෙන ඇඩ්‍රස් එක ස්ටාර්ට්-->රන් එකට ගිහිල්ලා එකේ මම දුන්න එක කොටලා එන්ටර් යතුර ඔබන්න.[මම දුන්න එක කොපි කරලා(කොපි කරා කියලා මම ලකුණු කපන්නේ නෑනේ ඒ හින්දා අවුලක් නෑ :P) රන් එකට ගිහින් පේස්ට්(අලවන්න :P) කරන්න.]

    REG add HKCU\Software\Microsoft\Windows\CurrentVersion\Policies\System /v DisableTaskMgr /t REG_DWORD /d 0 /f




    2 ක්‍රමය-


    *ස්ටාර්ට්-->රන් එකට ගිහිල්ලා Regedit.exe කියලා කොටලා එන්ටර් යතුර ඔබන්න.
    *එතකොට වින්ඩෝස් වල රෙජිස්ට්‍රාර් කාර්යාලය :P විවෘත වෙනවා.
    *ඒක විවෘත උනාට පස්සේ මෙන්න මෙතනට යන්න.

    HKEY_CURRENT_USER \ Software \ Microsoft \ Windows \ CurrentVersion \ Policies\ System

    *ඔතන ඇති DisableTaskMgr කියලා අගයක්.
    *ඒක මකලා දාන්න.ඊට පස්සේ රෙජිස්ට්‍රාර් කාර්යාලය වහලා දාන්න. :-)




    3 ක්‍රමය-


    *ස්ටාර්ට්-->රන් එකට ගිහිල්ලා gpedit.msc කියලා කොටලා එන්ටර් යතුර ඔබන්න.
    *එතකොට ඔන්න පොලිසියක්ද මොකක්ද විවෘත වෙනවා කියන්නේ(පොලිස් කිව්වට බය වෙන්න එපා.:P පොලිස්ම නෙවි.හික්ස්..)
    *ඒක විවෘත උනාට පස්සේ මෙන්න මෙතනට යන්න.

    User Configuration / Administrative Templates / System / Ctrl+Alt+Delete Options / Remove Task Manager

    *එතන තියෙන Remove Task Manager
    කියන එක විවෘත කරලා එකේ Disabled කියන විකල්පය තෝරන්න.
    *ඊට පස්සේ ඉතින් ඇප්ලයි ඕකේ කරලා ඒක වහලා දාන්න.




    ඔහොම කරලා බලන්නකෝ වැඩේ අනිවා හරි යයි.ඔන්න ගිය සැරේ වින්ඩෝස් 7 තමයි කස්ටිය වැඩියෙන් පවිච්චි කරන්නේ කිව්වාම ශාකුන්තල අයියා මගේ ඇඟට පැන්නනේ(හික්ස්.. :P) ඒක නිසා මම හිතුවා මේ සැරේ වින්ඩෝස් ‍එක්ස්.පී.ගැන පොඩ්ඩක් කථා කරන්න.ආහ්...කියන්න අමතක උනා.සමහරු කියනවනේ හැකින් පන්තිය උනාට හැකින් අඩුයි කියලා.ඔන්න ලගදිම හොද වැඩක් බලාපොරොත්තු වෙන්නකෝ.තාම ඒක අත්හදාබැලීමේ තත්වයේ තියෙන්නේ.මේක පොඩි ලාබාල හැකින් වැඩක් නෙවෙයි.එළකිරි වැඩක් කිව්වොත් හරියටම හරි.ඒ වගේම හැකින් වැඩ කරන අයට වැදගත් වෙන සේවාවක් පටන් ගන්නත් අදහසක් තියෙනවා..වැඩි විස්තර ඉදිරියේදි කියන්නම්කෝ...


    කියවලා බලලා කොමෙන්ට් එකකුත් දලා යන්න

    rep dappan machan la please


    මුලාශ්‍ර-hackingclz.blogspot.com/

     

    bandar

    Member
    Nov 23, 2009
    21
    2
    0
    kohomada ainkarannne 'you may be a victim of software counterfeiting' tag aka? saha screen kalu background aka? sthuuthii machan
     

    cooludara

    Active member
  • Oct 3, 2008
    1,660
    9
    38
    Little italy
    akurak nara copy karala thiyenawa..

    habai hoda wade kiyanne.... gaththa thana link eka damma eka.. but ekath tikak lokuwata dhanako :P
     
    Last edited: