අපේ කර පිටින් ගොස් සියලු සැප සම්පත් විඳිනා දේශපාලුවන් අපටම පෙරලා කොකා පෙන්වීමක් ගැන වෙන්න ඕනෙ මේ කෙටි නිසදැස..
එතනදී නිර්මානකරුවා කියනවා බස් තියෙද්දී ඇයි අපි පයින් යන්නේ කියලා..මං හිතන්නේ ජනතාව වශයෙන් අපිට ජන්ද බලය තියෙද්දී ඔවැනි නරුමයෝ ඇයි අපි නැවතත් පත් කරගන්නේ වගේ අදහසක් තමයි එයින් මට හැඟෙන්නේ..
බලමු නිර්මානකරුවාම ඔහුගේ හිතේ ඇතිවු නිමිත්ත අපිට එලි දක්වනකම්...
කාටත් හිතන්න හිත හා මොලය දිරි ගැන්වූ අගනා නිසදැසක්...
දිගටම ලියන්න..ඔබට ජය....
අයියා කියපු දේත් සහතික ඇත්ත , මම මෙන්න මෙහෙම දේකුත් අදහස් කලා , අපිට ඉදිරිරියට යන්න , දියුණු වෙන්න ක්රම වේදයන් තියෙද්දි ඇයි අපි යල් පැනගිය ඒවල එල්ලිලා වැඩි කාලයක් ඒ සදහා යොදවන්නේ කියන කාරණාව. තාක්ෂණය කියන දේත් එකතු කරගන්න පුලුවන් මෙතනට.


