Udaya Cleaning Center

maxi boy

Well-known member
  • Jan 22, 2010
    1,394
    85
    48
    39
    මේ පුංචි රටේ..
    ඔන්න උදය කියල හාදයෙක් හිටියා. පොර ජොබ් එකක් කෙරුවෙ නෑ. ඒක නිසා තමන්ගෙම බිස්නස් එකක් පටන් ගන්නව කියල හිතාගෙන ලොන්ඩරියක් දැම්මා. මෑන්ගෙ නම් උදය නිසා නම දැම්මෙ "Udaya Cleaning Center" කියලා.

    ඔන්න ඉතින් බිස්නස් එක පටන් අරගෙන හොදට කරගෙන ගියා. මෙන්න බොලේ එක දවසක් උදේ පාන්දර වැඩ පටන් ගත්ත ගමන්ම මෑන් කෙනෙක් ඇවිල්ලා උදයගෙන් මෙහෙම ඇහුවා. "මල්ලි, මම ටොයිලට් එකට ගියා. පස්ස පොඩ්ඩක් හෝද ගන්න පුලුවන්ද? " උදේ පාන්දරම මේ අහපු කතාවෙන් උදයට අම්බානක තද වුනා.ආපු මෑන්ගෙ හත්මුතු පරම්පරාවටම පොර බැන්නා.එතකොට ආපු මෑන් ඇහුවා " එහෙනම් මේ බෝඩ් ගහගෙන ඉන්නෙ මගුලටද" කියලා. ඊට පස්සෙ එළියට බැහැල බෝඩ් එක බලපු උදයට තරු පෙනුනා.

    කවුද මන්දා ඇට්ටරයෙක් Udaya Cleaning Center කියන එකේ Udaya කියන වචනෙ ඉස්සරහට "G" අකුරක් දාලා...
     
    • Like
    Reactions: somadasa and Shan D