මං හොද එකා කතා පුවත

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    මං හොද එකා කතා පුවත


    මේක නම් සිරාම කතාවක්. හිනා යන්නෙ නං නෑ ඕං. අපේ ගෙට අල්ලපු ගෙදර තියෙනවනෙ. ඒ ගෙටත් අල්ලපු ගෙයක් තියෙනව. ආං ඒ ගෙදර ඉන්නව අල්මාරිස් කියල ෆට්ට බුවෙක්. මේකනෙ සීන් එක ගෙදර උගෙ උනාට ජීවිතෙං හතරෙං තුනක් ම ඒකා ඉන්නෙ එක එක ගුබ්බෑයං වල, බෝක්කු මත හෝ බෝක්කු යට, එහෙමත් නැත්තං ලදු කැලෑ අස්සෙ. කලාතුරකින් හරි ගෙදර ඉන්නව නම් ඒ ඉන්නෙ මේක කණ පැලෙන්ට බීල, කාණු පල්ලක පත බෑවිල , මුගෙ අංගෝපාංග සුං කරගෙන, ඇද පල්ලෙ බුදියගෙන තමා. අර 3 Idiots එකෙ all is well වගෙ, නිතර කියන වගන්තියක් තියෙනව. මුත් මන්තරයක් වගෙ නිතර කියනව "මං හොද එකා..මං හොද එකා.." කියල. ඔව් ඉතින් මේකගෙ හොදකං ඔක්කොම ගමේ උනුත් හොදටම දන්නවනෙ. ඕං ඉතින් දවසක් මූ නැතිවෙන්ට බීල, කබරය දදා එනවලු වැනි වැනී. ඔය අතරෙ පාරෙ හිටපු බල්ලෙ මුට ලාවට "බව් බවූං" ගාල තියෙනව. මුට තදවුන පාර මූ "හිටු ගෙරි බල්ල..මං තොට..@$$%$%^$$!" කියල හොදවයිං පයින් පාරක් දීල තියෙනව ඒ බල්ලට. බල්ලත් හැරුන ගමන් අල්මාරිසාගෙ ඇගට පැනල දකුණු අණ්ඩෙන් පලුවක්ම අරන්. ඒ දැකපු වටේ හිටපු මිනිස්සු ටික ගල් ගහල බල්ලව එලවල. ඒ ගමන ඒ දුවන බල්ලට පස්ස පෙන්න පෙන්න අල්මාරිසා කියනවලු...."අනේ මෝඩ බල්ලො, තෝ දැනගනින් තොට පයින් ගැහුවෙ මේ ගමේම ඉන්න හොදම එකා යකෝ. එහෙව් එකානෙ තෝ හපා කෑවෙ. මං හොද එකා..යකෝ..මං හොද එකා.." කියල. එන්න ඒ අල්මාරිසා තමයි මේ,

    හීනෙන් කියෙව්වත්,
    උඹලටම බැන්නත්..
    උඹල මට බැන්නත්,
    ඇනුම් පද කිව්වත්..
    කට පුරා බිව්වත්,
    ඒ වගේ හිටියත්...
    රස්තියා ගැහුවත්,
    මල් දෙකක් ගැහුවත් ...
    හතට ගෙදරට සැපත්,
    අටට නින්දට සැපත්,
    නොවන කාටත් බරක්..
    ලොවෙත් නෑ බොලව්නේ,
    මං වගේ
    හොද එකෙක්..:P








    සියලු හිමිකම් ඇවිරිණි. අයිතිය ~#TakurZ#~ සතුය.
     
    Last edited:
    • Like
    Reactions: thilangr8

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    onna idala idala ahuuna naraka ekek:P

    ahu unata kamak na
    katawath wadiya kiyanna yanna epa :P

    niyamai kathawa
    11.gif
    11.gif

    ela