Maestro Wijerathna Ranathunga

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,716
    1
    4,803
    113
    40
    හත් ඉලව්වෙ!
    16580303.png

    තබ්ලාව, හින්දුස්තානී නර්තන කලාවේ එන කතකඃ නර්තන ශෛල්‍යයට අදාලව ප්‍රමුඛ ස්ථානයක් හිමිකරගන්නා වාද්‍ය භාණ්ඩයකි.ගීතයක තිබිය යුතු තාලය, ගැම්ම පවත්වාගෙන යාමට තබ්ලාව නැමැති භාණ්ඩයට හොඳ හැකියාවක් ඇත.එම නිසා ඉන්දියාව මෙන්ම ලංකාවේද බොහෝ දෙනාගේ රිද්ම රටාවන් හා බැඳී පවතින වාද්‍ය භාණ්ඩයක් ලෙස තබ්ලාව හැඳින්විය හැකිය.

    ඔබලා මේ වනවිටත් නරඹා ඇති චිත්‍රපට දෙකක් උදාහරණයට ගෙන බලන්න.

    1.Mangal Pandey (2005) හි Main Vari Vari නැමැති ගීතය
    2.Umrao Jann (2006) හි Pooch Rahe Hai Poonchnewale නැමැති ගීතය

    මෙවැනි ගීත ප්‍රචලිත වීමට තබ්ලාව මහඟු පිටුවහලක් දී ඇත.මෙම ගීතවල ප්‍රමුඛ කොට ඇත්තේද එම භාණ්ඩයයි.ඉන්දියාවේ ප්‍රචලිත නමුත් ලංකාවේ ඒතරම්ම ප්‍රචලිත නොවූ තබ්ලාව ප්‍රචලිත කර එම භාණ්ඩයට වාදනය කිරීමට තරුණ, ළමා හදවත් පුබුදු කල අපේ නිපුන් කලාකරුවෙක් ලෙස විජේරත්න රණතුංගයන් නම් කල හැකියි.හුදෙක් රාගධාරී තලයේම නොරැඳී සරල ගී සඳහා ඔබින ආකාරයට තබ්ල පද නිර්මාණයෙහිලා විශාල හැකියාවක් ප්‍රගුන කල දක්ෂ වාදන ශිල්පියෙකි.


    dilrasantablaelakiri.png

    තබ්ලාවෙන් කොඉතරම් හඬ උද්දීපනය කල හැකිද යන්න මනාවට පෙන්වාදුන් මොහු පර්යේශණාත්මක නිර්මාණකරනය සඳහාද තබ්ලාව උපයෝගී කරගත්තේය.ගීතවල මොහුගේ වාදනය මේ වෙන් කවරෙකුත් නොව මේ මොහුගේම වාදනයක් වේ යැයි වෙන් කර හඳුනාගත හැකි තරම් දියුණු මට්ටමක පවතී.

    1.අතීතය සිහිනයක් පමණයි - කරුණාරත්න දිවුල්ගනේ
    2.තනිවෙන්නට මගේ ලොවේ - වික්ටර් රත්නායක
    3.මාරම්බරී - එඩ්වඩ් ජයකොඩි

    ඒතරම් සුමට මියුරු තාල මවන්නට මොහුතුල ඇත්තේ මනා හැකියාවකි.ලංකාවේ අංක එකේ තබ්ලා වදන ශිල්පියා නිතර්කයෙන්ම මොහුයි.ඉහතින් සඳහන් කල ගීතවල ලංකාවේ සංගීතයට හඳුන්වාදුන් තබ්ලා අලංකරණයන්ද අඩංගුයි.එම අලංකරණයන් වෙනත් තබ්ලා වාදකයෙකුට ලෙහෙසියෙන් අනුගමනය කල හැකි ඒවාද නොවේ.එමනිසා එවන් ලක්ෂණ අඩංඟු ගීත වෙන් කර හඳුනාගත් හැකියි.තබ්ලාව මූලික කරගෙන නිර්මාණය වූ බොහෝ ගීත පටිගත කිරීම සඳහා විජේරත්නයන් මිස වෙන අන් අයෙකු නොකැඳවන්නේ ඒ විශේෂතාවය කවුරුත් හොඳින් හඳුනන නිසයි.


    මොහුගේ දශක හතරක් වැනි සංගීත ජිවිතය තුල සිදුකරන ලද පර්යේශණ මඟින් දේශීය වාදන භාණ්ඩ වල නාදයන් තබ්ලාව තුලින් ජනිත කල හැකි අපූරුව පෙන්වාදී ඇත.උඩැක්කිය,තම්මැට්ටම, යක්බෙරයේ යම් යම් හන්ඩ පවා මේ ආකාරයෙන් තබ්ලාවෙන් උද්දීපනයකර ඇත.
    වැස්සේ ඇති සියුම් නාදය,වැස්ස ක්‍රමක්‍රමයෙන් වැඩි වෙද්දී ඇතිවන නාද රටාවන් සියුම්ව ග්‍රහනය කොට ඒවා තබ්ලාවෙන් ඉදිරිපත් කරන්නට තරම් දක්ෂතාවයක් මොහුට ඇත.එවන් හැකියාවන් මුසුකොට විවිධ සන්ධ්වනි නිර්මාණය කරන්නට මොහු සමත් විය.ඒ අනුව ලාංකීය සංගීත කලාව වෙනුවෙන් මෙතුමා කර ඇත්තේ අද්විතීය සේවයකි.


    dilrasanthablaelakirion.png

    විජේරත්න රණතුංගයන් ජාත්‍යන්තර ප්‍රසාදයට පවා ලක්වු වාදන ශිල්පියෙකි.ඉතාලිය,ජර්මනිය,ප්‍රංශය,එංගලන්තය හා ඕස්ට්‍රේලියාව යනාදී රටවලදී මහත් ජනප්‍රසාදයට ලක්වූ ප්‍රසංග වලට සහභාගී වීමට වාසනාව හිමි කරගත්තේය.අප්‍රේල් 9, 2000 දිනදී ඉතාලියේදී රණතුංගයන් විශේෂ නිපුනතා සම්මානයකින් පවා පිදුම් ලැබුවේය.මෙතුමාගේ සාර්ථක විදෙස් සංචාර අතර රෝහණ වීරසිංහයන් ( ප්‍රවීන සංගීතඥ ) සමඟ කල Sidney Opera House සංචාරයත් ප්‍රදීප් රත්නායකයන් ( ප්‍රවීන සිතාර් වාදන ශිල්පී ) සමඟ කල Disney Land Theatre සංචාරයත් විශේෂ තැනක් උසුලයි.

    dilrasanelakiritabla.png


    dilrasantablawithelakir.png

    මහරගම මධ්‍ය මහා විද්‍යාලයෙන් ශිල්ප හැදෑරූ මෙතුමා 1976 දී ලලිත කලායතනයෙන් තබ්ලා වාදනයත් ගායනයත් සම්බන්ධව වසරක පාඨාමාලාවක් සම්පූර්ණ කලේය.ඔහුගේ මුල් සංගීත ගුරුවරයා අප අතරින් දැනට වෙන්වී ඇති ප්‍රවීන සංගීතඥ ප්‍රේමසිරි කේමදාසයන්ය.මීට අමතරව සංගීත් නිපුන් P.V. නන්දසිරි,D.R‍.පීරිස්,A.D.කොඩිතුවක්කු සඳහන් කල හැකියි.
    වික්ටර් රත්නායක,මර්වින් පෙරේරා,අමරසිරි පීරිස්,සුජාතා අත්තනායක මෙතුමන් හා සමගාමී කලා ශිල්පීන්ය.


    dilrasanelakiri.png

    විශාරද නිර්මලා රණතුංග විජේරත්න රණතුංගයන්ගේ දයාබර බිරිඳයි.සෙව්වන්දී රණතුංග ( ගායිකා )සහ නුවන් චාමර ඔහුගේ දුව සහ පුතායි.ඔහුගේ පවුල කලාවට බර වීම ඔහුගේ සංගීත දිවියට මහත් රුකුලක් විය.විජේරත්නයන් සංගීතය නිර්මාණය කරන ලද නිර්මලා රණතුංගයන් විසින් ගායනා කරන ලද ගීත කීපයක්ම දැනටත් අප ආසාවෙන් රසවිඳින ඒවායි.ගලන ගලන දොල පාරේ,සිනා මල් ගොඩක් ඒ අතර වේ.
    රණතුංගයන් මේ වන විට දෘශ්‍ය හා රංග කලායතනයේ ප්‍රවීන දේශකයෙකු හැටියට සේවය කරමින් සිටී.එමෙන්ම නිර්මලා රණතුංගයන් හා විජේරත්න රණතුංගයන් සංගීතය හදාරන සිසු සිසුවියනට ශිල්පය උගන්වමින් කලාවේ අභිවුරුධිය වෙනුවෙන් හැකි උපරිමයෙන් කටයුතු කරමින් සිටී.මෙතුමාගෙන් තබ්ලාව වාදනය හැදෑරීම සඳහා විශාල ඉල්ලුමක්ද පවතී.
    කලා ලොවේ තව තවත් බැබලෙමින් ඉදිරියටත් විශාල සේවාවක් ඉටු කිරීමට මෙතුමන්ට ශක්තිය ලැබේවා..!


    ___________________________
    උපුටා ගැනීමක් නොවේ.සේවයක් කල කලාකරුවෙකු ඇගයීමකි.අදහසක් පළකර යන්නට අමතක නොකරන්න.ලිපිය කියැවූ සැමට ස්තූතියි....!
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    atthatma hugaak watina mehewarak meyka.Api sharukhan,amir kan kiya kiya pirata inna onnama kalakaruwekge sereppu hodanakota apey kalaakaruwo gana winadiyakwath hithannaha..mey wagey threads uparima agayeemata lakkaranawa mama ihalinma.mey thread eka gana wisthra eey kalaakaruwanth dannanna puluwannam, hugaak hodai,

    Thnxx machan.
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,716
    1
    4,803
    113
    40
    හත් ඉලව්වෙ!
    atthatma hugaak watina mehewarak meyka.Api sharukhan,amir kan kiya kiya pirata inna onnama kalakaruwekge sereppu hodanakota apey kalaakaruwo gana winadiyakwath hithannaha..mey wagey threads uparima agayeemata lakkaranawa mama ihalinma.mey thread eka gana wisthra eey kalaakaruwanth dannanna puluwannam, hugaak hodai,

    Thnxx machan.

    Thx Alot machan..:D


    Great Post Bro .. :) Rep + ;)

    thx machan..:D


    Niyamai... rep added

    good post..:D
    thnx for sharing...:D

    very gud thread +3 reps for u

    thx Guys for The Comments and Support.....:D
     
    • Like
    Reactions: sandun_kg

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,716
    1
    4,803
    113
    40
    හත් ඉලව්වෙ!
    Nice Post Bro :D

    nice :D thnx


    Good Work Bro
    Keep It Up
    Hoda Wedak

    Nice thread
    You must spread some Reputation around before giving it to dilrasan again.

    good thread macho.. +

    really great post mahcan :)

    great post bro superb

    thx friends..:D

    He is a maestro... and u are a master for posting a thread like this
    Nice post....
    +4 reps added

    thx alot..:D
     

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    මේ හූය ඉතාම වටිනව. අපගේ ප්‍රවීණ කලාකරුවන් ගැන මෙවැනි තොරතුරු සියළු දෙනාගේ දැනගැනීම සඳහා ඉදිරිපත් කිරීම ගැන ඔබට මගේ ප්‍රණාමය.
    තවත් කලාකරුවන් ගැන මෙවැනිම තොරතුරු මේ හූයටම එක් කිරීම සුදුසුයි. මමත් සහයෝගය දෙන්නම්.

    :):)