ඔය ඉහල පින්තූරයේ තියෙන්නේ මන්නාරම් කෝච්චි පාලම. අවජාතක කොටින්ගේ කාලකන්නි වැඩක්. කොටි ත්රස්තයෝ ලංකාවේ දුම්රිය මාර්ග පද්ධතියෙන් නැති කරපු තවත් කි.මී. 110ක් තමයි මැදවච්චියේ ඉඳලා තලේමන්නාරමට වෙනකන් කෝච්චි පාර.
බොහෝම සතුටු හිතෙන කාරණයක් කියන්න ඕනා. උතුරු මිතුරු යාපනය දක්වා යාල්දේවී කෝච්චිය ධාවනය කරන වැඩ පිළිවෙල ගැන මම ත්රෙඩ් 2ක් දැම්මා මතක ඇති. ඒ වගේම තලේ මන්නාරම දක්වා මැදවච්චියේ සිට දුම්රිය මාර්ගයේ වැඩ කටයුතුත් ආරම්භ කිරීමට රජය තීරණය කරලා. මේ වැඩ කටයුතු අධියර දෙකකින් කරගෙන යන්න තමයි තීරණය වෙලා තියෙන්නේ. පළමු පියවර මැදවච්චියේ සිට මඩු දක්වාත් දෙවැනි පියවර මඩු සිට තලේමන්නාරම දක්වාත් ලෙසයි. සම්පූර්ණ දුර කි.මී. 110ක්. පාලම් 6ක් හා දුම්රිය ස්ථාන 6ක් ඉදිකිරීමට යෝජිතයි. පළමු දියර 2011 වසර අවසානය වෙනකොට නිම කරන්නට තමයි අදහස් කරගෙන ඉන්නේ. සම්පුර්ණ මාර්ගය මාස 30කින් නිම කරන්නට තමයි උත්සහය. බොහෝම සන්තෝසයට කාරණයක් මේක.
සියලුම වැඩ කටයුතු ඉතාමත් සාර්ථකව ඉක්මනින් නිමකරන්නට ලැබේවා කියලා එලකිරි අපි හැමෝම එක සිතුන් ප්රාර්ථනා කරමු.



මේ තියෙන්නේ මඩකලමු දුම්රිය පාලම.
මේ චෙඩ්ඩිකුලම් දුම්රිය ස්ථානය අද තත්වය.
මඩු. මන්නාරම් මාර්ගයේ සන්ධිස්ථානයක්.
මන්නාරම දුම්රිය ස්ථානය. ඉක්මනින් ගොඩනගලා දුම්රිය සේවය ආරම්භ කරන්නට හැකිවේවා කියලා ප්රාර්ථනා කරමු.
අවසානයට තව එක දෙයක් කියන්න ඕනා. තලේමන්නාරම් දුම්රිය මාර්ගය කියන්නේ ඉන්දු ශ්රී ලංකා මිත්රත්වයේ දුම්රිය මාර්ගය. අතීතයේ ඉන්දියා - ශ්රී ලංකා දුම්රිය සේවයක් (දනුශ්කෝඩි සිට තලේමන්නාරම දක්වා) ධාවනය වූ බව කියවෙනවා. තලේමන්නාරමේ සිට ඉන්දියාව දක්වා බෝට්ටු මගින් මගීන් ප්රවාහනය කල බව කිය වෙනවා. ඒ පිළිබඳ වටිනා සාධකයක් මට හමු උනා. ඒ ඡායාරූපයත් ඔයාලා එක්ක බෙදාගන්න ගමන් මම නවතිනවා.
මේ තියෙන්නේ තලේමන්නාරම් ජැටිය 1982 වසරේ. ඔය තියෙන්නේ M4 Locomotive එකක්. බොහොම වටිනා ඡායාරූපයක්. මට අහම්බෙන් හම්බවුනේ.
ඔයාලාගේ අදහස් දැනගන්නට කැමතියි.





